අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Tim Gustafson

ටිම් ගුස්ටාෆ්සන්

Tim Gustafson writes for Our Daily Bread and Our Daily Journey and serves as an editor for Discovery Series. As the adopted son of missionaries to Ghana, Tim has an unusual perspective on life in the West. He and his wife, Leisa, are the parents of one daughter and seven sons. Perhaps not surprisingly, his life verses say: “Father to the fatherless, defender of widows—this is God, whose dwelling is holy. God places the lonely in families; he sets the prisoners free and gives them joy” (Ps. 68:5-6 NLT).

ටිම් ගුස්ටාෆ්සන් විසින් රචිත ලිපි

මා කවුද?

කිසොම්බෝ ඔහුගේ ජීවිතයේ විශාල ප්‍රශ්න ගැන කල්පනා කරමින්, ගිනිමැල දෙස බලා සිටියේය. මා ඉටු කර ඇත්තේ කුමක්ද? යැයි ඔහු සිතුවේය. ඉතා ඉක්මනින් පිළිතුර පැමිණියේය: ඇත්තෙන්ම, ගොඩාක් දේවල් නොවේ. ඔහු නැවතත් ඔහු උපන් දේශයට පැමිණ, වැසි වනාන්තරයේ අභ්‍යන්තරයේ ඔහුගේ පියා ආරම්භ කළ පාසලේ සේවය කළේය. සිවිල් යුද්ධ දෙකකින් මරණයෙන් බේරී තම ජීවිතය ගලවා ගත් තම පියාගේ බලවත් කතාව ලිවීමට ද ඔහු…

සෑම දෙයක්ම නැතිවීම

කාලය ඊට වඩා අයහපත් නොවිය හැකිය. පාලම්, ස්මාරක සහ විශාල ගොඩනැගිලි සාදා කුඩා වස්තුවක් එකතු කර ගත් පසු සීසර් අලුත් ව්‍යාපාරයකට අත ගැසීමට බලාපොරොත්තු තබා ගෙන සිටියේය. ඒ හෙයින් ඔහු තම පළමු ව්‍යාපාරය විකුණා බැංකුවේ මුදල් තැන්පත් කළේ එය ඉක්මණින්ම ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙනි. ඒ සුළු කාලය අතරතුරදී ඔහුගේ රජය පුද්ගලික බැංකු ගිණුම් වල තිබූ සියලු ගිණුම් රාජ සන්තක කළේය. ක්‍ෂණයකින්…

සාක්‍ෂිකරුවන්

සාක්‍ෂිකරුවන් යන ඔහුගේ කාව්‍යයේ හෙන්රි වර්ඞ්ස්වර්ත් ලෝංෆෙලෝ (1807-1882) ගිලුණු වහල් නැවක් ගැන විස්තර කරයි. ඔහු “දම්වැල් වලින් බැඳ තිබූ ඇටසැකිලි” ගැන විස්තර කරද්දී වහල්කමේ අසිමිතවූ නිර්නාමික වූ වින්දිතයන් ගැන ලෝංෆෙලෝ වැලපේ. අවසන් පදය පවසන්නේ “මේ වහලුන්ගේ අඳෝනාය/ ඔවුහු පාතාලයේ සිට රවා බලති / ඔවුහු නොදන්නා සොහොන්වල සිට මොරගසති / අපි සාක්‍ෂිකාරයෝ වන්නෙමු” කියාය.

මේ සාක්‍ෂිකරුවන් කථා කරන්නේ කාටද? එවැනි නිසල…

දීර්ඝ ක්‍රීඩාව

ඩේවිඩ්ගේ රටෙහි යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන්ට පීඩාවන් ඇති වූ අතර ඔවුන්ගේ ගොවිපළ වල සතුන්ද මරණයට පත්වූහ. තමන්ගේ ජීවත් වීමේ මාර්ගය නැතිවූ හෙයින් ඩේවිඩ්ගේ පවුල විවිධ රටවලට විසිර ගියහ. වසර නවයක් තම පවුලෙන් ඈත්ව ඔහු සරණාගත කඳවුරක සිටියේය. දෙවියන්වහන්සේ ඔහු සමග සිටින බව ඔහු දැන සිටියත් වෙන්වීමේදී ඔහුගේ පවුලේ සාමාජිකයන් දෙදෙනෙක් මිය ගියහ. ඔහු කලකිරීමට පත්වූහ.

බොහෝ කලකට පෙර තවත් මනුෂ්‍ය කණ්ඩායමක්…

නිවැරදි යමක් කිරීම

සිරගතව සිටි ජේසන්ගේ ලිපියෙන් අපි මවිත වීමු. අපි ආබාධිත අයට සේවය කළ හැකි සුනඛ පැටව් හදා වඩා ගන්නෙමු. එවැනි එක් සුනඛ පැටියෙක් ඊළඟ පුහුණු පාඩම් මාලාව සඳහා සුදුසුකම් ලබා තිබුණ අතර එය ක්‍රියාත්මක කළේ එවැනි සුනඛයන් පුහුණු කිරීමට ඉගෙන ගෙන තිබූ සිරකරුවන් අතිනි. ජේසන්ගේ ලිපියෙන් ඔහුගේ අතීතය ගැන ඔහු දුක් වන බව පවසා තිබුණි. නමුත් ඊළඟට ඔහු ලියා තිබුණේ “මා…

පහසු මුදල්

1700 අගභාගයේදී තරුණයෙක්ට නෝවා ස්කොටියාහී ඕක්ලන්ඩ් දූපතේහි අභිරහස් ගැඹුරු විවරයක් සොයා ගත්තේය. නැව් මංකොල්ල කාරයන් හෝ කැප්ටන් කිඩ්ම හෝ එහි වස්තුව සඟවා තබන්න ඇතැයි සිතූ ඔහු මිතුරන් කිහිප දෙනෙක් සමග එය කැණීම ආරම්භ කළේය. ඔවුන්ට කිසි වස්තුවක් නොලැබුණි. නමුත් එම කටකථාවට ඊටම ආවේණික ජීවයක් ලැබුණි. සියවස් ගණනාවක් පුරා අන් අයද එහි කැණීම් කරමින් බොහෝ කාලයක්ද මුදල්ද වැය කළහ. දැන් එම…

සොරා ගන්නා ලද දෙවිවරු

කැටයම් කළ ලී රූපයක් - ගෘහ දෙවියෙක් - එකුවා නම් කාන්තාවකගෙන් සොරකම් කර ඇති නිසා ඇය එය බලධාරීන්ට දන්වා සිටියාය. ඔවුන් පිළිමය සොයා ගත් බව විශ්වාස කළ පොලිස් නිලධාරීන් එය හඳුනා ගැනීමට ඇයට ආරාධනා කළෝය. “මේ ඔබගේ දෙවියන්ද?” කියා ඔවුන් ඇසුවෝය. ඇය හැඟීම් බරව “නැහැ, මගේ දෙවියන් ඊට වඩා විශාලයි සහ ඊටත් වඩා ලස්සනයි” යැයි කීවාය.

මිනිසුන් තම දේවත්වය පිළිබඳ…

භාවිතයට ලණුව ඉතා කෙටිය

මාග්‍රට් නැන්දාගේ අරපිරිමැස්ම ජනප්‍රිය විය. ඇය අභාවප්‍රාප්ත වූ පසු, ඇගේ ඥාති දූවරුන් ඇගේ බඩු බාහිරාදිය වර්ග කිරීමේ කටුක කාර්යය කාන්සාව සමඟ ආරම්භ කළහ. ලාච්චුවක, කුඩා ප්ලාස්ටික් බෑගයක් ඇතුළත පිළිවෙලට අසුරන ලද, කුඩා නූල් කැබලි එකතුවක් ඔවුහු සොයා ගත්හ. ලේබලයක මෙසේ සටහන් ව තිබුණි: “භාවිතයට නූල කෙටි වැඩියි”

ප්‍රයෝජනයක් නැති බව දන්නා දෙයක් තබා ගැනීමට සහ වර්ග කිරීමට යමෙකු පොළඹවන්නේ කුමක්…

සෑම මාර්ගයකින්ම ඉහළට

කිවිඳියක් සහ ඇදහිල්ල පිළිබඳ ලේඛ්කාවක වන ක්‍රිස්ටිනා රොසෙට්ටි ඇයට කිසිවක් පහසු නොවු බව සොයා ගත්තාය. ඇය සිය ජීවිත කාලය පුරාම මානසික අවපීඩනයෙන් හා විවිධ රෝගාබාධවලට ගොදුරුවී සිටි අතර බිඳී ගිය බැඳීම්වලටද මුහුණ දුන්නාය. අවසානයේ ඇය පිළිකාවකින් මිය ගියාය.

ඊශ්‍රායෙල් ජාතියේ වීරයා ලෙස දාවිත් මහත් බලයකින් පැමිණි විට, ඔහු ජයග්‍රාහී රණශූරයෙකු මෙන් විය. එහෙත් තම ජීවිත කාලය පුරාම දාවිත් දුෂ්කරතාවලට මුහුණ දුන්නේය.…

හදවතේ ගැටලුව

“සහෝදර ටිම්, ඔබට පෙනෙනවාද?” ඝානාවේ දේවගැතිවරයෙකු ලෙස සේවය කළ, මගේ මිතුරා, කටුමැටි පැල්පතකට හේත්තු කර තබා තිබු කැටයම් වස්තුවක් මත ඔහුගේ විදුලි පන්දමේ එළිය දැල්වීය. ඔහු මට රහසින් පැවසුවේ “ඒ තමයි ගමේ පිළිමය” කියාය. සෑම අඟහරුවාදා සැන්දෑවකම දේවගැති සෑම් මෙම ඈත ගම්මානයේ දේව වචනය බෙදාගැනීම සඳහා ලඳු කැලෑවට ගියේය.

එසකියෙල් පොතේ, රූප වන්දනාව, යූදාහි ජනයා පීඩාවට පත් කළ ආකාරය අපට…