අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

Mark විසින් රචිත ලිපි

අපගේ ජීවන බලාපොරොත්තුව

“ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මරණින් උත්ථාන කිරීම හේතු කොටගෙන දෙවියන් වහන්සේ ස්වකීය මහත් දයාවෙන් අපට නව ජීවනයක් දී ......” 1 පේදුරු 1:5

මාගේ මව මියගිය පසු උදෑසන, ජොහන් 6 වන පරිච්ඡේදය කියවමින් මගේ ශෝකය ගැන දෙවියන්වහන්සේට කියමින් සිටියෙමි. මම 39 වැනි පදයට පැමිණි විට, ශෝකයෙන් තිබුණු මගේ සිතට ස්වාමින්වහන්සේ සිහින් හඬින් සැනසීමේ වචන කථා කළ සේක: “මා එවා වදාළ උන්වහන්සේගේ කැමැත්ත නම්…

ඉතා අධිකව !

“ව්‍යවස්ථාව පැමිණි පසු පාපය වැඩි විය. එහෙත් පාපය වැඩිවූ තැන දේව වරප්‍රසාදය ඊටත් වැඩි විය” රෝම 5:20

උත්ථානයවූ දින දේව මෙහෙයකදී මට ඇසුණු ප්‍රකාශනයක් මගේ මතකයේ රැඳී ඇත: “(මිනිසාගේ) වැටීමේදී නැතිවූ දේවල්වලට වඩා යේසුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීමේදී ලබා ගත් දේවල් අධිකය.” නැති වූ දේවල්වලට වඩා ලබාගත් දේවල් වැඩිද? එය සත්‍ය විය හැකිද?

අපගේ ලෝකයට පාපය ඇතුල් වීම නිසා සිදුවූ හානිය දිනපතා අපි…

දැනට සමුදීම

“..... මතු බලාපොරොත්තුවක් නැති සෙසු අය මෙන් ඔබ ශෝක නොවන පිණිස මිය ගිය වුන් ගැන ඔබ නොදැන සිටීම අපගේ කැමැත්ත නොවේ” 1තෙසලෝනික 4:13

මාගේ මිණිබිරිය ඇලිස්සා සහ මා සමුගන්නා විට අප කරන සාමාන්‍ය ක්‍රියාවලියක් තිබේ. අපි එකිනෙකා වැළඳගෙන තත්පර විස්සක් පමණ ඉකිබිඳිමින් මහත් ශබ්දයකින් හඬන්නට පටන් ගන්නෙමු. ඉන්පසුව අප පියවරක් පස්සට ගෙන සාමාන්‍ය ලෙස “නැවත හමුවෙමු,” කියා වෙන්ව යන්නෙමු. අපේ මේ…

ප්‍රීතිමත් නත්තලක් !

“ජේසුස් වහන්සේ කථා කරමින් පුනරුජ්ජීවනයද ජීවනයද මම වෙමි. මා අදහාගන්නා මැරුණත් ජීවත් වන්නේය”. ජොහන් 11:25

උත්ථානය වූ දින උදෑසන මා දේවස්ථානයට යන විට මාගේ මිතුරිය දැක මම ඇයට “ප්‍රීතිමත් නත්තලක්” කියා ආචාර කළෙමි. මා ඉක්මණින් එය නිවැරදි කරමින් “මම අදහස් කළේ, ප්‍රීතිමත් උත්ථානය වූ දිනයක්” යයි කීවෙමි.

“එකක් නැතුව අනෙක ලබා ගත නොහැකිය”, ඇය සිනාසුණාය. කොපමණ සත්‍යද! නත්තල නැතුව, උත්ථාන වීමක්…

රජුගේ ඔටුන්න

“ඔව්හු කටු ඔටුන්නක් ගොතා උන්වහන්සේගේ හිස මත තබා, ...” මතෙව් 27:29

අප මේසය වටා වාඩිවී, අප ඉදිරියේ තිබුණු පෙණ සහිත තැටියට එක්කෙනෙක් එක දත් කූර බැගින් දැමුවෙමු. උත්ථානය වූ දිනයට ළඟාවන සතිවල අපගේ සවස ආහාරය ගන්නා විට අපි දත් කූරුවලින් කටු ඔටුන්නක් සෑදුවෙමු. ඒ සෑම දත් කූරකින්ම එම දිනයේ අප කළ දෙයක් ගැන කණගාටු වන අතර එහි දඬුවම ක්‍රිස්තුස්වහන්සේ විඳි බව…

ජයග්‍රහණයේ හඬනැගීම

“සියල්ල නිම වීය!” ජොහන් 19:30

මම වසර කිහිපයකට පෙර, පයින් ගමන් කරන්නෙකු වූ ඒරන් රැල්ස්ටන් ගැන කියෙව්වෙමි. දුරබැහැර පාළු ප්‍රදේශයකදී කුරුබිලියක (ඉතා පටු ගල් බෙනයක) පතුලේ සිරවී සිටි ඔහු සොයාගනු ලබනු ඇතැයි බලාපොරොත්තුවක් නොමැතිව සහ ඔහුගේ ශක්තිය හීනවෙමින් පැවති අතර ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ප්‍රබල ක්‍රියාමාර්ග ගැනීමට ඔහුට සිදුවිය. දැඩි වේදනාවට පත්වූ එක් අවස්ථාවකදී, ඔහු මහත් පීඩාවකින් සහ ජයග්‍රාහී ලෙස…

දුක් විඳීමේ මාර්ගය

“ඒ (දෙවියන්වහන්සේගේ) කැමැත්ත පරිදි ජේ්සුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය සදහටම එක වරක් පූජා කිරීමෙන් අපි පාරිශුද්ධිය ලැබ සිටිමු”. හෙබ්‍රෙව් 10:10

ශුද්ධවූ සතිය තුළ, අපි උන්වහන්සේ ජෙරුසලමේ වීදිවල ඇවිද්ද දීර්ඝ ගමන ඇතුලුව උන්වහන්සේගේ කුරුසිපත් වීමට පෙර අවසන් දවස් ගැන සිහිපත් කරන්නෙමු. මේ මාර්ගයේ වඩාත් විය හැකියැයි සිතන ස්ථානය ඩොලරෝසා හෙවත් දුක්ඛිත මාර්ගය ලෙස අද හැඳින්වේ.

නමුත් හෙබ්‍රෙව් පොතේ කතුවරයා යේසුස්වහන්සේගේ මෙම මාර්ගය දෙස…

අවිශ්වාසයේ මරණය

“එහෙත් ඔහු කථා කොට උන්වහන්සේගේ අත් වල ඇණ කැළැල් දැක ඇණ ගසා තිබූ තැන් වල මාගේ ඇඟිල්ල තබා උන්වහන්සේගේ ඇලයෙහි මාගේ අත දමා බැලුවොත් මිස නැත්නම් විශ්වාස නොකරමියි කීය”. ජොහන් 20:25

යේසුස්වහන්සේගේ ගෝලයාවූ තෝමස්ව නිතරම හඳුන්වන්නේ “අවිශ්වාස කරන තෝමස්” ලෙසය (ජොහන් 20:24-29 බලන්න), නමුත් ඒ ලේබලය සම්පූර්ණයෙන්ම සාධාරණ නැත. එසේනම්, මරණයට පත් කරනු ලැබූ අපගේ නායකයා නැවත මළවුන්ගෙන් නැගිටුණු බව අපගෙන්…

පරිපූර්ණ සමාදානය

“ශාන්තිය ඔබ වෙත ප්‍රදානය කර යමි. මාගේ ශාන්තිය ඔබට දෙමි” (ජොහන් 14:27).

වසර ගණනාවක් ඇය සමාදානය සහ තෘප්තිය සෙවූ බව මිතුරියක් මා සමඟ පැවසුවාය. ඇය සහ ඇයගේ ස්වාමිපුරුෂයා සාර්ථක ව්‍යාපාරයක් ගොඩනැඟූ බැවින්, ඇයට විශාල නිවසක්, අලංකාර ඇඳුම් සහ ඉතා වටිනා රන් ආභරණ මිලට ගැනීමට හැකි විය. නමුත් මේ වස්තුවලින් හෝ ඉහළ පන්තියේ බලවතුන් සමඟ තිබුණු මිත්‍රකම්වලින් ඇය තුළ සමාදානයට තිබුණු දැඩි…