අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ලීසා එම් සම්රා විසින් රචිත ලිපි

දුක් විඳින්නන් උදෙසා කරුණාව

2023 අගෝස්තුවේදී අනූනව දෙනෙක් මරණයට පත් කරමින්ද දෙදහසකට අධික ගොඩනැගිලි විනාශ කරමින්ද එක්සත් ජනපදයේ භයානකම ලැව් ගින්නක් හවායිහි ලාහයිනා ප්‍රදේශය අළු කර දැමුවේය. විනාශයෙන් විකල් වී සිටින අතර අමතර කම්පනයකටද පදිංචිකරුවෝ මුහුණ දුන්හ. කොල්ලකරුවෝ ගොඩනැගිලි කොල්ලකෑහ. කෑදර වෙන්දේසි කරුවෝ ඉඩම් කුණු කොල්ලයට මිළදී ගැනීමට උත්සාහ කළහ.

ඛේදවාචකයෙන් වාසි ලැබීමට ගත් උත්සාහය ඒදොම් දේශයට දෙවියන් වහන්සේ දුන් දැඩි පණිවුඩයේ පසු තිරය…

දෙවියන් වහන්සේ කෙරෙහි කෘතඥතාව

කැනඩාව සහ ශාන්ත ලුසියා දූපත ස්තුති දීමේ නිවාඩුවක් ඔක්තෝම්බර් මාසයේදී පවත්වයි. ලයිබීරියාව නොවැම්බර් මුල් දිනවල ස්තුතිදීමට දිනයක් වෙන් කළ අතර එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව වාර්ෂික නිවාඩුව මාසය අවසානයේ පවත්වති. බ්‍රිතාන්‍ය, බ්‍රසීලය, රුවන්ඩාව සහ පිලිපීනය ඇතුලු අනෙක් රටවල් කෘතඥතාවය දැක්වීමට නිල නොලත් දින නම් කරති.

ජාතීන් එක්සත් වී කෘතඥතාවය පළ කිරීමේ බලවත් කමක් තිබේ. එය දාවිත් රජු ඉශ්‍රායෙල් ජාතිය එකතු කර…

දෙවියන් වහන්සේගේ මෘදු රැකවරණය

තම අලුත උපන් දරුවා පපුවට තුරුළු කර ගෙන සිටි මවක් සමග මම ආරෝග්‍ය ශාලවේ නව බිළිඳු දැඩි සත්කාර ඒකකයට ගියෙමි. තාක්‍ෂණයෙන් දියුණු වෛද්‍ය පහසුකම් ඇති මෙම ස්ථානයේ වෛද්‍යවරු නිර්දේශ කර ඇත්තේ තාක්‍ෂණයෙන් අඩු කාර්යකි. එනම් දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය ශක්තිමත් කර වර්ධනය කිරීම සඳහා අලුත් මව වැඩි කාලයක් තම දරුවා තුරුළු කර ගෙන සිටිය යුතු වීමය.

දරුවෙක්ට සුව සහනය සඳහා දෙමාපියෙක්ගේ…

ආශීර්වාදයක් වීම

ජනප්‍රිය පාසැල් දෙකක ඊගල්ස් සහ පයනියර්ස් නම්වූ පාපන්දු කණ්ඩායම් දෙක අතර දීර්ඝ කාලයක් පුරා උණුසුම් තරඟ පැවති අතර ඊගල්ස් කණ්ඩායම ගෝලයක් ගැසුවේය. බෝලය දැල තුළට ගිය නමුත් දැලේ තිබු හිඩසකින් බෝලය පිටතට ගියේය. විනිසකරු බෝලය දැල තුළට යනවා නුදුටුවේය. නමුත් බෝලය පිටත තිබෙනවා දුටු ඔහු එය ගෝලයක් නොවන බවට සළකුණු කළේය. පයනියර්ස් පුහුණුකරු ගෝලය දුටු නමුත් ඔහුට නිශ්ශබ්දව සිටින්න පුළුවන්…

දෙවියන් වහන්සේගේ රැකවරණයේ සෙවණ දෙන ස්ථාන

පවුලේ අය සමඟ දුර ගමනක් යමින් මම සෙනග අඩු මොන්ටානා සහ දකුණු ඩැකෝටා ප්‍රාන්ත තුළින් පැය ගණනක් රිය පැදවීමි. රථය පදවන විට යම් සැළසුමක් මගේ ඇස ගැටුණි. අක්කර ගණනක් දිගු වූ ගොවි බිමක තිබූ නිවසක් වටකර වන වදුලක් විය. දැඩි සුළඟ නිසා මම රථය මගේ තීරුවේම තබා ගැනීමට මහත් සේ උත්සාහ කරමින් සිටින වෙලේදී ගස් වවා තිබුණේ අලංකාරය සඳහාම පමණක්…

ක්‍රිස්තුස් වහන්සේ තුළ එක් කෙනෙක්

පළමු අප්‍රිකානු-ඇමරිකානු කවියක් මුද්‍රණය කළ කිවිඳියක වූ ෆිලිස් වීට්ලී ජේසුස් වහන්සේ තුළ ඇදහිලිවතුන්ව වහල්කම නැති කිරීමට දිරිමත් කළේ බයිබලීය තේමාවන් යටතේය. 1753 පමණ බටහිර අප්‍රිකාවේ උපත ලැබූ වීට්ලිව වහල් වෙළඳුන්ට විකුණනු ලැබුවේ අවුරුදු හතේදීය. ඉක්මණින්ම ඇය විශිෂ්ඨ ශිෂ්‍යාවක් බවට පත් වූවාය. 1773 දී ඇය නිදහස ලබා ගත්තාය. ඇයගේ කවි සහ අනිකුත් කෘතිවලින් වීට්ලි තම පාඨකයන්ට අවධාරණය කළේ දේව වචනයෙහි ඇති…

ප්‍රේමයේ භාෂාව

ඩොන් ඩියු, ලිබර් ගොට්, ඩ්‍රාහි බෝස්, අගස්ටේ ඊ. ආදරණීය දෙවියන් වහන්ස. මෙම ප්‍රංශ, ජර්මානු, ස්ලෝවැක්, ග්‍රීක් සහ ඉංග්‍රීසි යාච්ඤා මධ්‍යම ඇතෑන්ස් හි සභාවක් තුළින් එක්සිත්ව රැව් පිළිරැව් දුන්නේ අපගේ දේශවල ජනයා දෙවියන් වහන්සේගේ ප්‍රේමය අසන පිණිස අපගේ මව් භාෂාවන්ගෙන් අප යාච්ඤා කරන විටය. එකතු වීමේ අලංකාරය තීව්ර වූයේ අප පෙන්තකොස්ත දිනයේ එක් රැස්වූ බව තේරුම් ගිය විටය.

පරණ ගිවිසුමේ පෙන්තකොස්ත…

එකා මෙන්

නූතන චිත්‍රයක් සමන්විත වී ඇත්තේ සරල මේසයක ඇඳ ඇති සරල කෝප්ප 13 කිනි. වෙනස් ලෑලි මත ඒවා තබා තිබේ. චිත්‍රයේ නම වන්නේ “ඔවුන් සියල්ලෝ එක් අයෙක් වේවා” යන්නයි. එය එල්ලා ඇත්තේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වුල්ෆ්සන් විදුහලේය. එහි සරලභාවය ඇත්තෙන්ම සිද්ධියේ විශේෂත්වය අවධාරණය කරයි. තමන් වහන්සේගේ ගෝලයන් සමග ජේසුස් වහන්සේගේ අවසන් රාත්‍රී භෝජනයයි. වඩාත්ම කැපී පෙනෙන කොටසේ ඇති රොටී සහ කුසලානය…

දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ බලය

විශාල හිම කුණාටුවක් නිසා සැතපුම් ගණනක් විදුලි රැහැන් කඩා වැටී අපගේ නගරය සම්පූර්ණයෙන්ම පාහේ අඳුරු වූයේය. ඒ හෙයින් ශීත සෘතුවේදී අපගේ මිතුරන් බොහෝ දෙනෙකුට තම නිවෙස් උණුසුම් කිරීමට විදුලි බලය නැති වුනි. විදුලිය නැවත ලබා දීමට නඩත්තු සේවා වාහන ක්‍රියා කරන අයුරු මෙම පවුල් ආශාවෙන් බලා සිටියහ. පසුව මා දැන ගත්තේ අවශ්‍ය ස්ථානවලට යැවීම සඳහා දේවස්ථානයේ ඉඩමක නඩත්තු සේවා කිරීමේ…

දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් අන් අයට ප්‍රේම කිරීම

ප්‍රංශයේ ලේ චැම්බොන් ප්‍රදේශයේ ජනතාව නාසි අර්බූදයෙන් යුදෙව් දරුවන් වූ බොහෝ දෙනෙක් ඇතුලු පන්දහසකගේ ජීවිත බේරා ගැනීමට සෑම දෙයක්ම පරදුවට තබා උපකාර කළහ. සරණාගතයින් තම නිවෙස් හැර දමා දුවන විට ඔවුන්ව ප්‍රජා නිවාස වල සහ ගොවිපළවල සඟවනු ලැබූහ. නගර වාසීන්ට ජ්වලිතභාවය ලැබුණේ සභා පලක ඇන්ඩී්‍ර ටොක්මේ ගෙනි. උපකාරය සඳහා ඔවුන්ව දිරිගැන්වීමට ඔහු තම සෙනඟට ද්විතීය නීති සංග්‍රහයේ 10:19 පදය යොදා…