අවසාන වචන
මාර්ටින් ලූතර් පූජකතුමා මිය යමින් සිටියදී, සභාපාලකවරයෙක් ඔහුව පුබුදුවමින්, “ ගරු පූජක පියතුමනි, ඔබ දේශනා කළ ක්‍රිස්තුස් වහන්සේ සහ දේවධර්මය කෙරෙහි අචල ස්ථිරවූ විශ්වාසය ඇතුව මරණයට මුහුණ දෙනවාද?” කියා ඇසුවේය. එතුමා, “ඔව්” කියා පිළිතුරු දෙමින් අවසන් නින්දට පත්වුනේය. එසේ අවසන් ගමන යාම කොපමණ අලංකාරද? මාගේ අවසන් වචනද එසේම සුවිශේෂී වෙනු ඇතැයි මම අපේක්ෂා කරමි. වාක්‍යය මැදදී මිය යාමට හෝ අපතේ යන වචන කියවමින් මිය යාමට මා කැමති නැත. ලූතර් පූජකතුමා මෙන් වඩාත්ම වැදගත් දෙය කුමක්ද කියා සහතික ලෙස ස්ථිරව තහවුරු කර දැන ගෙන මිය යන්නට මට අවශ්‍යයි.
ජේසුස් වහන්සේගේ අවසාන වචන ගැන කෙසේද? මාර්ක් ශුභාරංචිය මෙසේ පවසයි: “ජේසුස් වහන්සේ මහ හඬක් නඟා අවසන් හුස්ම මුදා හැරිය සේක”(මාර්ක් 15:37). මතෙව් එකඟවෙයි: “ජේසුස් යළිත් මහ හඬින් හඬගා අවසන් හුස්ම හෙළුෑ සේක” (මතෙව් 27:56). මේ අවසාන මහත් හඬ නැඟීම කුමක්ද? එය ජයග්‍රහණයේ හඬක්ද නැත්නම් බලාපොරොත්තු බිඳවැටීමේ හඬක්ද? එයින් සළකුණු වෙන්නේ ජේසුස් වහන්සේගේ පීඩා විඳීමේ පහත්ම කොටසද නැතහොත් උන් වහන්සේගේ ජයග්‍රහණයේ ආරම්භයද?
ලූක් හිස්තැන පුරවන බැවින් අපට අනුමාන කිරීමට අවශ්‍යතාවයක් නැත. “ජේසුස් වහන්සේ මහ හඬින් මොරගසා “පියාණෙනි, ඔබ හස්තයට මාගේ ආත්මය භාර දෙමි”යි වදාළ සේක. මෙවදන් කියා උන් වහන්සේ අවසන් හුස්ම හෙළුෑ සේක” (ලූක් 23:46)- ජොහන් එයට එකතුකරමින් “සියල්ල නිම වී ය”යි වදාරා හිස නමා ස්වකීය ප්‍රාණය භාර දුන් සේක” (ජොහන් 19:30) යනුවෙන් පවසයි.
ජේසුස් වහන්සේගේ අවසාන මොරගැසීම වුනේ දෙවියන් වහන්සේ කෙරෙහි තිබුණු විශ්වාසයේ වේදනාත්මක හඬනැඟීමකි. මක්නිසාද උන් වහන්සේගේ අවසන් වචන ඇදහිල්ල සමඟ සිතට කාවදින බැවින් ඒවා අන්තිම වචන විය නොහැකියි. දෙවියන් වහන්සේ උන් වහන්සේගේ අනර්ඝවූ පුත්‍රයාණන් ජයග්‍රාහීව නැවත නැගිටෙවූ සේම, ක්‍රිස්තුස් වහන්සේ තුළ අදහන සෑම දෙනාම උන් වහන්සේ විසින් එක් දවසක නැවත නැගුටුවනවා ඇත.
මයික් විට්මර්
ඔබගේ අවසන් වචන මොනවා වෙනවාට ඔබ කැමතිද? ඔබ මිය ගිය පසුව ඔබේ ආදරණීය අයට කියවීමට හැකිවන සේ ඒවා ලියා තබන්න.
මෙම අවසාන වචන ගැන අද ඔබ ආවර්ජනය කරන්නේ කෙසේද?
පියාණෙනි, දැන් පටන් සදාකාලයටම, මාගේ ආත්මය ඔබ අතට භාරදෙමි.
|
|
|
|
