අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ටිම් ගුස්ටාෆ්සන් විසින් රචිත ලිපි

සියලුම පිළිතුරු

තරුණ ඩේල් අර්න්හාඞ්ට් තම පියා නැති වූ බව තේරුම් ගත් අවස්ථාවේ ඇතිවූ භයානක මොහොත විස්තර කරයි. තරුණ ඬේල් ද සහභාගී වූ තරඟයක් වූ ඩේටෝනා 500 අවසානයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මෝටර් රථ ධාවන ශුරී මෙන්ම ජනප්‍රිය ඩේල් අර්න්හාර්ඞ් (ජ්‍යෙෂ්ඨ) මිය ගොස් තිබුණි. "මට ප්‍රතිනිර්මාණය කළ නොහැකි මේ ඝෝෂාව මගෙන් පිට වෙනවා," තරුණ අර්න්හාඞ්ට් පැවසීය. "මෙය කම්පනයේ, ශෝකයේ, සහ බියේ සීනුවකි." ඉන්පසු…

දිවැසිවරුන්ගේ පණිවිඩය

බේස්බෝල් ක්‍රීඩාවේ, 1906 ලෝක ශූරතා තරඟාවලියට පෙර, ක්‍රීඩා රචක හියු ෆුලර්ටන් විසින් නිවැරදිව අනාවැකියක් කළේය. ඒ ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වූ චිකාගෝ කබ්ස් කණ්ඩායම පළමු සහ තෙවැනි තරඟවලින් පරාජයට පත්වන බවත් දෙවැනි තරඟය ජයගන්නා බවත් ඔහු පැවසීය. එසේම අහෝ, හතර වන තරඟාවලියේදී වරුසාවක් ඇතිවන බවත් ඔහු තව දුරටත් අනාවැකි කීවේය. ඔහු සෑම කරුණකදීම නිවැරදි විය. ඉන්පසුව, 1919 දී, ඔහුගේ විශ්ලේෂණ කුසලතා…

දෙවියන්වහන්සේට වෙනත් සැලසුම් තිබුණි

ඔවුන්ගේ නිශ්චිත වයස නොදන්නේය. එක් දැරියක් දේවස්ථානයක පඩිපෙළ මතින් හමු වූ අතර අනෙක් දැරිය දැන සිටියේ ඇය හැදී වැඩුණේ කන්‍යා සොහොයුරියන් යටතේ බව පමණි. දෙවන ලෝක යුධ සමයේදී පෝලන්තයේ උපත ලැබූ හලීනා හෝ ක්‍රිස්ටිනා වසර අසූවකට ආසන්න කාලයක් එකිනෙකා ගැන දැන සිටියේ නැත. පසු කාලයකදී රුධිර පරීක්ෂණ (DNA) ප්‍රතිඵලවලින් ඔවුන් සහෝදරියන් බව හෙළි වූ අතර ප්‍රීතිමත් නැවත හමුවීමකට මඟ පෑදුණි.…

ජූරිසභික අංක 8

1957 සම්භාව්‍ය චිත්‍රපටියක් වූ 12 Angry Men නොහොත් කෝපාවිෂ්ඨ මිනිසුන් 12 යන්නෙහි “එක් මිනිසෙක් මිය ගොස් ඇත. තවත් මිනිසෙකුගේ ජීවිතය අනතුරේ” යැයි විනිසුරුවරයා ශෝකජනක ලෙස පවසයි. තරුණ සැකකරුට එරෙහි සාක්ෂි අතිමහත් බව පෙනේ. නමුත් සාකච්ඡා අතරතුර හෙළිදරව් වූයේ ජූරියේ බිඳවැටීමයි. දොළොස් දෙනාගෙන් - ජූරි සභික අංක 8 - ”වැරදිකාරයෙක් නොවේ” යයි ඡන්දය දුන්නේය. හුදකලා ජූරි සභිකයා සාක්ෂියේ පරස්පරතා පෙන්වා දෙන…

නත්තල් කාඩ්පත පරිපූර්ණයි

බාර්කර් පවුලේ නත්තල් සුබ පැතුම් වීඩියෝව පරිපූර්ණ විය. ලෝගුවලින් සැරසුණු එඬේරුන් තිදෙනෙක් (පවුලේ පුංචි පුතුන්) තණකොළ පිට්ටනියක ගින්නක් වටා රොක් වූහ. හදිසියේම දේවදූතයෙක් කඳු මුදුනෙන් බැස ආවේය - එනම්, ඔවුන්ගේ වැඩිමහල් සොහොයුරියයි, රෝස පැහැති උස සපත්තු හැර, ඈ දීප්තිමත් පෙනුමකින් සිටියාය. හඬ පටයේ ශබ්දය වැඩි වීමෙන් එහි සිටි එඬේරුන් පුදුමයෙන් අහස දෙස බලා සිටියහ. පිට්ටනියක් හරහා ගිය විටදී ඔවුන්ට සැබෑ…

ශාප කිරීමක් නැත

විලියම් ෂේක්ස්පියර් උපහාසයේ ප්‍රවීණයෙක් වූ අතර, නළු බැරී ක්‍රාෆ්ට් ෂේක්ස්පියර් උපහාස උත්පාදක යන්ත්‍රය නැමැති තම පොතේ අනර්ඝ ලෙස ඒවා භාවිතා කළේය. මෙම අනර්ඝ පොත සමන්විත වන්නේ ෂේක්ස්පියර්ගේ නාට්‍යවලින් ලබාගත් නොපැහැදිලි උපහාස වලින් ය. නිදසුනක් වශයෙන්, “කපටියා, ඔබ අදක්ෂ කයිවාරු කාරයෙක් විතරයි!” යැයි පවසන්නේ නැතුව, කාව්‍යමය භාෂාවෙන් එය ප්‍රකාශ කරයි. එනම්, සාමාන්‍යය වචන වලට වඩා බොහෝ නිර්මාණශීලීව නොපැහැදිළි ලෙස යමෙකු අවමානයට…

මූලාශ්‍රය

එය 1854 වූ අතර, ලන්ඩන් නුවරේ යම් දෙයක් විසින් මිනිසුන් දහස් ගණනක් මරා දැමීය. එය නරක වාතාශ්‍රය විය යුතුයැයි, මනුෂ්‍යයන් සිතූහ. ඇත්ත වශයෙන්ම, අපද්‍රව්‍යවලින් අපිරිසිදු වූ තේම්ස් නදියට නුසුදුසු උණුසුම නිසා, එහි දුගඳ කොතරම් නරක් වීද යත් එය “මහා දුර්ගන්ධය” ලෙස හඳුන්වනු ලැබීය.

නමුත් නරකම ගැටලුව වූයේ වාතය නොවේ. ආචාර්ය ජෝන් ස්නෝ විසින් පර්යේෂණය තුළින් කොලරාව වසංගතයට හේතුව වූයේ අපිරිසිදු…

නොපෙනෙන දර්ශනය

යූරී ගගාරින් අභ්‍යාවකාශයේ ගමන් කළ පළමු මිනිසා වූ අතර ඔහු රුසියානු ගම්බද ප්‍රදේශයකට පැරෂූටයකින් ගොඩ බැස්සේය. හිස් වැස්මක් පැළඳගෙන පැරෂූට් දෙකක් ඇදගෙන තැඹිලි වර්ණයෙන් යුත් වස්ත්‍රයක් ඇඳගත් ගගනගාමියාව එක් ගොවි කාන්තාවක් දුටුවාය. “ඔබ අභ්‍යාවකාශයේ සිට පැමිණියා විය හැකිද?” ඇය පුදුමයෙන් ඇසුවාය. “ඇත්තෙන්ම ඔව්” යයි ඔහු පැවසීය.

සෝවියට් නායකයින් මෙම ඓතිහාසික ගමන ප්‍රතිවිරෝධි ආගමික ප්‍රචාරයක් බවට පත් කිරීම කණගාටුවට කරුණකි. “ගගාරින්…

සංකේතවලට වඩා වැඩි යමක්

ඉතිහාසගත වන වාර්තාවක් පෙනි පෙනී, අයෝවා විශ්වවිද්‍යාලයේ පැසිපන්දු තරුවක් වන, ජොර්දාන් බොහොනොන් උවමනාවෙන් නිදහස් පහරක් මග හැරියේය. එය ඉලක්කයට දැමුවා නම් වසර විසි පහක වාර්තාවක් බිඳෙනු ඇත. ඒ ඇයි? 1993 දී ක‍්‍රිස් ස්ටී‍්‍රට් නිදහස් පහරවල් තිස් හතරක් ඉලක්කයට දමා දින කිහිපයකින් රිය අනතුරකින් මිය ගියේය. ස්ටී‍්‍රට්ගේ වාර්තාව නොබිඳ බොහොනොන් ගෞරවයෙන් ඔහු පිළිබඳ  මතකය ඉතිරි කළේය.

තම දියුණුවට වඩා වැදගත් දේවල් ගැන හොඳ…