දිගුකාලීනව පැවති ණයක්
18 වැනි ශතවර්ෂයේ ගෙවීමට තිබුණු ණයක් වූ පවුම් බිලියන 2.6 ක් (දළ වශයෙන් .කෝටි 2420ක්) ගෙවීමට කටයුතු කරන බව 2014 දී බි්රතාන්යය ප්‍රකාශයට පත් කරන ලදී. 1720දී සිදුවූ “දකුණු මුහුදු බුබුල” නමැති යම් දෙයක් නිසා ආර්ථිකය බිඳවැටීමෙන් පසුව රජය ලබා ගත් ඇපකරයක ප්‍රතිඵලය වුණේ පවුම් මිලියන ගණනක ණයවීමකි. දැන් පොලී අනුපාතය අඩු නිසා වසර ගණනාවක් තිස්සේ අනාගත පරම්පරා ගණනාවකට එකතුවෙමින් පැමිණි විවිධාකාර ණය ගෙවා දැමීමට පවතින රජය සූදානම් විය.
ජේසුස් වහන්සේ, “සියල්ල නිමවීය” (ජොහන් 19:30) කියා හඬ නැඟූ විට උන් වහන්සේ ප්‍රකාශ කළේ, දීර්ඝ කාලයක් තිස්සේ පැවති, මනුෂ්‍ය සංහතියේ පාපය, සම්පූර්ණයෙන්ම ගෙවා නිම කළ බවයි. ජේසුස් වහන්සේ කුරුසියේදී පැවසූ වචන සතෙන් සයවැන්න වූ මෙයට ග්‍රීක තනිවචනය- “ටෙලස්ටායි” යනුයි. මෙම වචනය භාවිතා කරනු ලැබුවේ අයබදු හෝ ණය සම්පූර්ණයෙන් ගෙවා දැමීම, සේවකයන් විසින් තමන්ට පැවරුණු කාර්්‍යයන් සම්පූර්ණ කිරීම සහ තවත් එවැනි දේවල් විස්තර කිරීමටය. ජේසුස් වහන්සේ ගැන එයින් කියවෙන්නේ, දෙවියන් වහන්සේගේ අනර්ඝවූ බැටලුපැටවා, මිය යද්දී, උන් වහන්සේ තම සේවය සම්පූර්ණයෙන් නිම කළ බව දැන සිටි බවයි (28: පදය).
ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ මැරුණු විට, ලෝකයේ සියලුම පාප උන් වහන්සේම දරාගෙන, ව්‍යවස්ථාවෙන් අණකර තිබෙන ධර්මිෂ්ඨකම සම්පූර්ණයෙන්ම ඉටු කළ සේක (1 පේදුරු 2:24). උන් වහන්සේ පාපය වසා දැමුවා පමණක් නොව, “ලෝකයේ පාපය” දුරලූ සේක (ජොහන් 1:29).
ජේසුස් වහන්සේ අපේ ණය ගෙවූ නිසා – උන් වහන්සේගේ පරිත්‍යාගශීලී මරණය කෙරෙහි විශ්වාස කිරීමෙන් – අද අපට සදාකාල ජීවනය ලබා ගැනීමට සහ ජීවිතය “පූර්ණ ලෙස” ප්‍රීතියෙන් භුක්ති විඳීමට හැකිය (ජොහන් 10:10). ණය ගෙවා අවසන් කර තිබේ.
මර්වින් විලියම්ස්
ජේසුස් වහන්සේ විසින් ඔබගේ පාපයේ ණය සම්පූර්ණයෙන්ම ගෙවා තිබෙන බව දැන ගැනීමට ලැබීම ඔබට අර්ථවත් වෙන්නේ කුමක්ද?
ඔබ වෙනුවෙන් පූජාවක් ලෙස උන් වහන්සේ මරණයට පත්වීම ගැන අද ඔබ උන් වහන්සේට ස්තුති කරන්නේ කෙසේද?
ප්‍රේමණීය ජේසුස් වහන්ස, මාගේ ණය සමුපූර්ණයෙන්ම ගෙවීම ගැන ඔබට ස්තුති කරමි.
|
|
|
|
