2020 ආරම්භයේදී චීනයේ හුබෙයි පළාතේ වූහාන් හි ආරම්භවූ නව කොරෝනා වෛරසය දිගින් දිගටම ව්‍යාප්තවී ගිය අතර වසංගතය චීනය පුරා පාලනය කළ නොහැකි ලෙස පැතිරී ලොව පුරා වෙනත් බොහෝ රටවලටද ශ්‍රී ලංකාවටද ව්‍යාප්ත විය. මෙය වැලැක්වීම සඳහා රටවල් ගුවන්තොටුපොලවල් වසා දැමීම සහ නිරෝධායන ක්‍රියාමාර්ග ගෙන තිබේ; වෛද්‍ය කාර්ය මණ්ඩල රෝගීන්ගේ ජීවිත බේරාගැනීමේ සටනේ යෙදී සිටි; වසංගත ප්‍රදේශයේ පදිංචිකරුවන් රෝගය පැතිරීයාම වැලැක්වීමේ අපේක්ෂාවෙන් නිවස් වලට වී සිටි.


මෙම තීරණාත්මක මොහොතේදී, අපි එක හදවතකින් බලා සිටිමු, යාච්ඤාවෙන් දෙවියන්වහන්සේව සොයමු, උන්වහන්සේගේ පොරොන්දු තදින් අල්ලා ගනිමු, සෑම අභියෝගයක්ම ජය ගනිමු. පහත පින්තූර මත ක්ලික් කිරීමෙන් ඔබට යාච්ඤාවන් දැක ගත හැකිය.එමෙන්ම යාච්ඤා පින්තූරය ඩවුන්ලෝඩ් කර ඔබගේ මිතුරන් සමග බෙදා ගැනීමට අපි ඔබව දිරිමත් කරමු. ඔබ සැමට මෙම වසංගතය සඳහා යාච්ඤා කළ හැකියැයි අප බලාපොරොත්තු වෙමු!



1 / 30

ආදරණීය ස්වර්ගික පියාණෙනි, අපි යටත්වී යාච්ඤාකර ඔබවහන්සේගේ මුහුණ සොයා අපගේ නපුරු මාර්ග අත්හැරියොත්, ඔබවහන්සේ ස්වර්ගයේ සිට අසා අපගේ පව් කමාකොට අපගේ දේශය සුවකරන බව ඔබවහන්සේ පැවසීය. අපි දැන් යටහත්ව ඔබවහන්සේ වෙත පැමිණ අපගේ නගරය, අපේ රට, අපේ භූමිය සුව කරන ලෙස ඉල්ලා අයදිමු. ස්වාමීනි, ඔබ ඉදිරියෙහි අපගේ එක සිතින් කරන යාච්ඤාවට සවන් දුන මැනව.
ස්වර්ගික පියාණෙනි, අපි ඔබවහන්සේ ඉදිරියේ අපේ පව් පාපොච්චාරණය කර අපේ රට වෙනුවෙන් ඔබවහන්සේට පාපොච්චාරණය කරමු. ඔබවහන්සේගේ දෑස් අප සෑම කෙනෙකුගේම ක්‍රියාවන් දෙස යොමා තිබේ. අපගේ පාප ඔබවහන්සේ ඉදිරියෙහි සැඟවිය නොහැක. අපට කරුණාකර යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය නිසා අපට සමාව දුන මැනව. අපි එක සිතින් මොරගසමු. ඔබවහන්සේගේ ගැළවීම, අපගේ ජාතිය ඔබවහන්සේගේ කරුණාව හා ආශීර්වාදය වෙත ගෙන යනු ඇත. අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ නාමයෙන් යාච්ඤා කරමු. ආමෙන්!
ආදරණීය ස්වාමීනි, මෙම ව්‍යසනයට මුහුණ දෙන අවධානම් නගර කෙරෙහි අනුකම්පා කළ මැනව. වසංගතය හේතුවෙන් සමහර ප්‍රදේශවාසීන් හිඟකමින්, නොසන්සුන්තාවයෙන් හා අසරණභාවයෙන් පසුවෙනු ඇත. ඔවුන්ගේ හිඟකම් දුරු කිරීමට සහ මෙම වෛරසය පැතිරීම නැවැත්වීමට ඔබගේ දයාව ලැබේවා. මක්නිසාද යත්, ජලගැල්මේදී පවා ඔබවහන්සේ බලයේ සිටින බවත් රජෙකු ලෙස ඉඳගෙන තම සෙනඟට ශක්තිය හා සාමය ලබා දෙන බවත් ඔබගේ වචනයේ සඳහන්ය. ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ නාමයෙන් යාච්ඤා කරමු. ආමෙන්!
අපගේ දුක්විඳීම්වලින් නිදහස ඔබවහන්සේ තුළින් ලැබිය හැකි බව සත්‍ය නිසාත්, එය තුළින් ඔබවහන්සේගේ නාමය මහිමයට පත් කළ හැකි නිසාත් ඔබවහන්සේට ස්තූති කරමු. සෑම දිනකම නව බලාපොරොත්තුවක් තබා ගැනීමට අපට උදව් කළ මැනව. අද අප රටේ සියලුම පළාත් සහ නගර වෙනුවෙන් ඔබවහන්සේට යාච්ඤා කිරීමට කැමැත්තෙමු. රෝගීන්ට ප්‍රතිකාර කරන සෞඛ්‍ය  කාර්ය මණ්ඩලයේ ශාරීරික හා මානසික සෞඛ්‍යය ආරක්ෂා කළ මැනව. වෛරසය පැතිරීමට එරෙහිව සටන් කිරීම සඳහා ජනතාවගේ සහයෝගය ශක්තිමත් කිරීමට රටේ නායකයින්ට උපකාර කළ මැනව. අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ නාමයෙන් යාච්ඤා කරමු. ආමෙන්
ආදරණීය දෙවිඳුනි, පොළොවෙහි ඔබවහන්සේගේ බලය නොමැති තැනක් නොමැති බව අපි දනිමු. මෙම වසංගතය පාලනය කිරීමට සහ පැතිරීම වැලැක්වීම උදෙසා නිවැරදි තීරණ ගැනීමට රටේ  නායකත්වයට ප්‍රඥාව ලබා දුන මැනව. ඔබවහන්සේ රටේ නායකයින්ට යුක්තිය, දයාව හා නිහතමානීකම ලබා දෙමින් ඔවුන්ගේ ආත්මික හා ශාරීරික ශක්තිය දිනපතා අලුත් කළ මැනව.අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ නාමයෙන් යාච්ඤා කරමු. ආමෙන්
සාමය දිය හැකි එකම තැනැත්තානන් ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේය. දැනට ලෝකයේ රටවල් 200 කට වැඩි සංඛ්‍යාවක් නව කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව ඇති අතර සෑම තැනකම ජනතාව භීතියට පත්ව සිටිති. ඔබවහන්සේගේ දයාව හා සුවය මෙම ස්ථානවලට පැමිණෙන ලෙසත්, රෝගීන් සහ ඔවුන්ගේ පවුල් දුර්වල වූ විට ඔවුන්ට ශක්තිය ලබා දෙන ලෙසත්, බියෙන් සිටින විට ඔවුන්ට සාමය ලබා දෙන ලෙසත් අපි ඉල්ලා සිටිමු. දරුණු වසංගතයක් හමුවේ ජීවිතයේ අරුත ගැන මිනිසුන්ට බැරෑරුම් ලෙස සිතීමට ඉඩ සලසා දුන මැනව. ඉන්පසු ඔබවහන්සේගේ පුදුමාකාර මඟපෙන්වීම සහ වෙනස අත්විඳින්න ඔවුන්ට අවස්ථාව දුන මැනව. ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ නාමයෙන් යාච්ඤා කරමු. ආමෙන්!
ප්‍රඥාව දෙන ස්වාමීනි,අද අපි විශේෂයෙන් ලෝකයේ සියලුම රටවල නායකයින් වෙනුවෙන් යාච්ඤා කරමු. ඔබගේ අභිමතය පරිදි රට පාලනය කිරීමට සහ ප්‍රඥාවෙන් නීති සම්පාදනය කිරීමට ඔවුන්ට බලය ලබා දෙන ලෙස ඔබවහන්සේගෙන් ඉල්ලා සිටිමු. මෙම නායකයින්ට සත්‍යයට අනුව නිහතමානීව රට මෙහෙයවීමටත් ජනතාවගේ සෞඛ්‍යය හා ආරක්ෂාව උපරිම ලෙස ආරක්ෂා කිරීමට සහ ඔවුන්ගේ රටවල වසංගතය පැතිරීම වැළැක්වීමට ක්‍රියාකාරී හා ඵලදායී පියවර ගැනීමට උපකාර කරන මෙන් අපි ඔබවහන්සේගෙන් ඉල්ලා සිටිමු.ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ නාමයෙන් යාච්ඤා කරමු. ආමෙන්!
ආදරණීය දෙවිඳුනී, නව කොරෝනා වෛරසයට මුහුණ දෙන ලෝකයේ සියලුම රටවල රජයන්ට ඵලදායී ලෙස සහයෝගයෙන් කටයුතු කිරීමටත්, වසංගතය පිළිබඳ තොරතුරු කාලෝචිත ලෙස වාර්තා කිරීමටත්, එන්නත් පර්යේෂණවල ප්‍රගතිය බෙදා ගැනීමට සහ ජනතාවගේ ජීවිතවල ආරක්ෂාව සහ සෞඛ්‍යය ඒකාබද්ධව ආරක්ෂා කිරීමට ඔබවහන්සේට මඟපෙන්විය හැකි බව අප විශ්වාස කරමු. ස්වාමීනි, අපි ඔබ දෙස බලා සිටිමු. ඔබවහන්සේ සාමයේ රජුන්ය. මිනිසුන් අතර ඇති පරතරය පියවා ගත හැක්කේ ඔබවහන්සේගේ ප්‍රේමයට පමණක් වන අතර ලෝකයේ රටවල් අතර සහ මිනිසුන් අතර සැබෑ සමගිය ඇති කරන ලෙස ඔබවහන්සේගෙන් ඉල්ලා සිටිමු. ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්!
ස්වර්ගික පියාණනි, අපට ප්‍රේම කරමින් ඔබවහන්සේගේ එකම ආදරණීය පුත්‍රයාව පොළොවට එවීම ගැනත්, පව්කාරයන් වන අප වෙනුවෙන් ජීවිත පූජා කිරීම ගැනත්, අපට බියෙන් තොරව ඔබවහන්සේ වෙතට පැමිණීමට හැකිවීම ගැනත් අපි ඔබවහන්සේට ස්තූතිවන්ත වෙමුව. නව කොරෝනා වසංගතය දිගින් දිගටම උණුසුම් වෙමින් වෛරසය බොහෝ රටවලට පැතිරී ඇති අතර භීතිය, කාංසාව සහ නොසන්සුන්තාවයේ වාතාවරණයක් සෑම තැනකම පවතී. ශ්‍රී ලංකාවේ සහ ලෝකය තුළ මෙම වෛරසය පැතිරීයාම වළකාලනමෙන් අපි ඉල්ලා සිටිමු. ආරක්ෂිත පියවරයන් රෝගීන්ට සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයට උපකාරයක් වුවද සැබෑ පාලනය ඔබවහන්සේ සතුය. සෑම කෙනෙකුටම දෙවියන්වහන්සේගෙන් සැබෑ සාමය හා බලාපොරොත්තුව ලැබේවා! ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන්, ආමෙන්
බලවන්ත දෙවිඳුනි, ඔබවහන්සේ වෙහෙසට පත්වූවන්ට සවිය දීමටත්, දුර්වලයන් ශක්තිමත් කිරීමටත් පොරොන්දු වූ සේක. වර්තමානයේ ලොව පුරා සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල නව කොරෝනා තත්ත්වයෙන් පෙළෙන රෝගීන්ට දිවා රෑ නොබලා ප්‍රතිකාර ලබා දෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශාරීරික තෙහෙට්ටුව සහ ශක්තිය හීනවීම සිදුවේ. ඔබවහන්සේ මෙම සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෛරසයෙන් ආරක්ෂා කරන ලෙසත්, ඔවුන්ගේ සෞඛ්‍යය පවත්වා ගැනීමටත් ඔවුන්ට දිනපතා අවශ්‍ය ශක්තිය ලබා දෙන මෙන් යාච්ඤා කරමු. ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ නාමයෙන් යාච්ඤා කරමු. ආමෙන්!
දෙවි සමිඳුනි, අපගේ හදවත් තුළ ඇති ශෝකය ඉවත් කළ හැක්කේ ඔබවහන්සේට පමණි. එවිට අපි තවදුරටත් බිය නොවන්නෙමු. මෙම වසංගතය දිගින් දිගටම පැතිරයත්ම අලුතින් හඳුනාගත් හා සැක කරන ලද ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යන අතර පෙරට යන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටද ආසාදනය වීමේ අවධානම අඛණ්ඩව ඉහළ යයි. එමෙන්ම ඔවුන් දරා සිටින මානසික පීඩනය ද වැඩි වේ. වසංගතයට එරෙහි සටනේ පෙරමුණේ සිටින මෙම සෞඛ්‍ය නිලධාරීන්ට ඔබගේ දයාව දැක්වුව මැනව.  ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ නාමයෙන් යාච්ඤා කරමු.  ආමෙන්!
ස්වාමීනි අන්ධකාරය පොළොව වසාගන්නා විට අපට සැබෑ සාමය ලබා දිය හැක්කේ ඔබවහන්සේට පමණි. ඉදිරියට යන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පවුලේ සාමාජිකයන් කෙතරම් කනස්සල්ලට පත්ව සිටිනවාද යන්න ඔබවහන්සේ හොඳින් දන්නවා ඇත. දිනපතා ඔවුන් තම ආදරණීයයන් අහිමි වේ යැයි බිය වන අතර තමන්ට හෝ වෙනත් පවුලේ සාමාජිකයන්ට ආසාදනය වීම ගැන ඔවුන් කනස්සල්ලට පත්ව සිටිති. ඔවුන් මෙම වසංගතයට ගොදුරුවීමෙන් ආරක්ෂා කළ මැනව. සියලු කරදර වලින් මිදීමට ඔවුන්ට උදව් කළ මැනව. ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ නාමයෙන් යාච්ඤා කරමු. ආමෙන්!
දයානුකම්පිත දෙවිඳුනි, අපගේ සියලු අවශ්‍යතා ඔබවහන්සේ දන්නා සේක. නව කෙරෝනා රෝගයෙන් පෙළෙන රෝගීන් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා ක්‍රියා කරන රෝහල් සඳහා මුඛ ආවරණ, ආරක්ෂිත ඇඳුම් සහ පරීක්ෂණ කට්ටල වැනි අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ. රජයට නියමිත වේලාවට වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට හා ඒ ස‍දහා මුදල්  වෙන් කිරීමට ඔබවහන්සේ මඟ පෙන්වුව මැනව. එවිට සියළුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කරදරයකින් තොරව පූර්ණ ලෙස ආරක්ෂා විය හැක. ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ නාමයෙන් යාච්ඤා කරමු. ආමෙන්!
අපට බොහෝසේ ප්‍රේම කරන දෙවිඳුනි, ඔබවහන්සේ අපගේ රැකවරණයයි, අපගේ ශක්තියයි. අද දින විශේෂයෙන් නිරෝධායන මධ්‍යස්ථානයන්හි සහ අප අවට සේවය කරන පොලීසිය හා ආරක්ෂක අංශ වෙනුවෙන් යාච්ඤා කරමු. සෑම දිනකම ඔවුන්ට කොරෝනා රෝගීන් හා ගැටීමට අවස්ථාව තිබේ. මෙම කාර්ය මණ්ඩලයන් වෛරසයේ අවධානමෙන් ආරක්ෂා කළ මැනව. ඔවුන්ට ප්‍රඥාව ලබා දුන මැනව. ආසාදිත රෝගීන් සොයා ගැනීමට සහ මෙම රෝගීන් රෝහල් කරා යොමු කිරීමටත් උදව් කළ මැනව. ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ නාමයෙන් යාච්ඤා කරමු. ආමෙන්!
යහපත් දෙවිඳුනි, කරදර කාලවලදී ඔබවහන්සේ අපගේ ශක්තියේ සහතිකය වන අතර අපි ඔබවහන්සේව විශ්වාස කරමු. වෛරසය පැතිරීමත් සමඟ සිරවී සිටින ජනතාව වෙත ගොස් ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සැපයීම සහතික කිරීම සඳහා ගෙන ඇති ක්‍රියා මාර්ග වලට උපකාර කළ මැනව. කරුණාකර සෑම තැනකම සිටින රජයේ නිලධාරීන්ට සහ ප්‍රජා නායකයින්ට ප්‍රඥාව ලබා දුන මැනව. එවිට ජනතාව කලබල නොවනු ඇත. වසංගතය පැතිරීම මැඩපැවැත්වීමට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වැඩ ප්‍රමාණය අඩු කිරීමට එය උපකාර වේ. ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ නාමයෙන් යාච්ඤා කරමු. ආමෙන්!