අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Patricia Raybon

පැට්‍රීෂියා රේබෝන්

.

පැට්‍රීෂියා රේබෝන් විසින් රචිත ලිපි

වෙනස් කිරීමේ ක්‍රීඩාව

අතට අත දීම, බොහෝ වචන කථා කරයි. 1963 මාර්තු රාත්‍රියක, එක් අයෙකු කළු ජාතික වූ අතර අනෙක් කෙනා සුදු ජාතිකයෙකු වූ විද්‍යාලීය පැසිපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙකු විසින් ජාතීන් වෙන් කරන්නන්ගේ වෛරය නොතකා අතට අත දුන් අතර, ඇමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්ත ඉතිහාසයේ, සම්පූර්ණ සුදු පිරිමි කණ්ඩායම ඒකාබද්ධ කණ්ඩායමකට එරෙහිව ක්‍රීඩා කළ පළමු අවස්ථාව සනිටුහන් කළේය. ජාතික තරඟාවලියකදී චිකාගෝ හී ලොයෙලා විශ්ව විද්‍යාලයට එරෙහිව…

උන්වහන්සේගේ ආලෝකය පරාවර්තනය කිරීම

ඔහුගේ භූ දර්ශන තෙල් සිතුවම්වල පරාවර්තක ආලෝකයේ සුන්දරත්වය ග්‍රහණය කර ගැනීම සඳහා කලාකරු ආර්මන්ඞ් කබ්‍රේරා ප්‍රධාන කලාත්මක මූලධර්මයක් සමඟ ක්‍රියා කරයි: “පරාවර්තන ආලෝකය කිසි විටෙකත් එහි මුල් ආලෝකය තරම් ශක්තිමත් නොවේ.” නවක චිත්‍ර ශිල්පීන් පරාවර්තක ආලෝකය ඕනෑවට වඩා නැංවීමට නැඹුරු වන බව ඔහු නිරීක්ෂණය කරයි. ඔහු පවසන්නේ, “පරාවර්තන ආලෝකය සෙවනැල්ලට අයත් වන අතර, ඒ නිසා ඔබේ සිතුවමේ ආලෝකමත් ප්‍රදේශ සමඟ…

කිසිදා ප්‍රමාද නැත

කුඩා බටහිර අප්‍රිකානු නගරයකට ආගන්තුකයෙකු ලෙස, මගේ ඇමරිකානු දේවගැතිතුමා ඉරිදා උදෑසන 10 ට නියමිත වූ දේව මෙහෙය සඳහා නියමිත වේලාවට පැමිණීමට වග බලා ගත්තේය. කෙසේ වෙතත්, අඩුපාඩු සහිත කුඩා ගොඩනැගිල්ල හිස් බව ඔහු දුටුවේය. එබැවින් ඔහු බලා සිටියේය. පැයක්. පැය දෙකක්. අවසානයේදී දහවල් 12.30 ට පමණ, ප්‍රදේශයේ දේවගැතිතුමා දීර්ඝ පා ගමනකින් පසු එහි පැමිණි විට, ගායනා කණ්ඩායමේ සාමාජිකයින් සුළු පිරිසක්…

මා සිටින ආකාරයට

තරුණියට නිදා ගැනීමට නොහැකි විය. වසර ගණනාවක් ශාරීරික ආබාධයකින් පෙළුණු ඇය පසුදා දේවස්ථානය මගින් උසස් අධ්‍යාපනය සඳහා අරමුදල් රැස් කිරීමේ ව්‍යාපෘතියේ කේන්ද්‍රස්ථානය ගනු ඇත. නමුත් “මම සුදුසු නැහැ,” කියා චාලට් එලියට් තර්ක කළාය. හැරෙමින් පෙරළෙමින්, ඇය ඇගේ අධ්‍යාත්මික ජීවිතයේ සෑම අංශයක්ම ගැන ප්‍රශ්න කරමින්, ඇගේ සුදුසුකම් ගැන සැක කළාය. ඊළඟ දවසේ තවමත් නොසන්සුන් වූ ඇය අවසානයේ පෑන සහ කඩදාසි අතට…

උසස් බලාපොරොත්තු

නත්තලට පෙර කාර්යබහුල දිනක, මගේ නිවස අසල සෙනග පිරි තැපැල් කාර්යාලයේ තැපැල් කවුන්ටරය වෙත වයස්ගත කාන්තාවක් පැමිණියාය. ඇයගේ මන්දගාමී ගමන දෙස බලා සිටි ඉවසිලිවන්ත තැපැල් නිලධාරියා, “හොඳයි, ආයුබෝවන්, තරුණ නෝනා!” යනුවෙන් ඇයට ආචාර කළේය. ඔහුගේ වචන මිත්‍රශීලී විය, නමුත් සමහරුන්ට ඇසෙන පරිදි “වයසින් බාල” යැයි පැවසීම වඩා හොඳ වනු ඇත.

මහලු වයස අපගේ බලාපොරොත්තු දිරිගන්වන බව දැකීමට බයිබලය අපට උගන්වයි.…

ව්‍යාකූලත්වය නොව ක්‍රිස්තුස් වහන්සේ ගැන අසන්න

සෑම දිනකම පැය ගණනක් රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹීමෙන් පසු, වයස් ගත මනුෂ්‍යයා කලබලයට හා කනස්සල්ලට පත් විය - ලෝකය කඩා වැටී තමාවත් ඒ සමඟ රැගෙන යන බවට කණස්සල්ලට පත්විය. “කරුණාකර එය නිවා දමන්න,” ඔහුගේ වැඩිහිටි දියණිය ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියාය. “ඇහුම්කන් දීම නවත්වන්න.” නමුත් මෙම මනුෂ්‍යයා සමාජ මාධ්‍ය සහ වෙනත් ප්‍රවෘත්ති මූලාශ්‍රවල අධික කාලයක් ගත කළේය.

අප සවන් දෙන දේ ගැඹුරින්…

දෙවියන්වහන්සේගේ දූරදර්ශීභාවය විශ්වාස කිරීම

නුහුරු නුපුරුදු ස්ථානයකට අපව රැගෙන යද්දී, GPS නොහොත් ගෝලීය ස්ථානගත පද්ධතියේ දිශාවන් පෙන්වීම වැරදි බව හදිසියේම මගේ සැමියා දුටුවේය. විශ්වාසනීය මංතීරු හතරක අධිවේගී මාර්ගයකට ඇතුළු වූ පසු, පිටවී සමාන්තරව දිවෙන එක් මංතීරුවක “ඉදිරිපස” මාර්ගය ඔස්සේ ගමන් කරන ලෙස අපට උපදෙස් දෙන ලදී. කිසිදු ප්‍රමාදයක් නොදැක්කත්, “මම එය විශ්වාස කරමි,” කියා මගේ සැමියා වන ඩෑන් පැවසීය. කෙසේ වෙතත්, සැතපුම් දහයක් පමණ…

අහසේ පක්ෂීන්

ග්‍රීෂ්ම ඍතුවේ හිරු උදාවෙමින් තිබූ අතර මගේ සිනාමුසු මුහුණින් සිටි අසල්වැසියා, මා ඉදිරි මිදුලේ සිටිනු දැක, යමක් බැලීමට එන ලෙසට මට රහසින් කීවේය. “කුමක් ද?” කියා මම කුතුහලයෙන් යුතුව ආපසු රහසින් ඇසුවෙමි. ඇය තම ඉදිරිපස ආලින්දයේ සුළං නාදයක් පෙන්වූ අතර එහිදී ලෝහ පඩිපෙළක් මත රැඳී තිබුණු පිදුරු වලින් පිරුණු කුඩා තේ කෝප්පයක් පෙන්වූවාය. “හම්මිං කුරුල්ලන්ගේ කූඩුවක්”. “පැටවුන්ව පෙනෙනවාද?” කියා ඇය…

ජීවමාන ජලය

කැපූ මල් පැමිණියේ ඉක්වදෝරයෙන්ය. මෙම මල් මගේ නිවසට ගෙනෙන විට, ඒවා නැවී, මැළ වී තිබුණි. ප්‍රබෝධමත් සිසිල් ජලයෙන් ඒවා පණ ගන්වන්නැයි උපදෙස්වලින් කියැවිණි. කෙසේ වෙතත්, ඊට පෙර, මල් කඳන්වල කොන් කපා දැමීම කළ යුතු වූයේ ඒවාට ජලය වඩාත් පහසුවෙන් උරා ගැනීමට පුළුවන් වන නිසාය. නමුත් ඒවා නොනැසී තිබේද?

පසු දා උදෑසන මම මගේ පිළිතුර සොයා ගත්තෙමි. මා මින් පෙර කිසිදා…

ඉගෙනීම සහ ආදරය

ස්කොට්ලන්තයේ ග්‍රීනොක්හි ප්‍රාථමික පාසලක, ප්‍රසූත නිවාඩු මත සිටින ගුරුවරියන් තිදෙනෙක් තම ළදරුවන් සති දෙකකට වරක් පාසල් ළමුන් සමඟ එකතුවීම සඳහා පාසලට ගෙන එන ලදී. ළදරුවන් සමඟ සෙල්ලම් කරන කාලය දරුවන්ට සංවේදී වීම, නැතහොත් අන් අය කෙරෙහි සැළකිල්ල සහ හැඟීමක් දැක්වීම උගන්වයි. බොහෝ විට, එක් ගුරුවරියක් පවසන පරිදි වඩාත් ප්‍රතිචාර දක්වන්නේ “ටිකක් අභියෝගාත්මක” සිසුන් ය. “ඒ බොහෝ විට පාසැල් ළමුන් එක…