කිසිදා අත්හරිනු නොලැබීම
මාගේ සීයා මිය යද්දී, ඔහුට සමුදීමට මම ආරෝග්‍යශාලාවට ගියෙමි. ශාලාවන් හිස්ව තිබුණි. ඔහුගේ කාමරය විෂබීජහරණයකර තිබුණි- ෆ්ලෝරසන්ට් විදුලි බල්බ, ලිනෝලියම් පොළොව, පැලයක් සහිත එක පෝච්චියක්, පවුලේ පින්තූරයක්, එහි තිබුණි. මුලු ස්ථානයම විනාකිරි සහ ලෙමන් සුවඳින් පිරී තිබුණි. පුද්ගලයෙක් මැරෙන සැටි මම ඊට පෙර දැක තිබුණේ නැත. නමුත් ඔහුගේ හුස්ම ගැනීම තුළින් මරණයේ කැඩිකැඩී එන ශබ්දය මට ඇසුණු අතර ඔහුගේ ගිලී ගිය ඇස්වලින් මම එය දුටුවෙමි. ඔහුට සමුදීමට මට අවශ්‍ය විය. (ඔහු සිහි ඇතිව නොසිටියත්) ඔහු මෙම දුක්බර අඳුරු ස්ථානයේ වුවත් ඔහු තනිවම නොසිටින බව ඔහුට දැනගන්නට සැලැස්වීමට මට අවශ්‍ය විය.
ඔබේ අඳුරුම පැයේදී ඔබ තනිවම බව දැනීමට වඩා නරක දෙයක් තිබිය හැකිද? එහෙත් ජේසුස් වහන්සේට මෙම දුකම දැනුනි. කුරුසිය මතදී උන් වහන්සේ මොරගැසුවේ, “මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද?” යනුවෙනි (මතෙව් 27:46). උන් වහන්සේ හඬ නඟා ප්‍රකාශ කළේ තමන්ටම සිදුවූ අකටයුත්ත හෝ යුතුකම් පැහැර හැරීම ගැන පමණක්ම නොවේ. උන් වහන්සේ මුලු ලෝකයාගේම මාරාන්තික දුක් වේදනාවේ හඬද මහත් හඬින් ප්‍රකාශ කළ සේක. ක්‍රිස්තුස් වහන්සේ පැවසුවේ අත්හැරීම ගැන පමණක් නොව ඉශ්‍රායෙල්වරුන්ගේ යාච්ඤාවක්ද සිහිපත් කළේය (ගීතාවලිය 22:1). දෙවියන් වහන්සේ ඔවුන් අත්හරිනු ඇතැයි කියා ඉශ්‍රායෙල්වරුන්ට තිබුණු භය උන් වහන්සේ දෝංකාර දෙන්නට සැළැස්වූසේම අපගේ බලාපොරොත්තු කඩවන අවස්ථාවලට මුහුණ දෙන විටදී අපට දැනෙන එම භය ගැන උන් වහන්සේ අප සමඟද යාච්ඤා කරන සේක. අපේ දරුවෙක් අහිමි වනවිට හෝ විවාහය අසාර්ථක වන විට දෙවියන් වහන්සේ අප සමඟ නොසිටීම ගැන අපි භය වෙන්නෙමු.
කෙසේවෙතත්, ජේසුස් වහන්සේ තනිවූ එම කුරුසිය මත, ඉක්මණින් නැවත නැගිටීම සිදුවෙන්නට තිබියදී, අපගේ බිඳුණු බලාපොරොත්තුවලට පිළිතුරු දුන් සේක. අපට අත්හරිනු ලැබූ බවක් දැනෙනු ඇත. එහෙත් ජේසුස් වහන්සේ සත්‍යය එළිදරව් කරන සේක. මරණ සෙවණේ මිටියාවතේදී පවා දෙවියන් වහන්සේ නිතරම අප සමඟ සිටින සේක. කිසිදාක අප අත්හරිනු නොලබන්නෙමු.
වින් කොලියර්
අත්හරිනු ලැබූ බව ඔබට දැනුනේ කොතැනද?
එම අත්හරිනු ලැබූ ස්ථානයේදී දෙවියන් වහන්සේ ඔබට මුණගැසුණේ කෙසේද?
දයාබර දෙවියන් වහන්ස, අත්හරිනු ලැබීමේ හැඟීම යනු කුමක්ද කියා මම දනිමි. ඔබ වහන්සේ නිසා, මා කිසිවිටෙක තනි නොවන බව මම දනිමි.
|
|
|
|
