අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ඇඩම් ආර් හෝල්ස් විසින් රචිත ලිපි

මගේ රිය පැදවීම කොහොමද?

“ආර්ර්ග්හ්!” අලුත්වැඩියා කරන ලද ට්‍රක් රථය මා ඉදිරියෙන් හරවන විට මම කෑගැසුවෙමි.

දූරකථන අංකය සමග “මගේ රිය පැදවීම කොහොමද ?” යනුවෙන් වාහනයේ ලියා තිබූ පණිඩය මම දුටුවේ ඒ අවස්ථාවේදීය. මම දුරකථනය ගෙන එම දුරකථන අංකයට ඇමතුවෙමි. එයට ප්‍රතිචාර දැක්වූ කාන්තාවක්, මා කතා කිරීමට හේතුව කුමක්ද කියා මගෙන් ඇසුවාය. එයට පිළිතුරක් වශයෙන්, මා මගේ කලකිරීම ප්‍රකාශ කළෙමි. ඇය ට්‍රක් රථයේ අංකය ලියා…

වල්පැලෑටි වලට ජලය දැමීම

මේ වසන්තයේ “ජුරාසික් පාර්ක්” චිත්‍රපටයේ සේ අපේ ගෙවත්තේ වල් පැලෑටි අධික ලෙස වැවුණි. එක් පැළෑටියක් කොතරම් විශාල වීද යත්, මා එය උදුරා දැමීමට උත්සාහ කළ විට, මටම තුවාල වේ යැයි මම බිය වුණෙමි. එය කපා දැමීමට උදැල්ලක් සොයා ගැනීමට පෙර, මගේ දුව එයට ජලය වක්කරන බව මම දුටුවෙමි. “ඇයි ඔබ වල් පැළෑටි වලට වතුර දමන්නේ?!” කියා මම කෑගැසුවෙමි. “එය කොච්චර…

කරුණාව තුළින් නව ආරම්භයක්

පසුගිය දශක කිහිපය තුළ, අපගේ චිත්‍රපට වචන මාලාවට නව වචනයක් ඇතුළු වී ඇත: “රීබූට්” (නැවත ආරම්භ කරන්න), යනුවෙනි. සිනමා භාෂාවෙන් කියා සිටිනවා නම්, රීබූට් කිරීම යනු, පැරණි කතාවක් ගෙන එයට ජවයක් ලබා දීමයි. සමහර “නව ආරම්භයක් දුන් කථා”, සුපිරි වීර කතාවක් හෝ සුරංගනා කතාවක් වැනි හුරුපුරුදු කතාවක් නැවත කියයි. එසේම, වෙනත් “නව ආරම්භක කථා”, අඩුවෙන් ප්‍රසිද්ධ වූ කතාවක් ගෙන එය…

සම්පූර්ණයෙන්ම පවිත්‍ර කර ඇත

මෑතකදී, මගේ බිරිඳ සහ මම අමුත්තන් පැමිණීමට පෙර අපගේ නිවස පිරිසිදු කරමින් සිටියෙමු. අපේ මුළුතැන්ගෙයි බිම සුදු ටයිල් තට්ටුවේ අඳුරු පැල්ලම් කිහිපයක් මම දුටිමි: ඒවා පිරිසිදු කිරීමට නම් මගේ දණින් සිටිමින් අතුල්ලන්ට අවශ්‍ය වූ බවක් පෙණුනි. නමුත් මම ඉක්මනින්ම යමක් අවබෝධ කර ගත්තෙමි: එනම්, මා අතුල්ලන තරමට වැඩි වැඩියෙන් මම වෙනත් පැල්ලම් දුටුවෙමි. මම පැල්ලම් ඉවත් කරන විට අනෙක් පැල්ලම්…

කෝපි සුවඳැති හුස්ම

අවුරුදු ගණනාවකට කලින් දිනක උදෑසන, මම මගේ පුටුවේ වාඩිවී සිටිය අවස්ථාවකදී මගේ බාල දියණිය පහළ තට්ටුවට පැමිණියාය. ඇය කෙලින්ම මා වෙතට පැමිණ මගේ ඔඩොක්කුවට නැග ගත්තාය. මා ඇයව පියෙකු මෙන් වැළඳගෙන හිස මත මෘදු හාදුවක් දුන් අතර ඇය සතුටින් කෑගැසුවාය. නමුත් පසුව ඇය ඇගේ නළල රැලි කර, නාසය හකුළා, මගේ කෝපි කෝප්පය දෙසට චෝදනාත්මක බැල්මක් හෙළුවාය. ”තාත්තේ” කියා ඇය ගරුගාම්භීරව…

අවුල් ජාලාවක් මැද කරුණාව

මා නොදැනුවත්වම කෙටි නින්දක් ලබමින් සිටි අවස්ථාවේදී, එය මාව නිමේෂයකින් අවදි කළේය. පහළම මාලයේ සිට, මගේ පුතා ඔහුගේ විදුලි ගිටාරය අධික ශබ්දයකින් වාදනය කළේය. බිත්ති දෝංකාර දුන්නේය. සමාදානයක් නොවීය. නිශ්චලතාවයක් නොවීය. සුව නින්දක් නොවීය. ටික වේලාවකට පසු, සන්සුන් සංගීතයක් මගේ කන්වලට ඇසුණි : මගේ දුව “එමේසින් ග්‍රේස්” (පුදුමාකාර කරුණාව) යන ලස්සන ගීතිකාව තමන්ගේ පියානොවේ වාදනය කිරීමට පටන් ගත්තාය.

සාමාන්‍යයෙන් මම…

ධාවන තරඟයේ යෙදීම

ස්ටෑටිස්ටා වෙබ් අඩවියට අනුව ඇමෙරිකානු ජාතික පාපන්දු කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන්ගේ වෘත්තීය ජීවිතය ඉතා කෙටිය. සාමාන්‍යයෙන් වසර 3යි මාස 4කි කි. ඒ සමඟම ප්‍රතිවාදීන්ගේ මූලික ස්ථානයේ ක්‍රීඩා කරමින් සිටී ටොම් බ්‍රැඩි නමැති ක්‍රීඩකයා 2021 දී, සිය විසිදෙවන තරඟාවලිය ආරම්භ කළේ වයස අවුරුදු හතළිස් හතරේදී ය. කෙසේද? සමහර විට ඔහුගේ, ජනප්‍රිය දැඩි ආහාර රටාව සහ ව්‍යායාම චර්යයාව නිසා තරඟකාරිත්වය පවත්වා ගැනීමට ඔහුට හැකි…

“එය ඔබේම කර ගන්න, යහළුවා!”

2002 ජූනි 11 වන දින “ආමරිකන් අයිඩල්” නම් ගායනා තරඟය ආරම්භ වුනි. සෑම සතියකම බලාපොරොත්තු වන්නන් ජනප්‍රිය ගීතවල ඔවුන්ගේම අනුවාද ඉදිරිපත් කළ අතර නරඹන ප්‍රේක්‍ෂකයින් තරඟයේ ඊළඟ වටයට පිවිසෙන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ඡන්දය ප්‍රකාශ කළහ.

ප්‍රසංගයේ විනිශ්චය මණ්ඩලයේ එක් විනිසුරුවෙක් ලෙස රැන්ඩි ජැක්සන්ගේ වචන මෙසේ ප්‍රතිපෝෂණය වූයේ එක් තරඟකරුවෙක්ටය. “ඔබ එම ගීතය ඔබේම කර ගත්තා, යහළුවා!”. ගායකයෙක් සුපුරුදු තාලයක් ගෙන…

දෙවිඳුන්ගේ අවධානය

මම විවාහ ගිවිස ගැනීමේ මුදු සඳහා සාප්පු ගිය විට හරියටම නිවැරදි දියමන්තිය සොයමින් පැය ගණනාවක් ගත කළෙමි. “මට හොඳම එක මග හැරුණොත් මක් වේවිද” යන සිතුවිල්ලෙන් මම පීඩා වින්දෙමි.

ආර්ථික විද්‍යාඥ බැරි සුවාර්ට්ස්ට අනුව මාගේ නිදන්ගත අවිනිශ්චිත භාවයෙන් පෙන්නුම් කරන්නේ “සෑහීමකට පත්වන්නෙකු” වෙනවාට ප්‍රතිවිරුද්ධව “උපරිමයෙන් කරන්නෙකු” ලෙසය. තෘප්තිමත් වන්නෙක් තේරීම් කරන්නේ සමහර දේවල් ඔවුන්ගේ අවශ්‍යතාවය සඳහා ප්‍රමාණවත්ද යන මතය අනුවය.…

අප සඳහා ස්ථානයක් සුදානම් කිරීම

අපේ පවුලේ අය බලු පැටියෙකු ලබා ගැනීමට සැළසුම් කරමින් සිටි නිසා මගේ එකොළොස් හැවිරිදි දියණිය මාස ගණනක් ඒ ගැන පර්යේෂණ කළාය. තවත් බොහෝ විස්තර සමග බල්ලා ආහාරයට ගත යුතු දේ සහ ඌව අපගේ නව නිවසට හඳුන්වා දෙන්නේ කෙසේද කියා ඇය දැන සිටියාය.

බලු පැටවුන්ට එක් වරකට එක් කාමරයක් හඳුන්වා දීම වඩාත් සුදුසු වන්නේය කියා ඇය මට කීවාය. එම නිසා අපි…