අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ලීසා එම් සම්රා විසින් රචිත ලිපි

යාච්ඤාවෙදී මතක් කරන්න

2021 මොන්ඩි මනී ත්‍යාග ප්‍රදානෝත්සවයේදී බ්‍රිතාන්‍ය පුරුෂයන්ට සහ කාන්තාවන්ට දෙනු ලබන වාර්ෂික සම්මානයක් වන ගරුත්ව සම්මානයක් මැල්කම් ක්ලවුට් හට 2 වන එලිසබෙත් රැජින ප්‍රදානය කළාය. ඒ වන විට අවුරුදු සියයක්ව සිටි ක්ලවුට්ට ගෞරව කරනු ලැබුවේ ඔහුගේ ජීවිත කාලය තුළදී බයිබල් දාහක් බෙදා දීම හේතුවෙනි. ඔහුගෙන් බයිබලයක් ලැබූ සෑම කෙනෙක් ගැනම වාර්තාවක් ක්ලවුට් වෙත තිබුණු අතර ඒ සෑම කෙනෙක් ගැනම ඔහු…

සෑම දිනයක් වෙනුවෙන් බලගැන්වී

“සෑම මොහොතක්ම ශුද්ධය” යන අලංකාර පොතෙහි විවිධ කාර්යයන් වෙනුවෙන් එනම් ආහාර පිළියෙල කිරීම හෝ රෙදි සේදීම හෝ වැනි සාමාන්‍ය කාර්යයන්ද සඳහා යාච්ඤා තිබුණි. නැවත නැවත කිරීමට අවශ්‍ය දේවල් අප නීරස දේවල් ලෙස සිතිය හැකිය. මෙම පොත මට මතක් කර දෙන්නේ ජී.කේ. චෙස්ටර්ටන්ගේ වචනයි. ඔහු ලීවේ “ඔබ ආහාර ගැනීමට පෙර යාච්ඤා කරයි. නමුත් මම චිත්‍ර අඳිද්දී, පිහිනද්දී, කඩු හරඹයේදී, බොක්සිං වලදී,…

බලාගාරයට සම්බන්ධ වී

බලවත් කුණාටුවකට පසුව අපගේ නිවසේ විදුලි බලය ක්‍රියාත්මක නොවන බව දැනගෙනත් (මහත් අපහසුතාවයකට පත් කරන අපගේ පරිසරයේ සාමාන්‍ය සිදුවීමකි) මම කාමරයට ඇතුල් වන විටම ස්විචය දැමීමි. ඇත්තෙන්ම යමක් සිදුවූයේ නැත. තවමත් අන්ධකාරය මා වටකර තිබුණි.

එම අත්දැකීම එනම් බලාගාරයට ඇති සම්බන්ධතාවය කැඩී ඇති බව දැන දැනත් ආලෝකය බලාපොරොත්තු වීමේ අත්දැකීම ආත්මික සත්‍යයක් පැහැදිලිව මට මතක් කළේය. බොහෝ විට අපි ආත්මයාණන්…

දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ බලය

විශාල කුණාටු සුළං නිසා බලවත් මිසිසිපි ගංගාවේ ගලා බැසීම වෙනස් වූ විට කළ නොහැකි දේවල් සිදු විය. 2021 අගෝස්තු මාසයේ අයිඩා සුළි කුණාටුව ලුයිසානා වෙරළට පැමිණි විට එහි ප්‍රතිඵලය වූයේ “සෘණාත්මක ජල ගලා” බැසීමකි. එහි අර්ථය නම් පැය කිහිපයකට ජලය උඩු අතට ගලා ගිය බවයි.

විශේෂඥයින් ගණන් බලා පැවසුවේ සුළි කුණාටුවක් පවතින කාලය තුළ න්‍යෂ්ටික බෝම්බ දහ දහකට සමාන ශක්තියක්…

නිදහස ඇතුව ජීවත් වීම

මා හැදී වැඩුණු ටෙක්සාස්හී කළු සමූහනයන් තුළ ජූනි 19 වන දින විවිධ උත්සවාකාර පෙරහැරවල් සහ විනෝද චාරිකාවන් තිබුණි. “ජූන්ටීන්ත්” (ජූනි සහ දහනව වන දින හැඳින්වෙන තනි වචනයක්) හි තිබූ සිත් කම්පාවන වැදගත්කම දැන ගැනීමට මා යෞවනයෙකු වන තෙක් මට හැකි වූයේ නැත. “ජූන්ටීන්ත්” සංකේතවත් කරන්නේ 1865 දී ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ටෙක්සාස්හී වහල්කමේ සිටි ජනතාවට නිදහස ලබා දීම පිණිස “නිදහස් කිරීමේ”…

කැබලි එකට දැමීම

ගෝලීය වසංගතය නිසා අපගේ පවුලේ අයව නිරෝධායනය කර තිබුණද අපි ඉලක්කයක් ඇති ව්‍යාපෘතියක් භාර ගතිමු. ඒ කැබලි දහඅට දහසක ප්‍රහේලිකාවකි. අපි දිනපතා පාහේ වැඩ කළද වැඩි ප්‍රගතියක් ලැබෙන බවක් අපට හැඟුණේ නැත. අප ආරම්භ කර මාස පහකට පසුව අපගේ කෑම කාමරයේ සම්පූර්ණ බිම ආවරණය කළ අඩි 9×6 ක් වූ ප්‍රහේලිකාවේ අවසන් කැබැල්ල සවි කිරීමේ ප්‍රීතිය සැමරුවෙමු.

සමහර විට මගේ ජීවිතය…

ප්‍රේමණීය නායකත්වය

වලස් අම්මෙකු විසින් කාර්යබහුල වීථියක් හරහා තම ජවසම්පන්න කුඩා පැටවුන් හතර දෙනා රැගෙන යාමට උත්සාහ කරන වීඩියෝවක් මට සිනහවක් ගෙන ආවේය. ඇය තම පැටවුන් එකින් එකා උස්සාගෙන පාර හරහා ගෙන ගියත් සිදුවූයේ පැටවුන් නැවත අනෙක් පැත්තට යාම පමණි. බලාපොරොත්තු සුන් කරවන සුළු ප්‍රයත්න ගණනාවකට පසුව, වලස් අම්මා අවසානයේ ඇගේ පැටවුන් හතර දෙනාම සම්බන්ධ කර ගෙන, උන්ව ආරක්ෂිතව මාර්ගය හරහා ගෙන…

රතු පාට බිංදු

ස්කොට්ලන්ත ජාතික කලාගාරය හරහා ගමන් කරන විට, ලන්දේසි චිත්‍ර ශිල්පියෙක් වන වින්සන්ට් වැන් ගෝ ගේ බුරුසු වැඩ රාශියකින් නිර්මාණය වූ සහ විචිත්‍රවත් වර්ණවලින් යුක්ත වූ ඔලිව් ගස් සිතුවම් බොහෝමයක් වෙතට මගේ සිත ඇදී ගියේය. බොහෝ ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ මෙම කෘතිය ඔලිව් කන්දේ ගෙත්සෙමන උයනේදී යේසුස්වහන්සේගේ අත්දැකීමෙන් ආභාෂය ලැබූවක් බවයි. විශේෂයෙන් මගේ නෙත ගැටුනේ සිතුවමේ කැන්වසය මත වූ ඉපැරණි ගස් අතර…

දෙවියන්වහන්සේගේ බලවත් අභිමුඛය

2020 දී එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදෙන දහනව වන සංශෝධනය සම්මත කිරීමේ සියවන සංවත්සරය සැමරුම් උත්සවය පැවැත්විය. පැරණි ඡායාරූපවල දැක්වෙන්නේ ගීතාවලිය 68.11 හී සඳහන් වන “ස්වාමින්වහන්සේ වචනය දෙන සේක. ආරංචිය පතුරුවන ස්ත්‍රීහු මහත් සේනාවක්ය” යන වචන වලින් සරසා ඇති බැනර් සහිත පෙළපාලි යන ජනකායන්ය.

ගීතාවලිය 68 හි, දාවිත් විසින් දෙවියන්වහන්සේව විස්තර කරන්නේ පීඩිතයන්ව ඔවුන්ගේ වහල්භාවයෙන්…

සන්තෝෂමත් ප්‍රේමය

බ්‍රෙන්ඩන් සහ කේටි එකිනෙකා දෙස එබී බැලූහ. ඔවුන්ගේ මුහුණුවල තිබු නිර්මල ප්‍රීතිය දෙස බලන විට, ඔවුන්ගේ විවාහ සැලසුම් බොහෝමයක් “කෝවිඞ්-19 සීමා කිරීම්” හේතුවෙන් වෙනස් කිරීමට සිදු වූ දුෂ්කර ක්‍රම, ඔබ කිසි විටෙකත් අනුමාන නොකරනු ඇත. පවුලේ සාමාජිකයින් විසිපහක් පමණක් පැමිණ සිටියද, ඔවුන් එකිනෙකාට ඇති ආදරය නිසා තම පොරොන්දු ප්‍රකාශ කරන විට ඔවුන් දෙදෙනාගෙන් ප්‍රීතිය හා සාමය විහිදූ අතර ඔවුන්ව නඩත්තු…