1938 දී මෙම සේවය “ඩෙට්‍රොයිට් බයිබල් ක්ලාස්” නමින් ගුවන් විදුලි වැඩසටහනක් ලෙස ආරම්භ කරන ලදී. එතැන් පටන් අපගේ ප්‍රේක්ෂකයින්, කැපවුණාවූ ගුවන්විදුලි අසන්නන් කුඩා කණ්ඩායමකින් අපගේ බයිබලය පදනම් වූ සම්පත් භාවිතා කරන ලොව වටා සිටින මිලියන ගණනක් දක්වා වර්ධනය විය.

පසුගිය කාලයේදී අප ඉදිරිපත් කරන විවිධ සම්පත් වඩා යහපත් ලෙස පරාවර්තනය වන පරිදි අපගේ නම වෙනස් කළෙමු. අද බොහෝ දෙනාගේ ආදරයට පාත්‍රව ඇති අපගේ දිනපතා භෝජනය නමින් අපගේ අනන්‍යතාව හඳුනන බව වටහාගෙන සිටිමු. ඒ අනුව අප වඩා හොඳින් පැහැදිලි ලෙස සන්නිවේදනය කිරීමට අපගේ නම “අපගේ දිනපතා භෝජනය සේවය” ලෙස වෙනස් කළෙමු. නම වෙනස් කළද අපගේ අරමුණ එනම්: දෙවියන්වහන්සේගේ ප්‍රේමය සමඟ ලොව වටා සෙනඟ වෙත පණිවිඩය රැගෙන යාම නොවෙනස්ව පවතී.

අපි කාර්යාල 35 ට වඩා වැඩි ප්‍රමාණයක කාර්යාල සේවකයින් හා ස්වේච්ඡා සේවක පිරිසක් සිටින, රටවල් 150 ක් තුළ මිලියන 60 කට වැඩි සම්පත් ප්‍රමාණයක් බෙදා හරින නිකායික නොවන ලාභ නොලබන ආයතනයකි. එය ගුවන් විදුලි හෝ රූපවාහිනී වැඩසටහනක්, දෘෂ්‍ය, ශ්‍රව්‍ය මාධ්‍යයක්, ග්‍රන්ථයක්, ජංගම ඇප් එකක් හෝ වෙබ් අඩවියක්ද යන්න නොසලකා සෙනඟ දෙවියන්වහන්සේ සමඟ ඇති සම්බන්ධතාව තුළ වර්ධනය වන පිණිස උපකාර වීමට අපි අපගේ නිෂ්පාදන සපයන්නෙමු.

එය දෙවියන්වහන්සේගේ අවංකත්වය සහ ඔබ පිළිබඳවය.

අපගේ දිනපතා භෝජනය සේවාවන්හි මෙහෙය උදෙසා දෙවියන්වහන්සේගේ අවංකත්වය පසුගිය වසර 75 පුරා අපි අත්දුටුවෙමු. එසේම ඔබ, ඔබගේ පවුල්, ඔබගේ මිතුරන්, ඔබගේ සභාවන්  හා ඔබගේ උපකාරය සමඟ දෙවියන්වහන්සේගේ ප්‍රේමය, අනුග්‍රහය හා සමාව දීම පිළිබඳ ශුභ ආරංචිය බෙදා ගැනීමට හැකි වූ බව අපි දනිමු.