අපේ රටේ වත්මන් තත්ත්වය පිළිබඳ මගේ හැඟීම් එක වචනයකින් විස්තර කිරීමට සිදුවුවහොත්, එය කලකිරීමක් වනු නොඅනුමානය. අපේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය – එනම්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය, මිළ වැඩි වීම, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළදී ගැනීමට දිගු පෝලිම්වල සිටීම, විදුලිය විසන්ධි කිරීම – මේ සියල්ලම මගේ කලකිරීමේ ‘කොටස් කරුවෝ ‘ වෙති. ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් මේ තත්ත්වයෙන් ගොඩ එනු ඇතැයි මගේ බලාපොරොත්තුව වන නමුත් එය ඉක්මනින් සිදු නොවනු ඇත. සාමාන්‍ය මානුෂීය සිතුවිලි වලට අනුව අඩුම තරමින් තවත් මාස හයක කාලයකට වත් නොවනු ඇත.
ඒ සිතුවිල්ල මගේ කලකිරීම තවත් වැඩි කරනු ඇත. කෙසේ වෙතත්, මම බලාපොරොත්තු රහිත නොවන බව මට විශ්වාසයෙන් කිව හැකිය. මක්නිසාද, අහසත් පොළොවත් මැවූ තැනැන්වහන්සේව මා විශ්වාස කරන නිසාත්, උන්වහන්සේගේ ජීවමාන වචන මගේ නිරන්තර දිරිගැන්වීම වන නිසාත්ය. මගේ මනස පිලිප්පි 4:6 වෙත ගමන් කරයි: එනම්, “නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න”. මෙම පදය අපට උපදෙස් දෙන පරිදි, මම අපගේ රටේ ඇති වී තිබෙන අර්බුදය මධ්‍යයේ ස්වාමින්වහන්සේට ස්තූති කළ හැකි දේවල් හිතාමතාම සොයන්නට පටන් ගතිමි. එසේය, දෙවියන්වහන්සේ පාලනය කරන නිසාත් උන්වහන්සේගේ පරමාධිපත්‍ය නිසාත් මම බලාපොරොත්තු සුන්කර නොගන්නෙමි!
රන්ජන් සැමුවෙල්