අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Kirsten Holmberg

කර්ස්ටන් හොම්බර්ග්

..

කර්ස්ටන් හොම්බර්ග් විසින් රචිත ලිපි

දෙවියන්වහන්සේගේ හස්තය මත

දහ අට වන වසර මගේ දියණියගේ ජීවිතයට නව යුගයක් උදා කළේය. නිත්‍යානුකූලව වැඩිහිටියෙක් බවට පත් වූ ඇයට එන්නාවූ ඡන්දයේදී ඡන්දය දීමට හැකියාව ලැබේ. උසස් විදුහලෙන් පිටවූ විගස ඇය ජීවිතයට පා තබනු ඇත. මේ වෙනස මා තුළ යම් කලබලකාරී ස්වභාවයක් ඇති කළේය. ඒ තනිවම ලෝකයට මුහුණ දීමට ඇයට අවශ්‍ය ප්‍රඥාව එනම් මූල්‍ය කළමනාකරණය, ලෝකයේ කාරණාවලට අවධානයෙන් සිටීම සහ ස්ථිර තීිරණ ගැනීම…

ඇදහිල්ලේ බීජ

පසුගිය වසන්තයේ, අපේ ගෙවත්තේ තණ පිටියේ පස පෙරලීමට සැලසුම් කළ දිනට පෙර දින රාත්‍රියේදී, ප්‍රචණ්ඩ සුළි කුණාටුවකින් අපේ මේපල් ගසේ බීජ එක සැනින් ගනසාගෙ ගියේය. ඉතින් පස පෙරලන යන්ත්‍රය අධික ලෙස තද වී තිබූ පස කඩා දැමූ විට කුඩා “ඇට සහිත මේපල් මද” ඇඹරී මිදුල පුරා ගියේය. එයින් මගේ මිදුලේ මේපල් බීජ සිය ගණනක් රෝපණය වූයේය. සති දෙකකට පසුව, මගේ…

මැවිල්ල සොයා ගැනීම

යුරෝපයටත් ආසියාවටත් මැද පිහිටා ඇති ජෝර්ජීයාවේ කෘබෙරා-වොරොන්ජා යනු පෘථිවියේ මෙතෙක් ගවේෂණය කර ඇති ගැඹුරුම ගුහා වලින් එකකි. එහි බොහෝ දුරට සිරස් අතට ඇති ගුහා අඳුරු හා බියකරු වන අතර මීටර් 2,197 ක් දක්වා ගැඹුරට ගවේෂකයන් කණ්ඩායමක් ගවේෂණය කර ඇත - එනම් පෘථිවියට අඩි 7,208 ක් ගැඹුරටය. මේ හා සමාන ගුහා, ඒවායින් හාරසියයක් පමණ, රටේ අනෙකුත් ප්‍රදේශවල සහ ලොව පුරා පවතී.…

ගැඹුරු සුවය

2020 පාස්කු ඉරිදා, බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයට ඉහළින් පිහිටි සුප්‍රසිද්ධ “ක්‍රිස්තුස් නම් මිදුම්කරු” ප්‍රතිමාව, පාට පාට විදුලි පන්දම් වලින් ආලෝකමත් කරන ලද්දේ යේසුස්වහන්සේ වෛද්‍යවරයෙකුගේ ඇඳුමෙන් සැරසී සිටින ආකාරයෙනි. ක්‍රිස්තුන්වහන්සේ වෛද්‍යවරයෙකු ලෙස විචිත්‍රවත් ලෙස නිරූපණය කිරීම කොරෝනා වයිරස් වසංගතයට එරෙහිව සටන් කරමින් සිටි බොහෝ ඉදිරිපෙල සෞඛ්‍ය සේවකයින්ට උපහාරයක් විය. අපගේ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයා යන යේසුස්වහන්සේ පිළිබඳ පොදු විස්තරය, මෙම නිරූපණය ජීවමාන…

සංගීත වෛද්‍ය ක්‍රමය

ඇමෙරිකාවේ උතුරු ඩැකෝටා හි පිළිකාවක් හේතුවෙන් පස් හැවිරිදි බෙලා නමැති දැරිය රෝහල් ගත කළ විට, ඇයගේ ප්‍රතිකාරයේ කොටසක් ලෙස ඇයට සංගීත ප්‍රතිකාර ලබා දෙන ලදී. තමන්ගේ මනසට සංගීතයේ ප්‍රබල බලපෑම බොහෝ අය අත් විඳ තිබුණත්, එයට හේතුව නිවැරදිව වටහා නොගෙන තිබුණ අතර, පර්යේෂකයන් මෑතකදී එයින් ලැබෙන සායනික ප්‍රතිලාභයන් ලේඛනගත කර ඇත. බෙලා වැනි පිළිකා රෝගීන්ට සහ පාකින්සන් රෝගයෙන්, ඩිමෙන්ශියාවෙන් සහ…

ඔබේ හදවත ආරක්ෂා කර ගන්න

හංගේරියානු ජාතික ගණිතඥයෙකු වන ඒබ්‍රෑහැම් වෝල්ඩ් 1938 දී එක්සත් ජනපදයට පැමිණීමෙන් පසු දෙවන ලෝක යුද්ධයේ ක්‍රියාන්විතයන් සඳහා ඔහුගේ කුසලතා ලබා දුන්නේය. හමුදාව තම ගුවන් යානා සතුරු ප්‍රහාරයෙන් ආරක්ෂා කර ගැනීමට ක්‍රම සොයමින් සිටියේය. මෙය සඳහා වෝල්ඩ් සහ සංඛ්‍යාන පර්යේෂණ කණ්ඩායමේ ඔහුගේ සගයන්ට සතුරු ප්‍රහාරයෙන් ආරක්ෂා වීම සඳහා මිලිටරි ගුවන් යානා වඩා හොඳින් ආරක්ෂා කරන්නේ කෙසේදැයි සොයා බැලීමේ මෙම කාර්ය භාර…

කැදලි (කූඩු) ඇති ස්ථානයක්

සෑන්(ඞ්) මාර්ටින් යනු වැහිලිහිණියාට සම්බන්ධ කුඩා පක්ෂීන් විශේෂයක් වන අතර උන් ගං ඉවුර හාරා උන්ගේ කූඩු තනා ගනී. ගිණිකොන එංගලන්තයේ ඉඩම් සංවර්ධනය නිසා උන්ගේ වාසස්ථාන අඩු වූ අතර සෑම වසරකම ශීත ඍතුවේ සංක්‍රමණයෙන් ආපසු පැමිණෙන විට මෙම පක්ෂින්ට කූඩු සෑදීමට ස්ථාන අඩු විය. ප්‍රදේශයේ සංරක්ෂකයින් ක්‍රියාත්මක වෙමින් උන්ව පදිංචි කිරීම සඳහා දැවැන්ත කෘත්‍රිම වැලි බැම්මක් ඉදි කළහ. වැලි නිර්මාණ කරන…

එකම ආකාරයට ස්පන්දනය වීම

මැවීමේ ආරම්භයේ සිටම කතාන්දර මිනිසුන්ව ආකර්ශණය කර ගත්තේය. එනම්, මෙම කථා ලිඛිත භාෂාව පැවතීමට බොහෝ කලකට පෙර දැනුම බෙදා හැරීමේ මාර්ගයක් ලෙස ක්‍රියා කළේය. කතාන්දරයක් ඇසීමෙන් හෝ කියවීමෙන් සහ “එකමත් එක රටක” වැනි ආරම්භක පේළි වලින්, වහාම ඇති වන සතුට අපි කවුරුත් දනිමු. කතාවක බලය හුදු රසවින්දනයෙන් ඔබ්බට විහිදෙන බව පෙනේ: එනම්, අපි එකට කතාවකට සවන් දෙන විට, අපගේ හද…

තල්මහ ආච්චි අම්මා

පර්යේෂකයන් විසින් “ග්‍රැනී” එනම් ආච්චි අම්මා ලෙස නම් කර ඇති ඕර්කා වර්ගයේ තල්මසෙකු, පෙනෙන ආකාරයට, ඇගේ මුණුපුරාගේ පුත්‍රයා වූ තල්මස් පැටවාගේ ජීවිතය තුළ ඇයගේ භූමිකාවේ වැදගත්කම දැන සිටියේය. තල්මස් පැටියාගේ මව මෑතකදී මිය ගොස් ඇති අතර, අනාථ වූ තල්මස් පැටියාට ආරක්ෂාව සහ උපකාර නොමැතිව වර්ධනය වීමට තරම් වයසක් තවම නොවීය. නමුත් තල්මස් ආච්චි, වයස අවුරුදු අසූවක් (හෝ ඊට වැඩි) වුවද,…

සත්‍යයන් දෙකක්

දශක තුනකට පසු, ෆෙං ලුලු, ඇගේ උපන් පවුල සමඟ නැවත එක් විය. කුඩා දරුවෙකු ලෙස ඇය නිවසින් පිටත සෙල්ලම් කරමින් සිටියදී ඇයව පැහැර ගැනීමකට ලක්වූ නමුත් සමස්ථ චීන කාන්තා සම්මේලනයේ සහාය ඇතුව ඇයව සොයා ගන්නා ලදී. ඇයව පැහැරගෙන යන විට ඇය ඉතා කුඩා දරුවෙකු වූ නිසා, ෆෙං ලුලු ට එය මතක නැත. ඇගේ දෙමාපියන්ට ඇයව තබා ගැනීමට මුදල් නොතිබූ නිසා…