සමාව දීමට අනුග්‍රය
1999 ජනවාරි 23 වැනිදා ග්‍රෙහැම් ස්ටේන්ස් සහ ඔහුගේ යොවුන් පුතුන් දෙදෙනා වූ පිලිප් සහ තිමෝති ඔවුන්ගේ ජීප් රථය තුළ නිදා සිටියදී ගිනි තබා මරා දැමූහ. ඒ වන තුරු ඔවුන් ඉන්දියාවේ ඔඩිස්සාහි දිළිඳු ලාදුරු රෝගීන් අතර කැපවීමෙන් කළ සේවය ගැන අවට ලෝකය දැන සිටියේ ඉතා ස්වල්පයකි.
එවන් ඛේදවාචකයක් මධ්‍යයේ, ඔහුගේ බිරිඳ ග්ලැඩිස් සහ දියණිය එස්තර් සියලුදෙනා මවිත කරවූහ. ඔවුන් වෛර නොකර සමාව දීමෙන් ප්‍රතිචාර දැක්වීම තෝරා ගත්හ. වසර දොළසකට පසුව නඩුව අවසන් වූ විට, ග්ලැඩිස් මෙවැනි ප්‍රකාශයක් නිකුත් කළාය. “මිනීමරුවන්ට මම සමාව දුන්නෙමි. ඔවුන්ට විරුද්ධව තිත්තකමක් මා තුළ නැත…ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ මට සමාව දී තිබේ. උන් වහන්සේගේ අනුගාමිකයන්ද එසේම කිරීම උන් වහන්සේ අපේක්ෂා කරන සේක”.
ග්ලැඩිස් සහ එස්තර් හට එම අපරාධකාරයන්ට සමාව දීමට ලැබුණු ධෛර්ය සහ ශක්තිය අපව විශ්මයට පත්කරවන අතර, අපට රිදවන, තරහගස්වන හෝ නරක ලෙස සළකන අයට සමාව දීමට අනුග්‍රහය සොයා ගන්නේ කෙසේද කියා ජේසුස් වහන්සේ අපට හොඳම ආදර්ශය දී ඇති බව අප දනිමු.
අපගේ සතුරන්ට ප්‍රේම කරන්න සහ අපට පීඩා කරන්නන්ට යාච්ඤා කරන්න කියා උන් වහන්සේ අපට නිකම් කීවා පමණක් නොව (මතෙව් 5:43-48); උන් වහන්සේ කුරුසිය මත අන්තයටම සමාව දීම ආදර්ශයෙන් දැක්වූ සේක. “අපි සතුරන්ව සිටියදීම” (රෝම 5:10) අප වෙනුවෙන් ක්‍රිස්තුස් වහන්සේ පහරකෑමට, සරදම්කිරීමට සහ කුරුසිපත්වීමට ලක්වූ සේක. . උන් වහන්සේට වධ දුන් අයට ශාප ප්‍රකාශ කරනවා වෙනුවට, ජේසුස් වහන්සේ කථා කොට, “පියාණෙනි, ඔවුන්ට කමාවුව මැනව, ඔවුන් කරන දෙය ඔව්හූ නොදනිතියි වදාළ සේක” (ලූක් 23:34).
යම් කෙනෙකුට නරක ලෙස සැලකීමට කිසිවෙකුට නිදහසට කරුණු දැක්වීමක් නැති අතර, අපට ඇතිවිය හැකි කෝපය හෝ තික්තකම මගහැරීමට දෙවියන් වහන්සේගෙන් අනුග්‍රහය ඉල්ලමු. ජේසුස් වහන්සේට අවශ්‍ය කරන්නේ අප උන් වහන්සේ සමඟ සහ අනෙක් අය සමඟ යහපත් සම්බන්ධතාවයක් තබා ගැනීමය. දෙවියන් වහන්සේ අපට කමා කළසේම අපද සමාව දෙමු (මතෙව් 6:12). ප්‍රේමයෙන් හැසිරීම සහ ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය අනුගමනය කරමු.
නැන්සි ගැවිලානෙස්
ඔබට වැඩියෙන් සමාව දියහැකි කෙනෙකු විය හැක්කේ කෙසේද?
|
|
|
