යේසුස්වහන්සේ ගැන සෙනඟට කථා කරන්න
පාවුල් යුදෙව්වන්ගේ පවිත්‍රවීමේ උත්සවයට දේව මාළිගාවට ගොස් තිබුණි (ක්‍රියා 21:26). ඔහු ව්‍යවස්ථාවට පිටින් කථා කරන්නේයයි සිතූ සමහර කැරළිකරුවෝ ඔහුව මැරීමට උත්සාහ කළහ (31 පදය). රෝම සොල්දාදුවෝ වහාම ක්‍රියාත්මක වී ඔහුව අත් අඩංගුවට ගෙන ගැට ගසා ඔහුව දේව මාළිගා පරිශ්‍රයෙන් පිටතට ගෙන ගියහ.
“ඔහුව නැතිකරපන්න” කියා (36 පදය) සෙනඟ මොර ගසමින් පස්සෙන් ගියහ.
මෙම තර්ජනයට අපෝස්තලුවරයා ප්‍රතිචාර දැක්වූයේ කෙසේද? ඔහු සොල්දාදුවන්ගේ…
යේසුස්වහන්සේ වෙනුවෙන් දිවීම
මීටර් සියයේ තරඟය ගැන ජනතාව කල්පනා කරන විට ඔවුන්ට දැනට ලෝක වාර්තාව හිමි උසේන් බෝල්ට්ව සිහියට නැගෙනු ඇත. නමුත් අපට “හරිකේන්” (චණ්ඩමාරුතය) නම්වූ හෝකින්ස්වද අපට අමතක කළ නොහැකිය. ලුසියානාහි පැවති ජ්‍යෙෂ්ඨයින්ගේ තරඟයකදී අනිත් සියලුම ධාවකයින්ට වඩා ඉදිරියෙන් ජුලියා දිනුම් කණුව පසු කළාය. ඇගේ කාලය බෝල්ට්ගේ තත්පර 9.58 ක් වූ කාලයට වඩා තත්පර 60 ක් පමණ වැඩි විය. නමුත් ඇයගේ වයස…
දෙවියන්වහන්සේ සපයන ආරක්ෂාව
සෑම වසරකම මමත් මගේ භාර්යාවත් සැතපුම් සිය ගණනක් පාපැදි පදින්නෙමු. අත්දැකීම් තීව්ර කිරීමට අපගේ පාපැදිවලට සමහර උපකරණ සවිකර ඇත්තේය. මගේ බිරිද සූ ගේ පාපැදියේ ඉදිරි ලාම්පුවක්ද පසුපස ලාම්පුවක්ද දුර මනින මීටරයක්ද අගුලක්ද තිබේ. මගේ පාපැදියේ වතුර බෝතල් රඳවනයක් ඇත. ඇත්තෙන්ම අමතර දේවල් නැතිව සෑම දිනකම අප යන සැතපුම් ගණන සාර්ථකව අපට ගිය හැකිය. මේවා උපකාරී වන නමුත් විකල්පයන්ය.
එපීස පොතේ…
තවදුරටත් විදේශිකයෙක් නොවේ
“ඔබ මෙතැනට අයිති නැත”. මෙම වචන අවුරුදු අටක ගැහැණු ළමයෙක්ගේ හද පොඩිකර දැමුවේය. එම වේදනාව ඇය සමග තිබුණි. ඇගේ පවුල යුද්ධයෙන් විනාශ වී ගිය රටක අනාථ කඳවුරක සිට අලුත් රටකට සම්ප්‍රාප්ත වූ අතර ඇගේ විගමන කාඩ්පතෙහි සඳහන් වූයේ විදේශිකයා යන වචනයයි. ඇයට හැඟුණේ ඇය අයිති නැත කියාය.
වැඩිහිටියෙක් ලෙසට ඇය ඇගේ ඇදහිල්ල යේසුස්වහන්සේ කෙරෙහි තබා තිබුණත් තමන් එහි පිළිනොගත් ආගන්තුකයෙක්…
දරුවෙකුගේ බලාපොරොත්තුව
මාගේ මිණිපිරිය වන එලියානාට වයස අවුරුදු හතක් වන විට ගෞතමාලාවේ අනාථ නිවාසයක් ගැන වීඩියෝ පටයක් ඇය පාසැලේදී දැක තිබුණි. “එහි ගොස් අපි ඔවුන්ට උදව් කළ යුතුය” කියා ඇය ඇගේ මවට පැවසුවාය. ඇගේ මව පිළිතුරු දෙමින් ඇය වැඩුණු පසුව ඒ ගැන කල්පනා කර බලමු යයි කීවාය. එලියානාට අමතක වූයේ නැත. ඇයට වසර දහයක් වන විට අනාථ නිවසට උපකාර කරන පිණිස ඇගේ…
අලංකාර තැනැත්තා
වසර 130 කටත් වඩා අධික කාලයක් අයිෆල් කුළුණ පැරිස් නගරයේ තේජවත් ලෙස නැගී සිටියේ ගෘහ නිර්මාණ ශිල්ප දීප්තියේ සහ අලංකාරයේ සංකේතයක් ලෙසිනි. නගරයේ තේජසේ ප්‍රධාන කාරණයක් ලෙසට නගරය ඒ කුළුණ ප්‍රදර්ශනය කරයි.
එය සාදන විට බොහෝ අය ඒ ගැන සිතුවේ අල්ප වශයෙනි. ගයි ඩි මෝපසන්ට් යන ප්‍රංශ ගත්කරු පැවසුවේ “එය කර්මාන්ත ශාලාවක හීන්දෑරි දුම් බටයක්” ලෙසිනි. ඔහුට එහි අලංකාරය පෙණුනේ නැත.…
විශාල හදවතකින් දීම
සතියකට වරක් මගේ බිරිඳ වන සූ සේවය කරන බයිබල් පංතියෙන් පසුව යුක්රේනයේ යුද්ධයෙන් බැට කන දරුවන්ට උපකාර කරන පිණිස මුදල් පරිත්‍යාග කරන ලෙස දරුවන්ගෙන් ඉල්ලා සිටින ලදී. ව්‍යාපෘතිය ගැන සූ මාගේ මිණිපිරිය වන එකොළොස් හැවිරිදි මැගීට කියා සතියකට පසුව ඇයගෙන් තැපෑලෙන් කවරයක් ලැබුණි. “යුක්රේනයේ දරුවන් වෙනුවෙන් මා වෙත ඇත්තේ මෙපමණයි. පසුව තවත් එවන්නෙමි” යනුවෙන් සඳහන් ලිපියක් සමග ඩොලර් 3.45 ක්…
දෙවියන්වහන්සේ කළ දේ ඔවුන්ට කියන්න
මගේ විශ්ව විද්‍යාල මිතුරා වන බිල් ටොබියාස් වසර ගණනාවක් පැසිපික් දූපත්වල මිෂනාරිවරයෙක් ලෙස සේවය කර ඇත. වස්තුව සෙවීමට තම ගම අත්හැර වෙනතක ගිය තරුණයෙක් ගැන ඔහු පවසයි. නමුත් මිතුරෙක් ඔහුව සභාවට ගෙන ගිය අතර එහිදී ඔහු යේසුස් ගැන ශුභාරංචිය අසා ඔහුගේ ගැළවුම්කරුවාණන් ලෙස ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කළේය.
“ගැඹුරු ලෙස අනවින කොඩිවින” කෙරෙහි ඇලී සිටි තම සෙනග වෙත ශුභාරංචිය ගෙන යාමට මෙම…
දෙවියන්වහන්සේගේ අභිමුඛය
මොනික් පොර බදමින් සිටියාය. යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් වූ මිතුරෝ ඇයට සිටියහ. එසේම ඔවුන් ජීවිත ප්‍රශ්න විසඳාගන්නා ආකාරයට ඇය ගරු කළාය. ඇය සුළු වශයෙන් ඔවුන්ට ඊර්ෂ්‍යයා කළාය. නමුත් ඔවුන් ජීවත් වූ ආකාරයට තමන්ට ජීවත් වන්නට පුළුවන් වේ යැයි ඇය නොසිතුවාය. ඇය සිතුවේ ත්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල යනු නීති අනුව යාමක් කියාය. අවසානයේදී එක් මිතුරු සිසුවියක් දෙවියන්වහන්සේ සිටින්නේ ඇගේ ජීවිතය අවුල් කිරීමට නොවන…
දෙවියන්වහන්සේගේ අනුග්රහයේ දීමනාව
මා උගන්වන උසස් විද්‍යාලයේ ලිවීමේ පංතියක ප්‍රශ්න පත්‍ර කිහිපයක් ලකුණු කරමින් සිටියදී එක් විශේෂිත පත්‍රයක් මගේ සිත ගත්තේය. එය ඉතාමත් හොඳින් ලියා තිබුණි. ඉක්මණින්ම මට තේරුම් ගියේ එය ඉතාමත්ම හොඳින් ලියා තිබූ බවයි. කුඩා විමර්ෂණයකින් පෙන්නුම් කළේ එය අන්තර් ජාලයෙන් පිටපත් කර ගෙන ඇති බවයි.
මම සිසුවියට විද්්‍යුත් පණිවුඩයක් යවමින් ඇයගේ වංචාව අසුවී ඇති බව දන්වා සිටියෙමි. ඇයට මෙම විභාග…