අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Dave Branon

ඩේව් බ්‍රෑනන්

ඔබ ඩේව් බ‍්‍රෑනන් විසින් රචිත ලිපි වසර ගණනාවක් කියවූ අයෙක් නම් ඔබ ඔහුගේ පවුල පිළිබඳ සහ පියෙකු ලෙස (දැන් සීයා කෙනෙකු ලෙස) ඔහු උගත් පාඩම් දන්නවා ඇත. පුරා වසර 18ක් "ස්පෝට් ස්පෙක්ට‍්‍රම්" සගරාවේ ප‍්‍රධාන සංස්කාරක ලෙස සේවය කිරීමෙන් පසු, ඔහු දැන් අපගේ "ඩිස්කවරි හවුස්" හී සංස්කාරක වරයෙකු වේ. වසර ගණනාවක් ස්වාධීන ලේඛකයෙක් ලෙසින් ඔහු පොත් 15ක පමණ කර්තෘ විය. ඩේව් සහ ඔහුගේ භාර්යාව සූ, රෝද සපත්තු ක‍්‍රීඩාවේ යෙදීමට හා ඔවුන්ගේ දරු මුනුපුරන් සමග කාලය ගෙවීමට ප‍්‍රිය කරයි. ඩේව් තම සිසු සිසුවියන් සමග සේවය සඳහා සංචාරයේ යෙදීමටද ප‍්‍රිය කරයි.

ඩේව් බ්‍රෑනන් විසින් රචිත ලිපි

දෙවියන්වහන්සේ සපයන ආරක්‍ෂාව

සෑම වසරකම මමත් මගේ භාර්යාවත් සැතපුම් සිය ගණනක් පාපැදි පදින්නෙමු. අත්දැකීම් තීව්ර කිරීමට අපගේ පාපැදිවලට සමහර උපකරණ සවිකර ඇත්තේය. මගේ බිරිද සූ ගේ පාපැදියේ ඉදිරි ලාම්පුවක්ද පසුපස ලාම්පුවක්ද දුර මනින මීටරයක්ද අගුලක්ද තිබේ. මගේ පාපැදියේ වතුර බෝතල් රඳවනයක් ඇත. ඇත්තෙන්ම අමතර දේවල් නැතිව සෑම දිනකම අප යන සැතපුම් ගණන සාර්ථකව අපට ගිය හැකිය. මේවා උපකාරී වන නමුත් විකල්පයන්ය.

එපීස පොතේ…

තවදුරටත් විදේශිකයෙක් නොවේ

“ඔබ මෙතැනට අයිති නැත”. මෙම වචන අවුරුදු අටක ගැහැණු ළමයෙක්ගේ හද පොඩිකර දැමුවේය. එම වේදනාව ඇය සමග තිබුණි. ඇගේ පවුල යුද්ධයෙන් විනාශ වී ගිය රටක අනාථ කඳවුරක සිට අලුත් රටකට සම්ප්‍රාප්ත වූ අතර ඇගේ විගමන කාඩ්පතෙහි සඳහන් වූයේ විදේශිකයා යන වචනයයි. ඇයට හැඟුණේ ඇය අයිති නැත කියාය.

වැඩිහිටියෙක් ලෙසට ඇය ඇගේ ඇදහිල්ල යේසුස්වහන්සේ කෙරෙහි තබා තිබුණත් තමන් එහි පිළිනොගත් ආගන්තුකයෙක්…

දරුවෙකුගේ බලාපොරොත්තුව

මාගේ මිණිපිරිය වන එලියානාට වයස අවුරුදු හතක් වන විට ගෞතමාලාවේ අනාථ නිවාසයක් ගැන වීඩියෝ පටයක් ඇය පාසැලේදී දැක තිබුණි. “එහි ගොස් අපි ඔවුන්ට උදව් කළ යුතුය” කියා ඇය ඇගේ මවට පැවසුවාය. ඇගේ මව පිළිතුරු දෙමින් ඇය වැඩුණු පසුව ඒ ගැන කල්පනා කර බලමු යයි කීවාය. එලියානාට අමතක වූයේ නැත. ඇයට වසර දහයක් වන විට අනාථ නිවසට උපකාර කරන පිණිස ඇගේ…

අලංකාර තැනැත්තා

වසර 130 කටත් වඩා අධික කාලයක් අයිෆල් කුළුණ පැරිස් නගරයේ තේජවත් ලෙස නැගී සිටියේ ගෘහ නිර්මාණ ශිල්ප දීප්තියේ සහ අලංකාරයේ සංකේතයක් ලෙසිනි. නගරයේ තේජසේ ප්‍රධාන කාරණයක් ලෙසට නගරය ඒ කුළුණ ප්‍රදර්ශනය කරයි.

එය සාදන විට බොහෝ අය ඒ ගැන සිතුවේ අල්ප වශයෙනි. ගයි ඩි මෝපසන්ට් යන ප්‍රංශ ගත්කරු පැවසුවේ “එය කර්මාන්ත ශාලාවක හීන්දෑරි දුම් බටයක්” ලෙසිනි. ඔහුට එහි අලංකාරය පෙණුනේ නැත.…

විශාල හදවතකින් දීම

සතියකට වරක් මගේ බිරිඳ වන සූ සේවය කරන බයිබල් පංතියෙන් පසුව යුක්‍රේනයේ යුද්ධයෙන් බැට කන දරුවන්ට උපකාර කරන පිණිස මුදල් පරිත්‍යාග කරන ලෙස දරුවන්ගෙන් ඉල්ලා සිටින ලදී. ව්‍යාපෘතිය ගැන සූ මාගේ මිණිපිරිය වන එකොළොස් හැවිරිදි මැගීට කියා සතියකට පසුව ඇයගෙන් තැපෑලෙන් කවරයක් ලැබුණි. “යුක්‍රේනයේ දරුවන් වෙනුවෙන් මා වෙත ඇත්තේ මෙපමණයි. පසුව තවත් එවන්නෙමි” යනුවෙන් සඳහන් ලිපියක් සමග ඩොලර් 3.45 ක්…

දෙවියන්වහන්සේ කළ දේ ඔවුන්ට කියන්න

මගේ විශ්ව විද්‍යාල මිතුරා වන බිල් ටොබියාස් වසර ගණනාවක් පැසිපික් දූපත්වල මිෂනාරිවරයෙක් ලෙස සේවය කර ඇත. වස්තුව සෙවීමට තම ගම අත්හැර වෙනතක ගිය තරුණයෙක් ගැන ඔහු පවසයි. නමුත් මිතුරෙක් ඔහුව සභාවට ගෙන ගිය අතර එහිදී ඔහු යේසුස් ගැන ශුභාරංචිය අසා ඔහුගේ ගැළවුම්කරුවාණන් ලෙස ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කළේය.

“ගැඹුරු ලෙස අනවින කොඩිවින” කෙරෙහි ඇලී සිටි තම සෙනග වෙත ශුභාරංචිය ගෙන යාමට මෙම…

දෙවියන්වහන්සේගේ අභිමුඛය

මොනික් පොර බදමින් සිටියාය. යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් වූ මිතුරෝ ඇයට සිටියහ. එසේම ඔවුන් ජීවිත ප්‍රශ්න විස‍ඳාගන්නා ආකාරයට ඇය ගරු කළාය. ඇය සුළු වශයෙන් ඔවුන්ට ඊර්ෂ්‍යයා කළාය. නමුත් ඔවුන් ජීවත් වූ ආකාරයට තමන්ට ජීවත් වන්නට පුළුවන් වේ යැයි ඇය නොසිතුවාය. ඇය සිතුවේ ත්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල යනු නීති අනුව යාමක් කියාය. අවසානයේදී එක් මිතුරු සිසුවියක් දෙවියන්වහන්සේ සිටින්නේ ඇගේ ජීවිතය අවුල් කිරීමට නොවන…

දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ දීමනාව

මා උගන්වන උසස් විද්‍යාලයේ ලිවීමේ පංතියක ප්‍රශ්න පත්‍ර කිහිපයක් ලකුණු කරමින් සිටියදී එක් විශේෂිත පත්‍රයක් මගේ සිත ගත්තේය. එය ඉතාමත් හොඳින් ලියා තිබුණි. ඉක්මණින්ම මට තේරුම් ගියේ එය ඉතාමත්ම හොඳින් ලියා තිබූ බවයි. කුඩා විමර්ෂණයකින් පෙන්නුම් කළේ එය අන්තර් ජාලයෙන් පිටපත් කර ගෙන ඇති බවයි.

මම සිසුවියට විද්්‍යුත් පණිවුඩයක් යවමින් ඇයගේ වංචාව අසුවී ඇති බව දන්වා සිටියෙමි. ඇයට මෙම විභාග…

යේසුස්වහන්සේ තුළ සහභාගීත්වය

ඉරිදා රැස්වීමට පසු විදුලි බුබුළු නිවා දමා ගොඩනැගිල්ල වසා දැමීමේ වගකීම ඇත්තේ කාටද කියා මම නොදනිමි. නමුත් ඒ පුද්ගලයා ගැන එක් දෙයක් මම දනිමි. ඒ ඔහුගේ ඉරිදා රාත්‍රී ආහාර වේල ප්‍රමාද වන බවයි. ඊට හේතුව බොහෝ දෙනෙක් සේවාවෙන් පසුව ජීවිත තීරණ, හදවතේ ඇති ගැටළු සහ තවත් දේවල් කථා කිරීමටද තවත් බොහෝ දෙවල් සඳහාද නවතින හෙයිනි. රැස්වීම අවසන් වී විනාඩි විස්සකට…

දෙවියන්වහන්සේ ඉදිරියේ සමානය

නිවාඩුවක් ගත කරන කාලයක මමත් මගේ භාර්්‍යයාවත් උදෑසනින් පාපැදි පදිමින් සතුටු වූයෙමු. එක මගකදී අප ගමන් කළේ මිලියන පතියන්ගේ නිවෙස් අසළිනි. විවිධ පුද්ගලයන් බල්ලන් සමග ඇවිදිනවාද සමහරු පාපැදි වලින් යනවාද දුටුවෙමු. තවද බොහෝ සේවකයන් නව නිවාස ගොඩ නගමින්ද එසේත් නැත්නම් හොඳින් බලා හදා ගෙන තිබූ වතු අලංකාර කරමින්ද සිටියහ. ඒ ජීවිතයේ විවිධ හරස්කඩ වල මිශ්‍රණයක් වූ අතර අගනා සත්‍යයක් මට…