අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

මාර්වින් විලියම්ස් විසින් රචිත ලිපි

“කියන” කාමරය

උතුරු ස්පාඤ්ඤය සහජීවනය සහ මිත්‍රත්වය ප්‍රකාශ කිරීමේ අලංකාර ක්‍රමයක් ඇති කළේය. ග්‍රාමීය ප්‍රදේශය අතින් සාදන ලද ගුහාවලින් පිරී ඇති හෙයින්, සෑම අස්වැන්නකට පසු, සමහර ගොවීන් ගුහාවකට ඉහළින් ඉදිකරන ලද කාමරයක වාඩි වී ඔවුන්ගේ විවිධ ආහාර තොග කිරුවෝය. කාලය ගෙවීයත්ම, එම කාමරය “කියන කාමරය” ලෙස ප්‍රසිද්ධ විය. එනම් මිතුරන් සහ පවුලේ අය ඔවුන්ගේ කථා, රහස් සහ සිහින බෙදා ගැනීමට රැස්වන හවුලේ…

යේසුස්වහන්සේ තුළ විවේකය සොයා ගැනීම

නොසන්සුන් ආත්මය කිසි විටෙකත් ධනයෙන් හා සාර්ථකත්වයෙන් තෘප්තිමත් නොවේ. මියගිය සංගීතඥයෙකුට මෙම සත්‍යයට සාක්ෂි දිය හැකිය. ඔහුගේ ඇල්බම හතළිහකට ආසන්න ප්‍රමාණයක් ලොව පුරාම ප්‍රසිද්ධ වී තිබුණි. නමුත් ඔහු විවාහ කිහිපයක් කරගෙන තිබුණ අතර සිරගතවද කාලය ගත කළේය. ඔහුගේ සියලු ජයග්‍රහණ සමඟ වුවද, ඔහු වරක් විලාප නැගීය : “මගේ ආත්මය තුළ මා කිසිදා ජය නොගත් නොසන්සුන්තාවයක් ඇත, චලනය තුළින්වත්, විවාහය තුළින්වත්…

අපේ උතුම් ගුරුවරයාණන් මෙන්

වේගයෙන් ජනප්‍රිය වූ වීඩියෝවක වයස අවුරුදු තුනක සුදු පටි කරාටේ සිසුවියක් ඇගේ උපදේශකයා අනුකරණය කළාය. කුඩා දැරිය ආශාවෙන් හා විශ්වාසයෙන් යුතුව තම නායිකාව සමඟ බැඳීමේ ප්‍රකාශය කීවාය. ඉන්පසුව, නිහතමානීව සහ අවධානයෙන් යුතුව හුරුබුහුටි හා ජවයෙන් යුත් කුඩා දැරිය ඇගේ ගුරුවරයා පැවසූ සහ කරන ලද සෑම දෙයක්ම ඉතා හොඳින් අනුකරණය කළාය.

යේසුස්වහන්සේ වරක් පැවසුවේ “ගෝලයා ගුරුවරයාට වඩා උතුම් නැත. නුමුත් සම්පූර්ණත්වයට…

අපේ සියලුම ගනුදෙනුවලදී

1524දී මාර්ටින් ලූතර් මෙසේ නිරීක්ෂණය කළේය: “ඔවුන් අතර වෙළෙන්දන්ට පොදු රීතියක් ඇත, එය ඔවුන්ගේ ප්‍රධාන හැසිරීම් ක්‍රමයයි. . . . මගේ ලාභය ඇතිතාක් සහ මගේ තණ්හාව සංසිඳුවා ගන්නා තාක් කල් මම මගේ අසල්වැසියා ගැන කිසි තැකීමක් නොකරමි.” වසර දෙසීයකට වැඩි කාලයකට පසුව, උතුරු ඇමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේහි මවුන්ට් හෝලි හි ජෝන් වුල්මන් නමැති පුද්ගලයාගේ ඇඳුම් මසන (ටේලර්) සාප්පුවල ගනුදෙනුවලට බලපෑමක්…

සෑහීමකට පත්වෙමු

ෆිඩ්ලර් ඔන් ද රූෆ් ඉංග්‍රීසි චිත්‍රපටයේ, ටෙවීගේ චරිතය දෙවියන්වහන්සේ සමඟ උන්වහන්සේගේ ආර්ථික විද්‍යාව ගැන අවංකව කතා කරයි: “ඔබවහන්සේ බොහෝ දුප්පත් මිනිසුන් සෑදුසේක. ඇත්ත වශයෙන්ම, දුප්පත් වීම ලැජ්ජාවක් නොවන බව මට වැටහේ. නමුත් එය විශාල ගෞරවයක් ද නොවේ! ඉතින්, මට කුඩා ධනයක් තිබුණා නම් එය මෙතරම් භයානක විය හැක්කේ කෙසේද! . . . මම ධනවත් මිනිසෙක් වූවා නම්, එය මා පිළිබඳ…

ඔබේ ආරක්ෂාව තබා ගන්න

මිනිසෙක් සහ මිතුරන් කිහිප දෙනෙක් හිම කුණාටු අනතුරු ඇඟවීමේ සලකුණු සහිත ස්කී රිසෝට් ගේට්ටුවක් හරහා ගොස් හිම මත නැගීම ආරම්භ කළහ. දෙවෙනි ගමනේදී, කවුරුන් හෝ “ඇවලාංචේ!” කියා, කෑගැසුවේය. (එනම් කඳු මතින් හිම කඩා වැටෙන බවයි). නමුත් එම මිනිසාට පැන යාමට නොහැකි වූ අතර හිම වලට යට වී ඔහු මිය ගියේය. ඇතැමුන් ඔහුව විවේචනය කළේ නවකයකු ලෙස හඳුන්වමිනි. නමුත් ඔහු එසේ…

දෙවියන්වහන්සේ කථා කළ සේක

1876 දී නව නිපැයුම්කරුවෙක් වූ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් දුරකථනයෙන් පළමු වචන කතා කළේය. ඔහු තම සහායකයා වූ තෝමස් වොට්සන්ට කතා කර, “වොට්සන්, මෙහාට එන්න. මට ඔයාව බලන්න ඕනෑ” යයි කීවේය. ඉරිතැලීම් සහ නොපැහැදිලි, නමුත් තේරුම්ගත හැකි ලෙස බෙල් පැවසූ දේ වොට්සන්ට ඇසුණි. බෙල් විසින් දුරකථන මාර්ගයකින් කතා කළ පළමු වචන මානව සන්නිවේදනය සඳහා නව දිනයක් උදා වී ඇති බව ඔප්පු…

හදවතින් නික්මෙන

“ඔපරේෂන් නොවාර්ස් ආර්ක් ” නොහොත් “නෝවාගේ නැවේ මෙහෙයුම”යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ගළවා ගැනීමේ මෙහෙයුමක් සත්ත්ව ලෝලීන්ට විනෝදයක් විය හැකි නමුත්, සතුන්ට හිරිහැර කිරීම වැළැක්වීම සඳහා වන “නාස්සෝ සංගමයට” එය බියකරු සිහිනයක් විය. කිසියම් නිවසකින් එන ශබ්දය සහ දරුණු දුර්ගන්ධය පිළිබඳ පැමිණිලි ලැබීමෙන් පසු, කම්කරුවන් ලෝන්ග් අයිලන්ඞ් නිවසට ඇතුළු වූ අතර, එහි නොසළකා හරින ලද තත්ත්වයෙන් යුත් සතුන් හාරසියයකට වඩා සිටින…

නිවාස දෙකක්

නිවාස දෙකක ස්ථායීතාවය පරීක්ෂා කිරීම සඳහා, ඉංජිනේරුවන් විසින් විනාඩි දහයකට පැයට සැතපුම් සියයක සුළං ඇති කරන බලවත් විදුලි පංකා භාවිතා කරමින් 3 කාණ්ඩයේ සුළි කුණාටුවක් අනුකරණය කළහ. පළමු නිවස සුළි කුණාටු නොවන ගොඩනැගිලි කේතයකට අනුව ඉදිකරන ලද අතර අනෙක ශක්තිමත් කරන ලද වහලක් සහ බිම් සමඟ එකට එකතු කරන ලදී. පළමු නිවස දෙදරුම් කා අවසානයේ කඩා වැටුණු නමුත් දෙවන නිවසට…

දයානුකම්පිත පියෙක්

අට හැවිරිදි ගේබ්‍රියෙල්ගේ මොළයේ ගෙඩියක් ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු, එය ඔහුගේ හිසේ පැත්තක කැපී පෙනෙන කැළලක් ඉතිරි කළේය. තමා යක්ෂයෙකු ලෙස පෙණෙන බව පැවසූ විට, ඔහුගේ පියා වන ජෝෂ්ට අදහසක් ආවේය - ඔහු තම පුතාට කොතරම් ආදරය කරනවාද යන්න නිරූපණය කරන්න, ඔහුගේ හිසේ පැත්තේ ගේබ්‍රියෙල්ගේ කැළල මෙන් එකම හැඩයෙන් පච්චයක් කොටා ගන්නා ලදී.

ගීතිකාකරුවාණන්ට අනුව, දෙවියන්වහන්සේ "උන්වහන්සේගේ…