අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ඇඩම් ආර් හෝල්ස් විසින් රචිත ලිපි

සන්නාම තානාපතිවරුන්ට වඩා

අන්තර් ජාලය තුළ තරඟකාරීත්වය ඉතා උග්‍රවී තිබේ. පාරිභෝගිකයන් ඇද ගැනීමට සමාගම් නිර්මාණශීලි ක්‍රම වර්ධනය කරති. නිදසුනක් ලෙස සුබාරු වාහන අරගන්න. සුබාරු අයිතිකරුවන් සුප්‍රසිද්ධ ලෙස විශ්වාසවන්ත වන හෙයින් සමාගම විසින් “සුබී අතිප්‍රේක්‍ෂකයන්ට” වාහන වල සන්නාම තානාපතියන් වන ලෙසට ඇරයුම් කළහ.

සමාගමේ වෙබ් අඩවිය පවසන්නේ “සුබාරු තානාපතිවරුන් ඊටම කැපවුනු ශක්තියෙන් පිරි කැපී පෙනෙන කණ්ඩායමක් වන අතර ඔව්හු වර්ගයේ අනාගතය හැඩ ගැස්වීම සඳහා…

පාපය සෙමෙන් ගමනෙන් දොරෙන් පිටතට

ඒවා සැපිය නොයුතු බව වින්ස්ටන් දනී. ඒහෙයින් ඔහු කපටි උපක්‍රමයක් යොදා ගත්තේය. අප එයට සෙමින් ඇවිදීම යයි කියමු. වින්ස්ටන් විසිකර ඇති ඉවත දැමූ සපත්තුවක් දුටුවහොත් සෙමෙන් ඒ පැත්තට ගොස් එය අල්ලා ගෙන සෙමින් ඇවිද යයි. මෙහි දකින්න යමක් නැත. කවුරුන් හෝ නොදැක්කොත් දොරෙන් පිටතට යයි. “අම්මා ඔබගේ සපත්තුව වින්ස්ටන් දොරෙන් පිටතට සෙමෙන් ඇවිද්දගෙන ගියා”.

අපගේ පාපයටද දෙවියන්වහන්සේව පසුකර “සෙමෙන් ඇවිදගෙන”…

බලාපොරොත්තු නොවන ස්ථානවල ශුභාරංචිය

රූපවාහිනියේ සහ චිත්‍රපටිවල ගණන් කළ නොහැකි තරම් දැක ඇති ස්ථානයක මම සිටියෙමි. ඒ කැලිෆෝර්නියාවේ හොලිවුඩ් වලය. ලොස් ඇන්ජල්ස් කඳු පාමුළ දැක්වුනු එම විශාල සුදු අකුරු ආඩම්බරයෙන් එහා මෙහා යන ආකාරය මම මගේ හෝටල් කාමරයේ සිට දුටුවෙමි.

ඒ අතර මට තවත් යමක් පෙණුනි. වම් පසට කැපී පෙනෙන කුරුසියකි. මම එය කිසි දිනෙක චිත්‍රපටියක දැක නොතිබුණි. මා හෝටල් කාමරයෙන් පිටතට පැමිණි විගස…

ප්‍රතිෂ්ඨාපනය කරන දෙවියන්වහන්සේ

1966 නොවැම්බර් 4 වෙනිදා, ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරය හරහා විනාශකාරී ගංවතුරක් ගලා ගිය අතර, ජෝර්ජියෝ වසාරි ගේ සුප්‍රසිද්ධ කලා කෘතිය වූ “අවසාන රාත්‍රී භෝජනය” - පැය දොළහකට වැඩි කාලයක් මඩ, ජලය සහ රත් වී තිබූ තෙල් මිශ්‍රණයකට යට වී තිබුණි. එහි තීන්ත මෘදු වී එහි ලී රාමුව සැලකිය යුතු ලෙස හානි වීමත් සමඟ බොහෝ දෙනා විශ්වාස කළේ එම පින්තාරුව අලුත්වැඩියා කළ…

සියල්ල යේසුස්වහන්සේ වෙනුවෙන්

ජෙෆ්ට වයස අවුරුදු දාහතරක් වන විට ඔහුගේ මව ඔහුව ප්‍රසිද්ධ ගායකයෙකු හමුවීමට රැගෙන ගියාය. ඔහුගේ යුගයේ බොහෝ සංගීතඥයන් මෙන්, බී. ජේ. තෝමස් නමැති ගායකයා සංගීත චාරිකාවල යෙදී සිටියදී විනාශකාරී ජීවන රටාවකට හසු වී සිටියේය. නමුත් එය සිදු වී තිබුණේ ඔහු සහ ඔහුගේ බිරිඳට යේසුස්වහන්සේව හඳුන්වා දීමට පෙරයි. ඔවුන් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් වූ විට ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් විය.

ප්‍රසංගය පැවති…

මගේ රිය පැදවීම කොහොමද?

“ආර්ර්ග්හ්!” අලුත්වැඩියා කරන ලද ට්‍රක් රථය මා ඉදිරියෙන් හරවන විට මම කෑගැසුවෙමි.

දූරකථන අංකය සමග “මගේ රිය පැදවීම කොහොමද ?” යනුවෙන් වාහනයේ ලියා තිබූ පණිඩය මම දුටුවේ ඒ අවස්ථාවේදීය. මම දුරකථනය ගෙන එම දුරකථන අංකයට ඇමතුවෙමි. එයට ප්‍රතිචාර දැක්වූ කාන්තාවක්, මා කතා කිරීමට හේතුව කුමක්ද කියා මගෙන් ඇසුවාය. එයට පිළිතුරක් වශයෙන්, මා මගේ කලකිරීම ප්‍රකාශ කළෙමි. ඇය ට්‍රක් රථයේ අංකය ලියා…

වල්පැලෑටි වලට ජලය දැමීම

මේ වසන්තයේ “ජුරාසික් පාර්ක්” චිත්‍රපටයේ සේ අපේ ගෙවත්තේ වල් පැලෑටි අධික ලෙස වැවුණි. එක් පැළෑටියක් කොතරම් විශාල වීද යත්, මා එය උදුරා දැමීමට උත්සාහ කළ විට, මටම තුවාල වේ යැයි මම බිය වුණෙමි. එය කපා දැමීමට උදැල්ලක් සොයා ගැනීමට පෙර, මගේ දුව එයට ජලය වක්කරන බව මම දුටුවෙමි. “ඇයි ඔබ වල් පැළෑටි වලට වතුර දමන්නේ?!” කියා මම කෑගැසුවෙමි. “එය කොච්චර…

කරුණාව තුළින් නව ආරම්භයක්

පසුගිය දශක කිහිපය තුළ, අපගේ චිත්‍රපට වචන මාලාවට නව වචනයක් ඇතුළු වී ඇත: “රීබූට්” (නැවත ආරම්භ කරන්න), යනුවෙනි. සිනමා භාෂාවෙන් කියා සිටිනවා නම්, රීබූට් කිරීම යනු, පැරණි කතාවක් ගෙන එයට ජවයක් ලබා දීමයි. සමහර “නව ආරම්භයක් දුන් කථා”, සුපිරි වීර කතාවක් හෝ සුරංගනා කතාවක් වැනි හුරුපුරුදු කතාවක් නැවත කියයි. එසේම, වෙනත් “නව ආරම්භක කථා”, අඩුවෙන් ප්‍රසිද්ධ වූ කතාවක් ගෙන එය…

සම්පූර්ණයෙන්ම පවිත්‍ර කර ඇත

මෑතකදී, මගේ බිරිඳ සහ මම අමුත්තන් පැමිණීමට පෙර අපගේ නිවස පිරිසිදු කරමින් සිටියෙමු. අපේ මුළුතැන්ගෙයි බිම සුදු ටයිල් තට්ටුවේ අඳුරු පැල්ලම් කිහිපයක් මම දුටිමි: ඒවා පිරිසිදු කිරීමට නම් මගේ දණින් සිටිමින් අතුල්ලන්ට අවශ්‍ය වූ බවක් පෙණුනි. නමුත් මම ඉක්මනින්ම යමක් අවබෝධ කර ගත්තෙමි: එනම්, මා අතුල්ලන තරමට වැඩි වැඩියෙන් මම වෙනත් පැල්ලම් දුටුවෙමි. මම පැල්ලම් ඉවත් කරන විට අනෙක් පැල්ලම්…

කෝපි සුවඳැති හුස්ම

අවුරුදු ගණනාවකට කලින් දිනක උදෑසන, මම මගේ පුටුවේ වාඩිවී සිටිය අවස්ථාවකදී මගේ බාල දියණිය පහළ තට්ටුවට පැමිණියාය. ඇය කෙලින්ම මා වෙතට පැමිණ මගේ ඔඩොක්කුවට නැග ගත්තාය. මා ඇයව පියෙකු මෙන් වැළඳගෙන හිස මත මෘදු හාදුවක් දුන් අතර ඇය සතුටින් කෑගැසුවාය. නමුත් පසුව ඇය ඇගේ නළල රැලි කර, නාසය හකුළා, මගේ කෝපි කෝප්පය දෙසට චෝදනාත්මක බැල්මක් හෙළුවාය. ”තාත්තේ” කියා ඇය ගරුගාම්භීරව…