මට පිපාසයි

අද දේව වචනය කියවීම:ජොහන් 4:5–14
ඉන්පසු ජේසුස් වහන්සේ සියල්ල නිමාවට පත් වූ බව දැන, ශුද්ධ ලියවිල්ල ඉෂ්ට වන පිණිස, “මට පිපාස ය”යි වදාළ සේක. —ජොහන් 19:28

ඉන්දියාවේ දුෂ්කර පළාතක තිබුණු ඔවුන්ගේ ගමට ළිඳක් හාරා නිවාසවලට සරල ජල පෙරණයන් සකස්කර දීමට පැමිණි ස්වේච්ඡා කණ්ඩායමකට එක් පවුලක් උද්යෝගයෙන් ඔවුන්ගේ නිවසේ දොරටුව විවෘත කළහ. ජලපෙරණයෙන් ඔවුන්ගේ පිපාසය සංසිඳවීමට ජලය සපයන්නේ කෙසේද කියාදුන් එම කණ්ඩායම, එම පවුලට දෙවියන්වහන්සේ සමඟ සමාදානය වන ඔවුන්ගේ ගැඹුරුම අවශ්‍යතාවය තෘප්තිමත් කරවන “ජීවනදායක ජලය” ගැනද කියා දුන්හ.

එම කණ්ඩායමේ සාමාජිකයන් පුද්ගලයෙකුගේ ශාරීරික පිපාසය සංසිඳවීමේ අවශ්‍යතාවය සම්බන්ධ කරමින් ආත්මික සත්‍යතාවයක් පැහැදිලි කිරීමට ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය අනුගමනය කළහ. ගමනින් විඩාවට පත් ජේසුස් වහන්සේ ළිඳක් අසල වාඩිවූ සේක. කාන්තාවකගෙන් බීමට වතුර ඉල්ලූ පසුව උන්වහන්සේ ඇයගේ ගැඹුරුම අවශ්‍යතාවය ගැන කථා කළ සේක: “මේ වතුර බොන හැම කෙනෙකුටම නැවත පිපාසය ඇති වන්නේය. එහෙත් මා දෙන වතුර බොන කවර කෙනෙකෙුට වූවත් කිසි කලෙක පිපාසය ඇති නොවන්නේය” (ජොහන් 4:13-14). ජේසුස් වහන්සේ ඇයට දෙවියන් වහන්සේ සමඟ සමාදානය තුළින් ආත්මික වෙහෙස නිවා නැවුම් කරවන දෙයක් පිළිගැන්වූ සේක.

සියලු මනුෂ්‍යයන්ට මේ ජීවනදායක වතුර ලබා දෙන පණිස, ක්‍රිස්තුස් වහන්සේට නැවතත් පිපාසයේ කටුක වේදනාව තුළින් යන්නට සිදුවිය. උන් වහන්සේ කුරුසියේ එල්ලී සිටිද්දී, “මට පිපාසයයි” (ජොහන් 19:28) මොර ගැසූ සේක. උන් වහන්සේගේ ජීවිතය නැතිවී යාමේ සළකුණකි. දෙවියන් වහන්සේ නැවත තමාව ජීවමානව නැගුටුවන බව දැනගෙන උන් වහන්සේ කැමැත්තෙන් ශාරීරික පිපාසයේ වේදනාව දරාගෙන පීඩාව විඳගත් සේක. ඒ ළිඳ අසල සිටි කාන්තාව මෙන් අපටද ජේසුස් වහන්සේ කෙරෙහි අදහා ගැනීම තුළින් අපගේ පිපාසිත ආත්මවලට ඒ ජීවනදායක වතුර ලබා ගත හැකියි.

ඒ පවුලේ අය පිරිසිදු වතුර රසවිඳින විට ස්වේච්ඡා කණ්ඩායම සතුට සමරනු ලැබූ අතර ක්‍රිස්තුස් වහන්සේ දෙන ජීවනදායක වතුර ඔවුන් පිලිගත් විට ස්වේච්ඡා කණ්ඩායම අධික ලෙස ප්‍රීතිවූහ. ආත්මික පිපාසය ඇති ඕනෑම කෙනෙකුට මෙය නොමිලේ තිබෙන ත්‍යාගයකි.

ලිසා එම් සම්රා

වතුරවලට තිබෙන පිපාසය, ආත්මික පිපාසයට සම්බන්ධවන්නේ කෙසේද?
ජීවනදායක වතුර කෙරෙහි ඔබ ප්‍රතිචාර දක්වා තිබෙන්නේ කෙසේද?

ජේසුනි, මාගේ අත්මය ඔබ තුළ තෘප්තිමත්ය.