උන්වහන්සේගේ ස්වරූපයට වෙනස්වීම

ලේඛිකා රෙජීනා ෆ‍්‍රෑන්ක්ලීන්, අපට දෙවියන්වහන්සේගේ දෑසින් අප දෙස බලන ලෙසත්, අපගේ දුබල ආත්ම ප‍්‍රතිබිම්බය යළි ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට උන්වහන්සේට දැඩි සේ අවශ්‍ය බව දැනගන්නටත් උදක්ම අපගෙන් ඉල්ලා සිටින්නේය. එහෙත් ඒ, හාස්කම් කරන ආලේපන වර්ගවලින්, ශාරීරික අභ්‍යාස කරන්නාවූ ස්ථානවල සාමාජිකත්වය ලබා ගැනීමෙන් හෝ උදරය නෙරා ඒම වළක්වන බඳ පටිවලින් හෝ නවීන මෝස්තර සැළසුම් අනුගමණය කිරීමෙන් හෝ නොවේ. නුමුත් අප කෙරෙහි ඇති දෙවියන්වහන්සේගේ කොන්දේසි විරහිත පේ‍්‍රමය තුළින්ය.