සැලකිලිමත්කමේ වචනයක්

අද දේව වචනය කියවීම:ජොහන් 19:25–27
(ජේසුස් වහන්සේ) “ස්ත්‍රිය, මෙන්න ඔබේ පුත්‍රයා ය”යි සිය මෑණියන් හට වදාළ සේක. උන් වහන්සේ එම ශ්‍රාවකයාට (ජොහන්ට) කතා කොට, “මෙන්න ඔබේ මෑණියෝ ය”යි වදාළ සේක. —ලූක් 23:43

මාගේ දෙමාපියන්ගේ සතළිස්වන විවාහ සංවත්සරය පසුවූ විගස මාගේ පියා මියගිය බැවින් මාගේ මව දැඩි ලෙස කණගාටු වූ අතර කනසල්ලටද පත්වූවාය. බිල්පත් ගෙවනු ඇත්තේ කවුද? ඇයට සෑහෙන පමණට මුදල් තිබෙනු ඇද්ද? නිවස අලුත්වැඩියා කරන්නට සිදු වුනොත් කොහොමද? ඇයගේ කනස්සලු වීම අනවශ්‍ය දෙයක් බව ඇයට ඉක්මණින්ම දැන ගන්නට ලැබුණි. වසර ගණනාවකට පෙර, මාගේ පියා වෙහෙස දරා, ඔහුගේ මරණින් පසුව ඇයගේ සෑම ආර්ථික අවශ්‍යතාවයක්ම ලැබෙන සේ සූදානම් කර තිබුණි. මා සහ මාගේ සොහොයුරිය ඇයගේ වෙනත් අවශ්‍යතා වලදී උපකාර කිරීමට කැප වුණෙමු.

ජේසුස් වහන්සේගේ සමහර අවසන් වචනවලින් මෙසේ පවුලට සැළකීම විශේෂ වැදගත්කමක් පෙන්වයි. කුරුසියේ එල්ලී සිටියදීත් ජේසුස් වහන්සේ එතුමාගේ, මවවූ මරියතුමිය සහ ප්‍රේමණීය ගෝලයාවූ ජොහන් දෙස බලා, මෙම සිත් සසල කරවන වචන කීසේක. “ස්ත්‍රිය, මෙන්න, ඔබේ පුත්‍රයා” කියා ජොහන්ට, “මෙන්න ඔබේ මෑණියෝ” (යොහන් 19:26-27) යයි වදාළ සේක.

ඒවා, ඉතාමත් දැඩි වේදනාවෙන් සිටි මොහොතක පවසන ලද ප්‍රේමයේ විශිෂ්ඨ වචන වේ. යුදෙව් සංස්කඍතියට අනුව මරණයට මුහුණ දෙන පුතෙක් තම මව භාර කරන්නේ තමාගේ සහෝදරයෙකුටය. ජේසුස් වහන්සේගේ සහෝදරයන් ( මතෙව් 13:55 බලන්න). මක්නිසාද මරියතුමියගේ ස්වාමිපුරුෂයාවූ ජෝසෙප්, ඒ වන විටත් මිය ගොස් තිබුණා විය හැක. නුමුත් ජේසුස් වහන්සේගේ සහෝදරයන් ඒ වන විටත් උන් වහන්සේ ක්‍රිස්තුස් නම් මෙසායා ලෙස පිළිගෙන සිටියේ නැතුවා විය හැක.

මරියතුමියගේ සුබසෙත ගැන අවධානය දෙමින්, ජේසුස් වහන්සේ ඇයගේ රැකවලා ලෙස තම ගෝලයාවූ ජොහන් පත් කළ සේක. ඒ මොහොතේ සිට ඒ ශ්‍රාවකයා තම නිවසට ඇය පිළිගත්තේය (ජොහන් 19:27). කුරුසිය පාමුල අපගේ රැකබලාගැනීමේ බැඳීම ප්‍රතිෂ්ඨාපිත කිරීම තුලින් ක්‍රිස්තුස් වහන්සේ පිළබිඹු කරන්නේ සියලුම ඇදහිලිවතුන් දෙවියන් වහන්සේ තුළ අලුත් පවුලක සාමාජිකයන් වන්නෝය යන කාරණාවය.

පැට්‍රීෂියා රේබොන්

ඇදහිලිවන්තයන් පවුල ලෙස දැකීම ගැන ඔබට අදහස් වෙන්නේ කුමක්ද?

ප්‍රේමණීය ජේසුස් වහන්ස, ඇදහිලිවතුන්ට උපකාර කරන්නට කැමතිවීමට සහ සූදානම්වීමට මාව සෑදුව මැනව.