මම මීට වසර ගණනාවකට පෙර දේවගැතිවරුන්ගේ සමුළුවකට සහභාගි වූ අවස්ථාවකදී බොහෝ ඇදහිලිවන්තයන් ඔවුන්ගේ ආත්මික දීමනා භාවිතා කරමින් යේසුස්වහන්සේ කෙරෙහි දක්වන ප්‍රබෝධමත් සේවය අත්වින්දෙමි. මෙහෙයවනු ලැබූ දේවගැතිවරයා ඔහුගේ ඉගැන්වීමේ දීමනාව භාවිතා කළේ පැමිණ සිටි සිය ගණනක් සෙනගව දිරිමත් කිරීමට සහ උපදෙස් දීමටයි. එමෙන්ම තවත් බොහෝ අය – සමහරක් පෙනෙන, තවත් සමහරු තිරය පිටුපස – ආගන්තුක සත්කාරය, ත්‍යාගශීලීත්වය, සංගීතය හරහා සේවය කිරීම, යාච්ඤාව, පරිපාලනය සහ වෙනත් හැකියාවන් රැස්ව සිටි අය දිරිමත් කිරීම සඳහා භාවිතා කළහ. ළමයින්, යෞවනයන්, තරුණ වැඩිහිටියන් සහ වැඩිහිටියන් යන සියල්ලෝම එකට වැඩ කළහ – ඔවුන්ව අවශ්‍යවන ඕනෑම තැනක සතුටින් උපකාර කළහ. බොහෝ අය සේවය කිරීමට සිටි නිසා, බොහෝ කරුණාව බෙදා දෙන ලදී.

දෙවියන්වහන්සේගේ කරුණාවේ මාර්ග“- ආත්මික දීමනා දැක බලා ගැනීමට මොනතරම් අනර්ඝ ක්‍රමයක්ද! දෙවියන්වහන්සේ අපගේ දීමනා හරහා සභාවේ සහ ලෝකයේ “විවිධ ස්වරූපවලින්” උන්වහන්සේගේ කරුණාව බෙදාහරිනවා ඇත. “දෙවියන්වහන්සේගේ අනේකාකාර කරුණාවේ යහපත් ගබඩාකාරයන් මෙන් එකිනෙකාට ලැබුණු දීමනාවේ හැටියට එයින් එකිනෙකාට සේවයකරන්න.” (1 පේතෘස් 4:10).

ආත්මික දීමනා පිළිබඳ වෙනත් අලුත් ගිවිසුමේ පද අතර (රෝම 12:3-8; 1 කොරින්ති 12:27-31 බලන්න), පේතෘස්ගේ දායකත්වය (1 පේතෘස් 4:10-11) “සිය ගණනක ආත්මික දීමනා” පාඨමාලාවක් වැනිය. එය සංක්ෂිප්තය, පැහැදිලිය, සරළය. උන්වහන්සේගේ කැමැත්ත පරිදී දීමනා ලබා දෙන්නා දෙවියන්වහන්සේ වන සේක. ක්‍රිස්තුස්වෙහන්සේගේ ශරීරය එනම් සභාවේ සාමාජිකයන්, කරුණාවේ නාලිකාවක් බවට පත්වන දීමනා ලබන්නන් වේ.

දෙවියන්වහන්සේගේ අනුග්‍රහය කෙතරම් විවිධාකාරද, විශාලද, සහ බහුලද යත්, යේසුස්වහන්සේ තුළ වැඩීමට සහ පරිණත වීමට අපට උපකාර කිරීමට උන්වහන්සේ බොහෝ මාර්ග සහ විවිධ දීමනා භාවිතා කරයි. උන්වහන්සේට ගෞරව කිරීමට සහ එකිනෙකාට සේවය කිරීමට අපට ලබා දී ඇති දීමනා භාවිතා කරමු!

කර්තෘ ආතර් ජැක්සන් අපගේ දිනපතා භෝජනය


අපගේ දිනපතා භෝජනය ප්‍රකාශන ඔබට ආශීර්වාදයක් වී තිබේද? ශ්‍රී ලංකාව පුරා සිටින තවත් බොහෝ දෙනෙකුට නිවැරදි බයිබල් ඉගැන්වීම් අඛණ්ඩව සැපයීමට සහ එමගින් බයිබලයේ ජීවිතය වෙනස් කරන ප්‍රඥාව සැමට තේරුම්ගත හැකිවීමටත් ලබාගත හැකිවීමටත් අප කරන මෙහෙවරට උපකාර කිරීමට ඔබත් කැමතිද?