බොහෝ නරකද? බොහෝ ප්‍රමාදද?

අද දේව වචනය කියවීම:ලූක් 23:32–43
උන් වහන්සේ ද, කතා කරමින් “ඇත්තෙන් ම මම ඔබට කියමි, ඔබ මා සමඟ අද ම පාරාදීසයෙහි සිටින්නෙහි ය”යි වදාළ සේක.—ලූක් 23:43

ක්‍රිස්ටෝෆර් හිචන්ස් යනු ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින ඇදහිලිවතුන් සමඟ ප්‍රබලව විවාද කළ ප්‍රසිද්ධ අදේවවාදියෙකි. ඔහු පිළිකාවකින් මිය යමින් සිටියදී මෙවැනි ප්‍රකාශයක් කළේය. එනම් ඔහු මරණ මංචකයේ සිටිද්දී ජේසුස් වහන්සේ වෙතට හැරුණේය කියා යම් කෙනෙකුට ඇසුණොත් එය ඔහුගේ මනස අවුල්වී ඇති බවට සහතිකයක් ලෙස පිළිගන්න යනුවෙනි. ක්‍රිස්ටෝෆර් මිය ගිය පසුව, වාදකිරීමේදී ප්‍රතිවිරෝධියෙකු වූ මිතුරෙකු විසින් හිචන්ස් මරණයට මුහුණ දීමේදී බලාපොරොත්තුවක් නැතිවන විට තමා ක්‍රිස්තුස් වහන්සේ වෙතට හැරෙන්නට ඉඩ ඇති බව දැනගෙන ඔහුගේ අනුගාමිකයන්ට එය පෙර දැනුවත් කිරීමක් ලෙස අනතුරු හැඟවීමක් කළා විය හැකි බවට සටහනක් තැබුවේය. කවුද දන්නේ? ඔහු එසේ කළා විය හැකියි. පුද්ගලයෙකුට ඔහුගේ මුලු ජීවිත කාලයම දෙවියන් වහන්සේ සමඟ සටන් කළ හැකි වුවත් තවමත් ඉතිරි අවසන් තත්පර කීපයකින් හැරී කරුණාවෙන් ගැලවීම ලබා ගත හැකිව තිබේ. එය මීට පෙර සිදුවී තිබේ.

කුරුසිපත්වූ සොරා ගත කර තිබුණේ නපුරු ජීවිතයකි. ඔහු තම සමගාමී අපරාධකරුට මෙසේ කීවේය. “අපට දඬුවම් ලැබීම සාධාරණය. අපට මේ ලැබෙන්නේ අපේ ක්‍රියාවලට සුදුසු විපාක හැටියටය. එහෙත් මේ තැනැත්තා කිසිම වරදක් කර නැතැයි උත්තර දුන්නේය“ (ලූක් 23:41). දැන් ඔහුගේ මහත්වූ ආත්මික අවශ්‍යතාවය කෙරෙන් අවධානය ඉවත් කරවන ලෙස ශාරීරික වේදනාව තර්ජනයක් වන අවසාන බලවත්ම වේදනාවේ පැයට ඔහු පැමිණ සිටී.

එහෙත් ඔහු එම අනර්ඝ මිනිත්තු ගණන නාස්ති කරමින් සිටියි. ඔහු මුලින්ම ජේසුස් වහන්සේට සරදම් කරමින් නින්දා අපහාස කළ අය සමඟ එකතුවුණේය (මාර්ක් 15:32). නමුත් ඔහු කුරුසියේ එල්ලී, මරණය අපේක්ෂාවෙන් සිටියදී, අවසාන වරට ඔහුට ලබා ගත හැකි යහපත් දෙය දෙස හැරී බැලුවේය. “ජේසුස් වහන්ස, ඔබ රාජශ්‍රීයෙන් වඩිනා කල මා සිහි කළ මැනවැයි කීය” (ලූක් 23:42).

කාලයේ අවසානයට පැමිණි අයත් ඇතුලුව, සියලු මිනිසුන් ගළවා ගැනීමට දෙවියන් වහන්සේ කැමති වන සේක. අප කර ඇති වැරදි ගැන අවධානය යොමු කරනවා වෙනුවට ජේසුස් වහන්සේ දෙස බලමු,

මයික් විට්මර්

ඔබේ ලොකුම පස්චාත්තාපයන් මොනවාද?
ඔබ සමාව ලබන්නට නුසුදුසු කෙනෙකුයැයි ඔබ සිතනවා ඇත්තේ ඇයි?

ආදරණීය ජේසුස් වහන්ස; මම ඔබවහන්සේ දෙස පමණක්ම බලන්නෙමි, මක්නිසාද සැබවින්ම මා ගළවා ගත හැක්කේ ඔබට පමණයි.