කියවීම: 2 කොරින්ති 6:14 නොඇදහිලිකාරයන් සමඟ අසමලෙස සම්බන්ධ නොවෙන්න. ධර්මිෂ්ඨකමෙත් අධර්මිෂ්ඨකමෙත් ඇති සහභාගිකම මොකද? නොහොත් අන්ධකාරය සමඟ ආලෝකයේ ඇති පංගුකාරකම මොකද?

ඔහු මට ප්‍රේම කරනවා. ඔහු ඉතාමත්ම විශේෂයි. මා ගැන සැලකිලිමත් වෙනවා, උපකාර කිරීමට කැමති සහ කරුණාවන්තයි. ඔහු මගේ ඇදහිල්ලට ගෞරව කරනවා සහ ඉඳ හිට මා සමඟ දේවස්ථානයටද පැමිණෙනවා. ඇත්තටම සහකරුවෙකුට තිබිය යුතු ගුණාංග ඔහු ළඟ තිබෙනවා.... එකම දෙය ඔහු කිතුනුවෙකු නොවේ.

මෙම එකම හේතුව නිසා මෙවැනි ඉතාමත්ම හොඳ සම්බන්ධතාවයක් නැති කර ගැනීමට සිතීම හඳවතට දැඩි වේදනාවකි. දීර්ඝ කාලයක් අශ්‍රය කරන්න කරන්න මගේ සිත තව තවත් බිඳීමට ලක්වේ.

***

කිතුනු නොවන අයෙකු සමඟ මෙවැනි ප්‍රේම සම්බන්ධතාවයකට ඇතුළු වී තිබෙන බොහෝ කිතුනුවන්ට මෙවැනි ගැඹුරු සිත් වේදනාවකට මුහුණ දීමට සිදුවේ.

අපි බොහෝ සැලකිලිමත් වන කෙනෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයකට ඇතුළු වූ විට 2 කොරින්ති 6:14 තිබෙන “නොඇදහිලිකාරයන් සමඟ අසම ලෙස සම්බන්ධ නොවෙල්ලා” යන සරල ප්‍රතිපත්තිය දරාගැනීමට අපහසුය. විශේෂයෙන්ම අප ඉතා ආසා කරන දෙය මෙම ප්‍රතිපත්තියට විරුද්ධ වන විට.

වසර ගණනාවකට පෙර මමද මෙම ස්ථානයේ සිටියා. සාමාන්‍ය මිතුදමකින් පටන් ගත් අපගේ සම්බන්ධතාවය ගැඹුරු සම්බන්ධතාවයක් කරා ගමන් ගත්තා. මෙය ප්‍රේම සම්බන්ධතාවයකට හැරෙයි කියා මම බලාපොරොත්තු වුනේ නෑ. නමුත් එය එසේ විය.

අප හොඳ කාලයක් ගත කළත්, අප අතර සම්බන්ධතාවය හොඳ වුනත්, ඔහු සමඟ අනාගතය ගත කරන්න ආසාවක් තිබුනත් මා හට කිතුනු නොවන කෙනෙකු සමඟ විවාහවීම නුසුදුසු බව මා ගැඹුරින්ම දැන සිටියා.

මම විශ්වවිද්‍යාලයෙන් ඉවත්වූ අවස්ථාවේදී අපගේ සම්බන්ධතාවයත් අවසන්විය. කිතුනු නොවන කෙනෙක් සමඟ විවාහ වීම පාපයක්ද යන්න ගැන වැඩියෙන් සැලකිලිමත්වීමට තිබූ බව මට හැඟුනා. වැදගත් තීරණ ගන්නා අවස්ථාවේදී මම ප්‍රථමයෙන් සැලකිලිමත් විය යුත්තේ මම දෙවියන්වහන්සේගේ දියණියක් ලෙසයි. මම මේ ගැන කණගාටු වෙන්නේ නොඇදහිලිවන්තයෙකු සමඟ තිබූ සම්බන්ධතාවය කැඩුණු නිසා නොව, නමුත් ඔහු හා මම වෙනුවෙන් මම මෙහි අවසානය ගැන තර්ක කිරීමට ගිය නිසාය. මට සුදුසු සහකරුවෙකු සොයා ගැනීමේදී “ක්‍රිස්තියානි” යන කොටු සලකුණට හරි ලකුන යොදන්නෙක් විය යුතු බව මගේ මනසේ විය. නමුත් හොඳ සහකරුවෙකු සොයාගැනීම යනු නිවැරදි “ලේබලයක්” තිබෙන කෙනෙකු සොයා ගැනීම නොවේ.

2 කොරින්ති පොතේ ශුද්ධවූ පාවුල් තුමා අසන්නේ ඇදහිලිවන්තයෙකු හා නොඇදහිලිවන්තයෙකු සමඟ ඇති ගැලපීම කුමක්ද? කියාය. කෙනෙක් තමාගේ ජීවිතයේ තීරණ ගැනීමේදී සියල්ල දෙවියන්වහන්සේගේ දෑතට භාර කරන අතර, අනෙත් කෙනා තම ජීවිතයේ තීරණ ගන්නේ තමන්ගේම පාලනය යටතේය. එමනිසා කිතුනුවෙක් විවාහය වැනි ඉතා සමීප සම්බන්ධතාවයන් ඇතිකරගැනීමේදී සහකරු හා සහකාරිය තමන්ගේ ජීවිතයට හා විවාහ ජීවිතයට මඟපෙන්වන්නා ගැන ඔවුනොවුන් එකඟතාවයකට පැමිණිය යුතුය.

නුමුත් මම එදා තිබූ සම්බන්ධතාවය ආරක්ෂාකරගැනීමට උත්සාහ කරානම් මම කිතුනු නොවන කෙනෙකු සමඟ විවාහ වීමට තිබුනි. මම ඔහු සමඟ විවාහ වී තිබුනානම්, අපගේ විවාහය බිදවැටෙනවාමය කියා කිව නොහැක. නමුත් දික්කසාද නොවී මෙම අසමසම විවාහය නිසා ඇතිවන ඝට්ටන සමඟ අපි පොරබඳිමින් සිටිනවා විය හැක. මෙම අමාරුකම් සමඟ වසරින් වසර ගෙවෙද්දී මෙයින් පැමිණෙන අභියෝග හොඳින් දැනෙන්නට ඇති. එවිට ශුද්ධවූ පාවුල් තුමා දුන් අවවාදය මට හොඳින් වැටහෙන්නට ඇති.

එම පෙම්වතා මට ප්‍රේම කරන්නට ඇත්තේ තමන්ගේම ශක්තියෙන්ය. අමාරුකම් සියල්ල අපගේ ආදරයට අනිවර්යයෙන්ම අභියෝගයක් ගෙනෙන්නට ඇති. ඔහු අපේ යහපත සඳහා ක්‍රියා නොකරන්නට ඇති. ඒ වගේම ඔහු කලකිරීමට පත්වී තිබෙන නිසා සහ ඔහු දුර්වල නිසාත්, මට ප්‍රේම කරන්නේ කෙසේදැයි දැනගැනීමට ඔහු දෙවිපියාණන් ලඟට යන්නේද නැත. ඇතැම්විට අපි සුදුසු  රැකියාවක් ගැන තර්ක කරන්නට ඇති, පවුලක් පටන්ගන්නේ කවදාද, අපගේ මුදල් වියදම් කරන්නේ කෙසේද, නැති බැරි අයට මුදලින් සලකන්නේ කෙසේද යන ප්‍රශ්න වලට විසඳුම් සඳහා අප දෙදෙනා වෙනත් මාර්ගවල යන්න ඇති. ඔහු ලෝකයේ ප්‍රඥාව මත රැඳෙන්නට ඇති අතර, මම දෙවිපියාණන්ගේ ප්‍රඥාව මත රැදෙන්නට ඇති. (යාකොබ් 3:17)

ඉහත සඳහන් හේතු නිසා මගේ දරාගැනීමේ ශක්තිය අඩුවන අතර, අප දෙදෙනා අතර එකඟතාවයක් නැති නිසා, මම වෙහෙසට පත්විය හැක. මේ හේතුවෙන් අසමගිකම ඇතුළුවිය හැක. මගේ ඇදහිල්ලට මුල්තැන දීමට දිනපතා මට සටනක යෙදීමට සිදුවෙයි. දෙවියන්වහන්සේ සමඟ තිබෙන සම්බන්ධතාවය හීන වුවහොත් හා උන්වහන්සේගේ මඟපෙන්වීමේ ප්‍රඥාවෙන් ඇත් වූවානම් මම දෙවිපියාණන් කෙරෙහි ඇති ඇදහිල්ලෙන් ඇත්වී සිටීම හෝ සම්පූර්ණයෙන් ඉවත්වීම සුදුසු යැයි සිතන්නට ඉඩ ඇත. එයට හේතුව නම් දෙවියන්වහන්සේගෙන් ඈත්වී විවාහ ජීවිතය සතුටින් ගෙවන්නට හැකි වේ යන බලාපොරොත්තුව නිසාය. මෙම බාල ජයග්‍රහණය මම ලබාගන්න උත්සාහ කරන්නේ මගේ ජීවිතයේ තිබූ විශේෂම සම්බන්ධතාවය නැති කර ගැනීමෙනි. එනම් මා මැවූ දෙවියන්වහන්සේව දැනගැනීමෙන්, උන්වහන්සේට ප්‍රේම කිරීමෙන් සහ උන්වහන්සේ සමඟ තිබෙන සම්බන්ධතාවය තුළ ලබාගන්නා ප්‍රීතියත් නැතිකර ගැනීමෙනි.

එම තරුණයා සමඟ තිබූ සම්බන්ධතාවය බිදවැටීමෙන් මට ඇතිවූ හදවතේ වේදනාවේ තව පැත්තක්ද ඇත. එනම් 2 කොරින්ති 6:14 හි තිබෙන්නාවූ අවවාදය මම තව තවත් අගය කිරීමට පටන්ගැනීමය. එනම් දෙවියන්වහන්සේගේ අනුග්‍රහයත් කරුණාවත් තුළින් ලැබෙන රැකවරණයයි. උන්වහන්සේගේ කැමැත්ත වන්නේ අපට උසස්ම දේ ලබා දීමයි. එමනිසා අප කා සමඟ සම්බන්ධ විය යුතුද කියා දැනගන්නා පිණිස උන්වහන්සේ ඔබටත් මටත් උන්වහන්සේගේ ප්‍රඥාව ලබා දෙනවා ඇත. විශිෂ්ටම දෙයනම් දෙවියන්වහන්සේව තව තවත් දැනගැනීමටත්, උන්වහන්සේට තව තවත් ප්‍රේම කිරීමටත්ය.

මම එම පෙම්වතා ගැන බොහෝ කණගාටු වෙමි. දෙවිපියාණන්ගේ ප්‍රේමය ගැනත්, කරුණාව ගැනත්, අනුග්‍රහය ගැනත් එම පෙම්වතාට කියා දීමට තිබුනි. එහෙත් මගේ හදවතේ ගැඹුරේම ඇත්තේ මගේ ජීවිතය හා විවාහය උන්වහන්සේගේ කැමැත්තට යටත්ව ගොඩනංවා ගැනීමයි.

දැනටම නොඇදහිලිවන්තයෙකු සමඟ විවාහවී සිටින කිතුනුවෙකුට මම දෙන අවවාදය මෙයයි. දෙවියන්වහන්සේ මෙවැනි විවාහ ජීවිතයකටත් ප්‍රඥාව දෙන අතර කරුණාවෙන් සහ නිශ්චල ආත්මයකින් විශ්වාසවන්තව යාච්ඤා කිරීමෙන් ඔබට දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නටත්, ගෞරව කරන්නටත් ශක්තිය ලැබෙනු ඇත. (1 පේතෘස් 3:1-6) දෙවියන්වහන්සේ වෙත ඔබගේ සහකරුවාව දිනාගන්නා පිණිස ඔබ නොකඩවාම යාච්ඤා කරයි කියා මා බලාපොරොත්තු වෙමි.

ඔබත් කිතුනුවෙකු ලෙස මෙවැනි අමාරු තීරණයකට මුහුණ දෙනවානම්, එනම් ඇදහිලිවන්තයෙකු හෝ නොඇදහිලිවන්තයෙකු විවාහය සඳහා තෝරාගන්නවාද යන ඝට්ඨනයේ වේදනාවේ පෙලෙනවාද, මට ඔබගේ වේදනාව තේරුම් ගත හැක. මෙය පහසු දෙයක් නොවේ. ඔබ දෙවියන්වහන්සේගේ මඟපෙන්වීම සොයන අවස්ථාවේදී උන්වහන්සේගේ ලඟකම හා ප්‍රේමය ඔබ අත්දකියි කියා මම බලාපොරොත්තු වෙමි. දෙවියන්වහන්සේගේ ප්‍රඥාවෙන් ඔබට මඟ පෙන්වන අවස්ථාවේදී උන්වහන්සේගේ සාමය ඔබ අත්දකියි කියා මා බලාපොරොත්තු වෙමි.

ඔබගේ මුළු ජීවිතයම, එනම් ඔබගේ රැකියාවන්ද, හැකියාවන්ද, ඔබගේ සිතුවිලිද, සිතට දැනෙන බියද, අනිවාර්යයෙන්ම ඔබගේ සම්බන්ධතාවයන්ද දෙවියන්වහන්සේගේ දෑතට භාර කරනවිට (යෙසායා 64:8) උන්වහන්සේ ඔබට අන් අයට සාක්ෂියක් වීමට වචන ලබා දෙයි. එලෙසම මේ සියල්ලක්ම තුළින් ඉතා අනර්ඝ දෙයක් දෙවියන්වහන්සේ නිර්මාණය කරයි කියා මම විශ්වාස කරමි.