අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ඒමි බුෂේ පායි විසින් රචිත ලිපි

දෙවියන්වහන්සේ කෙරෙහි එල්ලී සිටීම

ජොනී ඉරෙක්සන් ටාඩා විසින් රිකා ගැන කථා කරද්දී ඇය ඉස්මතු කර දක්වන්නේ තම මිතුරියගේ “කාලය විසින් පරීක්‍ෂා කරන ලද දෙවියන්වහන්සේ කෙරෙහි වූ ගැඹුරු ඇදහිල්ල” සහ දැඩි ආබාධිත තත්ත්වයේ පවතින විට ඇය වර්ධනය කර ගත් දරා ගැනිම ගැනය. වසර පහලොවකට අධික කාලයක් තිස්සේ රිකා ඇඳකට සීමා වූවාය. ඇගේ කාමරයේ කුඩා ජනේලයෙන් ඇයට සඳවත් දැකිය නොහැකි විය. නමුත් ඇගේ බලාපොරොත්තුව සිඳී නොගියේය.…

යේසුස්වහන්සේට සේවය කිරීම

1800 ගණන් වල මුල් අවධියේදී එලිසබෙත් ෆ්‍රයි ලන්ඩන් නුවර කාන්තා සිරගෙයක් දැක මවිත වූවාය. කාන්තාවන් සහ දරුවන් එක ගොඩේ සිටි අතර සීතල ගල් පොළොව මත නිදා ගැනීමට ඔවුන්ට සළස්වා තිබුණි. ඔවුන්ට ඇඳ ඇතිරිලි නොවූවත් ජින් වැගිරෙන පයිප්යක් විවෘතව තිබුණි. ඇය වසර ගණනාවක් සිරගෙට යමින් ඇඳුම් සැපයීමෙන්ද පාසැලක් විවෘත කිරීමෙන්ද බයිබලය ඉගැන්වීමෙන්ද එහි වෙනසක් ඇති කළාය. නමුත් බොහෝ අය ඇගේ විශාලතම…

යටහත් ජෝර්න්

බිම අස්වද්දන අඳ ගොවියෙක් වූ ජෝර්න් එතරම් වටී වි යැයි ඔවුහු නොසිතූහ. ඔහුගේ දුර්වල පෙනීම සහ අනෙකුත් භෞතික බාධා මධ්‍යයෙහි වුවද ඔහු සිටි ගම වූ නෝර්වේහී අය වෙනුවෙන් තමන්වම වගුරවමින් වේදනාව නිසා අවදියෙන් සිටි බොහෝ රත්‍රී කාලයන්හී ඔහු යාච්ඤා කළේය. ඔහු ගෙයින් ගෙට යමින් එක් එක් පුද්ගලයාට එනම් තවමත් ඔහුට හමුවී නැති දරුවන්ගේ පවා නම් කරමින් යාච්ඤා කළේය. සෙනග ඔහුගේ…

දෙවියන්වහන්සේව දැන ගැනීමට සැළැස්වීම

කැතරින්ගේ බයිබල් පරිවර්තන කාර්යට හේතුව වූයේ දෙවියන්වහන්සේට සහ සෙනගට ඇති ප්‍රේමයයි. ඔවුන්ගේම මව් භාෂාවෙන් බයිබලය කියවීමෙන් ඉන්දියාවේ කාන්තාවන් දේව වචනය ගැන ගැඹුරු අවබෝධයක් ලබන විට ඇය ප්‍රීති වූවාය. ඇය පවසන්නේ ඔවුන් එසේ කියවන විට “ඔවුන් බොහෝ විට ඔල්වරසන් දී අත්පුඩි ගසන බවය. ඔව්හු යේසුස්වහන්සේ ගැන කියවා “ඕ... මනහරයි” කියා කියන බවය.

වැඩිපුර සෙනගක් ඔවුන්ගේ මව් භාෂාවෙන් බයිබලය කියවීම කැතරින්ගේ ආශාව…

දකින්න ඇස්

ජෝයි තම ඥාතියෙක් වන සැන්ඩි ගැන කරදර වූවාය. වසර ගණනාවක් ඇය මත්පැන් සහ මානසික ගැටළු සමග පොර බැදුවාය. ජෝයි සැන්ඩිගේ මහල් නිවසට ගිය විට දොර වසා ඇති බවත් එහි කිසිවෙක් පෙනෙන්ට නොසිටී බවත් පෙනෙන්ට තිබුණි. ඇයත් අන් අයත් සැන්ඩිව සෙවීමට සැළසුම් කළ අතර ජෝයි යාච්ඤා කළාය. “දෙවියන්වහන්ස, නොපෙනෙන දේ දකින්න මට උදව් කළ මැනව”. ඔවුන් පිටත් වන විටදී ජෝයි නැවතත්…

පෙනීමට ඇස්

ජෙනිවිට තම දරුවන් තිදෙනාටම ඇස් වීමට සිදු වුයේ ඔවුන් තිදෙනාගේම ඇස්වල ජන්මයෙන්ම සුද රෝගය තිබූ නිසාය. බටහිර අප්‍රිකාවේ බෙනින් ජනරජයේ ඔවුන්ගේ ගමට යන සෑම විටම ඇය ළදරුවා පිටේ බැඳ ගෙන වැඩිමහල් දරුවන් දෙදෙනාගේ අත් දෙකෙන් අල්ලා ගෙන ගියේ සෑම විටම අනතුරක් වේදෝයි බලමිනි. අන්ධභාවය ඇති වන්නේ හූනියම් නිසා යැයි සැළකෙන සංස්කෘතියක ජෙනිවි කලකිරීමෙන් යුතුව උපකාරය සඳහා දෙවියන්වහන්සේට මොර ගැසුවාය.

දිනක්…

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අද නැගිටුණු සේක

චාර්ල්ස් සිමියොන් එංගලන්තයේ කේම්බ්‍රිජ්හී විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට පෙර ඔහු අශ්වයන්ට සහ ඇඳුම් වලට බොහෝ සෙයින් ආශා කළ අතර වසරකට විශාල මුදලක් ඇඳුම්වලට වැය කළේය. නමුත් නියත වශයෙන්ම රාත්‍රී භෝජනයන්ට සහභාගී වීම විශ්ව විද්‍යාලයේ ඔහු කළ යුතු වූ බැවින් ඔහුගේ ඇදහිල්ල ගවේෂණය කිරීමට ඔහු පටන් ගත්තේය. යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් ලීවාවූ පොත් කියවීමෙන් පසු පාස්කු දිනයේදී ඔහු මනහර වෙනසක් අත්දුටුවේය. 1779…

ප්‍රේම කිරීමට අලුත් ආඥාවක්

දහතුන් වන සියවසේ මුලදී ආරම්භ වූ චාරිත්‍රයක් ලෙස එක්සත් රාජධානියේ රාජකීය පවුලේ සාමාජිකයන් විසින් මහ සිකුරාදාට පෙර දින එනම් මහා බ්‍රහස්පතින්දා දිනයේදී අවශ්‍යතාවයන්ගෙන් පෙළෙන ජනතාවට ත්‍යාග ලබා දුන්හ. එම ක්‍රියාව පදනම් වී ඇත්තේ “මොන්ඩි” යන ඉංග්‍රිසි වචනයේ ලතින් වචනය වන “මැන්ඩාටම්” යන්නෙනි. එහි තේරුම වන්නේ ආඥාවයි. මේ ආඥාව සමරන්නේ යේසුස්වහන්සේ තම මිතුරන්ට උන්වහන්සේ මිය යාමට පෙර දිනයෙහි දුන් අලුත් ආඥාව…

අපගේ සතුරන්ට ප්‍රේම කිරීම

ඇමෙරිකානු සිවිල් යුද්ධය තිත්තකමේ බීජ ඉස්මතු කරමින් තිබුණු විටෙක දකුණ ගැන කරුණාවන්ත වචනයක් කථා කිරීම සුදුසු බව ඒබ්‍රහැම් ලින්කන්ට වැටහුණි. විමතියට පත්වූ බලා සිටින්නියක් ඔහු එසේ කරන්නේ කෙසේදැයි ඇසීය. ඔහු පිළිතුරු දුන්නේ “මහත්මිය, මම මාගේ සතුරන්ව මිතුරන් බවට පත් කර ගත් විට මම ඔවුන්ව විනාශ කරනවා නොවේද?” යනුවෙනි. එම වචන ආවර්ජනය කරමින් සියවසකට පසු කණිෂ්ඨ මාර්ටින් ලූතර් කිං ප්‍රකාශ කළේ…

දෙවියන්වහන්සේගේ වෙනස් කරන්නාවූ වචනය

තම චීන ස්වාමි පුරුෂයා වන සියෝ හූට විශේෂ පොතක් මිළදී ගැනීමට ක්‍රිස්ටීන්ට අවශ්‍ය වූ අතර ඇයට සොයා ගත හැකිවූ එකම පොත වූයේ චීන බයිබලයක් පමණි. ඔවුන් දෙදෙනාම ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් නොවූවත් ඔහු ත්‍යාගය අගය කරනු ඇතැයි ඇය බලාපොරොත්තු වූවාය. බයිබලය දුටු සැණින් ඔහු කෝප වූවත් අවසානයේ ඔහු එය පිළිගත්තේය. ඔහු එය කියවද්දී එහි පිටු තුළ වූ සත්‍යයන් ඒත්තු ගැන්වුනි. මෙම…