කුරුසිය මත සරදම්කොට, දැඩි ලෙස වදහිංසා කළ පසුව “ජේසුස් වහන්සේ මහත් හඬක් නඟා අවසන් හුස්ම මුදා හැරිය සේක” (මාක් 15:37). කියා බයිබලය සඳහන් කරයි. එහෙත් උන් වහන්සේගේ අවසාන වචන වූයේ මොනවාද? “සියල්ල නිම වී යයි” කියා ජොහන් අපට පවසයි (ජොහන් 19:30). ජේසුස් වහන්සේගේ අවසාන වචන ඇදහිල්ලේ මෙන්ම වේදනාත්මකවූ සහ දෙවියන් වහන්සේ තුළ තිබුණු විශ්වාසයේ හඬනැඟීමක් විය. මක්නිසාද උන් වහන්සේ තම අරමුණ ඉටුකළ බව සහ මරණය තම අවසානය නොවන බව ජේසුස් වහන්සේ දැන සිටි හෙයිනි. මෙවර මළවුන්ගෙන් උත්ථානය වීම සැමරීමේදී, ජේසුස් වහන්සේ කුරුසියේදී පැවසූ උන් වහන්සේගේ අවසාන වචන දක්වා සෑම දෙයක්ම දෙස අපි බලන්නෙමු. උන් වහන්සේ කවුද සහ උන් වහන්සේ අප වෙනුවෙන් කළ දේ කුමක්ද කියා ඒ වචනවලින් අපට පවසන්නේ මොනවාද?
මෙම මෙනෙහි කිරීම් 7 සහිත ලියවිල්ලෙන්, කුරුසිය මත ජේසුස් වහන්සේගේ සෑම වචනයක්ම, ජීවත්ව සිටියාවූ, මළාවූ සහ අප වෙනුවෙන් ජයග්‍රාහීව නැවත නැඟුණු ගැලවුම්කරුවාණන් සමඟ ශුද්ධවූ සතිය ගත කිරීමට අපට අවස්ථාව සළස්වයි, උන් වහන්සේගේ අවසාන වචන තවත් හොඳින් අවබෝධ කරගැනීමට සහ ඒවා අද ඔබට අර්ථවත් විය හැක්කේ කෙසේද කියා දැන ගැනීමට අවසානය දක්වාම කියවන්න.
*මෙම කියවීම් ENGLISH සහ TAMIL භාෂාවලින්ද කියවිය හැක.
.
“මේවා තව කාලයක් පිපී තිබෙනවා නම්” යනුවෙන් රෝසපාට සහ සුදුපාට විශාල මල් දෙස ඕනෑකමින් බලමින් කල්පනාකාරීව මාගේ බිරිඳ පැවසුවාය. වසර විස්සකට පෙර ඇය සිටවූ මල්වල සුවඳ විඳගැනීමට ඇය නැඹුරුවූවාය. මෙලොව දිගු කාලයක් තමා ජීවත් නොවනු ඇති බවත් තමාගෙන් පසුව තවදුරටත් ඇයගේ මල්වත්ත පැවතිය යුතු බවත් දැනගත් ඇගේ මව විසින් මේවා ඇයට තෑගි කරන ලදී.
අපගේ තුන්හැවිරිදි මිණිබිරිය ඇයගේ පෝනිටේලයක් මෙන් සකසා තිබුණු කෙස්වැටිය වනමින් වේගයෙන් එතැනට දුවගෙන ආවාය. “මෙන්න” කියමින් ඇය කුඩා ගලක් අපේ පුතාගේ මිතුරා වන කාලෙබ් අතට දුන්නාය. ඇයගෙන් පිළිගත් ගල, ඔහු තමාගේ අතේ ඒ මේ අත පෙරලුවේය. ඔහුගේ දාහත් හැවිරිදි වයසේ දැනුමට වඩා ඉදිරියට සිතමින්, “මල් වැඩි කාලයක් පවතින්නේ නැහැ, මෙය ඊට වඩා දිගු කාලයක් පවතිනු ඇති” කියමින් එය ඔහුගේ සාක්කුවට දමා ගත්තේය. අපේ මිණිබිරියගේ මුවගට ලජ්ජාශීලී සිනාවක් නැඟුණි. තෘප්තිමත් විලාසයකින් ඇය පිටව ගියේ ගෙවත්තෙන් තවත් වටිනා දේවල් ලැබේය යන බලාපොරොත්තුව ඇතිව මෙන්ය. ජීවිතයේ කෙටි බව, අලංකාරය සහ පොරොන්දුව යන සියල්ල එක් මොහොතකින්.
බොහෝ කලකට පෙර උඩුමහලකදී, ජීවිතයේ වේදනාව, ප්‍රේමය සහ පොරොන්දුව එකට එක්කර සමාධිගත කළ පැය කිහිපයක දසුනක් සිදුවිය. ගෝලයා වූ ජොහන් අවසාන රාත්‍රිභෝජනය මෙසේ විස්තර කරයි.
“තමන් මෙලොවින් ඉකුත්ව ….. යාමේ නියමිත මොහොත පැමිණ තිබෙන බව …. ජේසුස් වහන්සේ දැන ගත් සේක” (යොහන් 13:1). එම උද්වේගවත් හදිසි අවස්ථාවලදීත් ක්‍රිස්තුස් වහන්සේ උන් වහන්සේගේ ගෝලයන්ට සැබෑ නායකත්වය යනු කුමක්ද කියා පෙන්වා දුන්සේක (3:17 පද). ජූදස් අතින් සිදුවෙන්නට ඉතා ආසන්නව තිබුණු පාවා දීම ගැන උන්වහන්සේ අනතුරු ඇඟවීමක් කළ සේක (18:30 පද). ඉක්මණින් ඔහුගේ ස්වාමියා නාඳුනන බව පවසනු ඇතැයි පේදුරුට අනතුරු ඇඟවූසේක (38 පදය). උන් වහන්සේ ඉක්මණින් ඉවත්ව යන බව ගෝලයන්ට පැවසූ අතර ඔවුන්ට මෙම පොරොන්දුව දුන්සේක. “ඔබ අනාථ වීමට ඉඩ නොදෙන්නෙමි. මම නැවත ඔබ වෙතට එන්නෛමි” (14:18). “මම පියාණන් වහන්සේගෙන් අයැදින්නෙමි. උන් වහන්සේද ඔබ සමඟ සදහටම සිටින පිණිස වෙනත් සහායදායකයෙකු දෙන සේක. ඒ සහායදායකයාණෝ සත්‍යයේ ආත්මයාණෝය. ….. උන් වහන්සේ ඔබ සමඟ නැවතී සිටිමින්, ඔබ තුළ වැඩ වසන සේක” (16-17 පද).
ජේසුස් වහන්සේ තම කුරිරු හිංසාකාරී මරණය ඉදිරියේ සිටියත් උන් වහන්සේ අන්‍යයන්ට සැනසීම දුන්සේක. “ශාන්තිය ඔබ වෙත ප්රදානය කර යමි. මාගේ ශාන්තිය ඔබට දෙමි. මා එය ඔබට දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. ඔබේ සිත් කැළඹෙන්නට වත් බිය වන්නට වත් ඉඩ නොදෙන්න” (14:27)
ඉන්පසුව ජේසුස් වහන්සේ සහ ගෝලයන් (යූදස් සිටියේ නැත) උඩුමහලින් පිටත්ව ඔලීව කන්දට යනු ඇත. වෙනත් රාත්‍රියක නම් එය ඉතා මනහර සවස් කාලයේ ගිය ගමනක් විය හැකිව තිබුණි. මෙම රාත්‍රිය එවැන්නක් නොවුනි. ගෙත්සෙමන උයනේදී උන් වහන්සේ තම ගෝලයන්ට කථාකොට, “මැරෙන තරමට මාගේ සිත අතිශයින් ශෝකාන්විතය” (මතෙව් 26:38) යනුවෙන් කීසේක. උන් වහන්සේ “අහෝ මාගේ පියාණෙනි, හැකි නම් මේ කුසලාන මා කෙරෙන් පහ කළ මැනව” කියා යාච්ඤා කළ සේක, (39 පදය).
මෙහිදී අපට ජේසුස් වහන්සේගේ පූර්ණ මනුෂ්‍යත්වය තීව්රව පෙන්නුම් කෙරෙයි. මෙහිදීත් අවසානය දක්වාම උන් වහන්සේ තුළ තම පියාණන් වහන්සේට තිබුණු ඉතා දැැඩි කීකරුකම අපට පෙන්නුම් කෙරේ. “එහෙත්, මා කැමති ලෙස නොව, ඔබ කැමති ලෙස වේවා” (39 පදය).
එම උයනේදී අත්අඩංගුවට ගත් පසුව, ජේසුස් වහන්සේ ව්‍යාජ පරීක්ෂණ දෙකකට සහ මුලු ඉතිහාසයේම වඩාත්ම අසාධාරණ තීන්දුවට මුහුණ දුන්සේක. විශ්වයේ මැවුම්කරුවාණන්, උන් වහන්සේගේ මැවිල්ලේ මිනිසුන් විසින් ජෙරුසලමෙන් පිට කන්දක් මතදී කුරුසිපත් කරන ලදී. එම භයංකර ස්ථානයේදී ක්‍රිස්තුස් වහන්සේ උන් වහන්සේගේ “අවසාන වචන සත” පවසන සේක.
මෙය ඉදිරියට කියවද්දී මෙම වචන සත ගැන තිබෙන සෑම ආවර්ජනයක්ම ඔබට හමුවෙනු ඇත. ඔබ මෙම මෙනෙහි කිරීම් කියවද්දී, ඒවායේ තිබෙන සදාකාලිකව පිබිදෙන බලාපොරොත්තුවේ පොරොන්දුව දෙස ඕනෑකමින් විමසා බලා එම සුවිශේෂිතවූ අර්ථාන්විතභාවයෙන් ඔබ දිරිගැන්වීමක් ලබා ගනු ඇතැයි කියා අපි යාච්ඤා කරන්නෙමු.

මේ ජීවිතය නියත වශයෙන්ම වේදනාව සහ මරණය ගෙන එයි. අප ආදරය කරන අයගෙන් අප ඉතා ඉක්මණින් සමුගන්නවා ඇත. දාවිත් රජු තමාගේ මරණය වෙත ළඟාවන බව කාව්යාකාරයෙන් විස්තර කළ ලෙස “කොයිකාටත් පොදු අන්තිම ගමන මම යමි” (1 රාජාවලිය 2:2) යයි කිවූ පරිදිම අපද ඉතා ඉක්මණින් අවසන් ගමන යනු ඇත.
නමුත් ගිම්හානයේ පිපෙන මල් සේ මෙම ජීවිතයේ අපරිමිත අලංකාරයක්ද ගැබ්ව තිබේ. එසේම ජේසුස් වහන්සේ නිසා ඉදිරියේ තිබෙන ප්‍රීතිය අපි අපේක්ෂා කරන්නෙමු. ලෝකයේ අත්තිවාරම දැමීමට පෙර අපගේ මැවුම්කාරයාණන් පළෑටිවල ප්‍රචාරණය පිළිබඳව කළ සැලසුමට අනුව, මාගේ මව විසින් මාගේ බිරිඳට දුන් මල් කාලයක් පවතිනු ඇත. මවගේ උරුමයෙන් දායාදවූ දේවල්ද ඇයගේ දරුවන්, මුනුපුරන් සහ බොහෝ මිතුරන්ට ආදරයෙන් කුඩා ගල් කැට ලබා දුන් මීමිනිපිරිය තුලින්ද සඵලවත් වෙනු ඇත. නමුත් ඊටත් වඩා විස්මිත ලෙස, දෙවියන් වහන්සේට ආදරය කරන සහ උන් වහන්සේගේ පුත්‍රයාණන් කෙරෙහි විශ්වාසය තබමින් උන් වහන්සේව අනුගමනය කරන්නට තෝරාගත් සියලුදෙනා සමඟ සදාකාලිකව නැවත එකතුවීමක් අපි ඉදිරියේදී අපේක්ෂා කරන්නෙමු.
මල් කාලයාගේ ඇවෑමෙන් පරවී යයි. ලොකු සහ කුඩා තෑගි නැති විය හැක. අමතක විය හැක නැත්නම් අවභාවිතා විය හැක. මාගේ මිනිපිරිය මිතුරෙකුට සතුටින් තෑගි කළ කුඩා ගල් කැටය, මේ දිනවල මාහට වෙනත් උයනකින්, ඊට වඩා ඉතා විශාල ගලක් සිහිකරවයි. “සතියේ පළමු වනදා හිමිදිරියේම, අඳුර තිබියදී, මග්දලායේ මරියා සොහොන් ගෙය ළඟට අවුත්, සොහොන් ගෙයින් ගල ඉවත්කොට තිබෙන බව දුටුවාය” (ජොහන් 20:21). ජේසුස් වහන්සේ උන් වහන්සේගේ ගෝලයන්ට කීදේ අපට මතකය. “මා ජීවත් වන නිසා ඔබත් ජීවත් වන බැවිනි” (ජොහන් 14:19).
මරණය ජයගත් තැනැන් වහන්සේට උන් වහන්සේගේ අවසන් වචන සතෙන් අපට කියන්නට තිබෙන්නේ මොනවාද කියා බලමු.
ටිම් ගුස්ටාෆ්සන්, අපගේ දිනපතා භෝජනය කතෘ
1 වන වදන: සමාව දීමට අනුග්‍රය
1999 ජනවාරි 23 වැනිදා ග්‍රෙහැම් ස්ටේන්ස් සහ ඔහුගේ යොවුන් පුතුන් දෙදෙනා වූ පිලිප් සහ තිමෝති ඔවුන්ගේ ජීප් රථය තුළ නිදා සිටියදී ගිනි තබා මරා දැමූහ.
| කියවන්න |
2 වන වදන: බොහෝ නරකද? බොහෝ ප්‍රමාදද?
ක්‍රිස්ටෝෆර් හිචන්ස් යනු ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින ඇදහිලිවතුන් සමඟ ප්රබලව විවාද කළ ප්‍රසිද්ධ අදේවවාදියෙකි.
| කියවන්න |
3 වන වදන: සැලකිලිමත්කමේ වචනයක්
මාගේ දෙමාපියන්ගේ සතළිස්වන විවාහ සංවත්සරය පසුවූ විගස මාගේ පියා මියගිය බැවින් මාගේ මව දැඩි ලෙස කණගාටු වූ අතර කනසල්ලටද පත්වූවාය.
| කියවන්න |
4 වන වදන: කිසිදා අත්හරිනු නොලැබීම
මාගේ සීයා මිය යද්දී, ඔහුට සමුදීමට මම ආරෝග්‍යශාලාවට ගියෙමි.
| කියවන්න |
5 වන වදන: මට පිපාසයි
ඉන්දියාවේ දුෂ්කර පළාතක තිබුණු ඔවුන්ගේ ගමට ළිඳක් හාරා නිවාසවලට සරල ජල පෙරණයන් සකස්කර දීමට පැමිණි ස්වේච්ඡා කණ්ඩායමකට….
| කියවන්න |
6 වන වදන: දිගුකාලීනව පැවති ණයක්
18 වැනි ශතවර්ෂයේ ගෙවීමට තිබුණු ණයක් වූ පවුම් බිලියන 2.6 ක් (දළ වශයෙන් .කෝටි 2420ක්) ගෙවීමට කටයුතු කරන බව 2014 දී බි්රතාන්යය ප්‍රකාශයට පත් කරන ලදී.
| කියවන්න |
7 වන වදන: අවසාන වචන
මාර්ටින් ලූතර් පූජකතුමා මිය යමින් සිටියදී, සභාපාලකවරයෙක් ඔහුව පුබුදුවමින්, “ගරු පූජක පියතුමනි, ඔබ දේශනා කළ ක්‍රිස්තුස් වහන්සේ සහ දේවධර්මය කෙරෙහි අචල ස්ථිරවූ….
| කියවන්න |
ජේසුස් වහන්සේගේ අවසන් වචනවලින් මට අදහස් වෙන්නේ මොනවාද
මා දැනට සහභාගිවන චිකාගෝ- ඉලිනොයිස්හි තිබෙන මෙම සභාවට පැමිණිමට පෙර ක්‍රිස්තුස් වහන්සේගේ අවසාන වචන සත ගැන අසා තිබුණේ නැත. ජේසුස් වහන්සේ මිය යන්නට පෙර පැවසූ “අවසාන වචන සත” ගැන ඇසූ දේව මෙහෙයෙන් පසුව ඒවා ගණන් කිරීම සඳහා එම වචන ලියැවී තිබෙන බයිබල් පද සොයා ගැනීමට වෑයම් කළ සැටි මට තවමත් මතකය. මට මේ වචන සත සොයා ගැනීමට නොහැකි විය. නමුත් ඉන්පසුව මහ සිකුරාදා මගේ සභාවේ “අවසාන වචන සත ගැන” තිබුණු ප්‍රථම දේව මෙහෙයට සහභාගි වූ විට, අපගේ සභාවේ සියලුදෙනාම පාහේ පැමිණි සිටි අතර අමුත්තන් සමඟ නමස්කාර කරන සභා ශාලාවට ඇතුල්ව, දේව සේවකයන් සත් දෙනෙකුට සවන් දුන්නෙමු. මෙම දේව සේවකයන් ශුභාරංචි තුළින්- කුරුසියේ එල්ලී සිටිමින් ජේසුස් වහන්සේ පැවසූ වාක්‍ය කොටස් ගැන දේශනා කළහ.
මට ජේසුස් වහන්සේ මරණයට පෙර පැවසූ වාක්‍ය කොටස් (වචන) සත ගැන ඉගෙන ගන්නට ලැබුණේ, එහිදීය.
සෑම මහ සිකුරාදා දිනකම මා මේ දේව මෙහෙයට සහභාගි වී මෙම වාක්‍ය කොටස්වල අනුග්‍රහයෙන්, සිත් පොළඹවන, වෙනස්- ආකාරයේ, නැවුම් සහ විවිධ දේශනා සතකට එක් දේව මෙහෙයකදී සවන් දෙන්නෙමි.
උන් වහන්සේගේ විශ්මිත චරිතය සහ මරණයට මුහුණ දෙන විට තම ගෝලයන්ට උන් වහන්සේ පෙන්වා දුන් ආදර්ශය නිසා මම තවත් වැඩියෙන් උන් වහන්සේ වෙතට ළංවෙන්නෙමි.
“පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනව” (ලූක් 23:34). කියා, මට ඇසෙන විට, ක්‍රිස්තුස් වහන්සේ සමාව දීම ගැන අපට ආදර්ශයෙන් පෙන්වන ආකාරය මම දකිමි. ජීවිතයේ අසීරුම අවස්ථාවලදී පවා මට හෝ මාගේ පවුලේ අයට ද්වේශයෙන් කරන ලද ඉතාමත් වේදනාකාරී ක්‍රියාවලට මම සමාව දෙන්නේ කෙසේද? ජේසුස් වහන්සේගේ දෘෂ්ඨිකෝණය සහ වේදනාව තුළින් උන් වහන්සේගේ වචන ගැන සිහිකරමින් මට උපකාර කරන ලෙස දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නෙමි.
“ඔබ මා සමඟ අදම පාරාදීසයෙහි සිටින්නෙහිය” (ලූක් 23:43) යන වචනවලින් මට ජේසුස් වහන්සේගේ සමාවදීම ඇසෙනවා පමණක් නොව උන් වහන්සේ පව්කාරයෙකු පුනරුත්ථානය කරන ආකාරයද මම දකින්නෙමි. උන් වහන්සේ වෙතට හැරෙන සෑම දෙනාගේම අතීතය ගැන නොසළකා ඔවුන්ගේ පාප උන් වහන්සේ මකා දමා සදාකාල ජීවනය දෙන සේක. (මතෙව් 9:2 සහ ජොහන් 3:16 බලන්න). සදාකාලයටම අප සමඟ සිටීමට උන් වහන්සේට තිබෙන කැමැත්ත මට පෙනෙයි-
“ස්ත්‍රිය මෙන්න, ඔබේ පුත්‍රයා” සහ ප්‍රේම කළ ගෝලයාට “මෙන්න ඔබේ මෑණියෝ” (ජොහන් 19:26-27)- කියනු මට ඇසෙන විට, ක්‍රිස්තුස් වහන්සේ අතිශය වේදනාවෙන් පෙළෙන විට පවා අනෙක් අය ගැන සැලකිලිමත් වූ අකාරය මම දකින්නෙමි. උන් වහන්සේ පවුල් නැති අයට පවුල් සපයා දීම සහ එකිනෙකාට සලකන ලෙස අපට අණකරන ආකාරය මම දකින්නෙමි.
“මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද?” (මතෙව් 27:46) අසන විට මහා විශාල ප්‍රශ්නයක් මට ඇසෙයි. මහා අවපීඩනයක් මට ඇසෙයි- තනිකමක් මට ඇසෙයි. ජේසුස් වහන්සේ තමන්ට සම්පූර්ණ කිරීමට කැඳවා තිබුණු සේවයක් බව දැන සිටියත් ඒ ගැන තම ගෝලයන් සමඟ කථාකර තිබුණත් (මාර්ක් 8:31-33 බලන්න) ඒ සියල්ල මධ්‍යයේ වූ සිත්රිදීම මට ඇසෙයි. උන් වහන්සේ එවනු ලැබුවේ අපගේ පාප වෙනුවෙන් පූජාවක් වීමට සහ අපට ජීවත් වීමට මාර්ගය පෙන්වා දීමට බව උන් වහන්සේ දැන සිටියත් හුදෙකලාවීම, තනිකම සහ අපේක්ෂාභංගත්වය වැනි සැබෑවූ මානුෂීය උද්වේගයන් සමඟ පොර බැදූ සේක. ජේසුස් වහන්සේගේ හදවත බිඳෙන ප්රශ්නය තුලින්, ජීවිතයේ ප්‍රශ්න සමඟ දෙවියන් වහන්සේ වෙතට නැඹුරුව මොරගසන්නේ කෙසේද කියා මම ඉගෙන ගත්තෙමි. විලාප නැඟීම වරදක් නොවන බව මම ඉගෙන ගත්තෙමි. අවංකවම මාගේ ප්‍රශ්න සහ සංවේගයන් උන් වහන්සේ වෙතට ඉදිරිපත් කළ හැකියි. සමහර ප්‍රශ්නවලට පිළිතුරු නොලැබී යා හැකි බවද මම ඉගෙන ගත්තෙමි. වැලපීම යනු මාගේ ප්‍රශ්න දෙවියන් වහන්සේට දන්වා ඒවා උන් වහන්සේට භාරදීමයි.
“මට පිපාසයයි” (ජොහන් 19:28). කියා මට ඇසෙන විට ජේසුස් වහන්සේ පූර්ණ ලෙස දෙවියන් වහන්සේ වුවත් උන් වහන්සේ පූර්ණ ලෙස මනුෂ්‍යයෙක්ද වූ බව මට මතක් කරදෙයි. මනුෂ්‍යයෙකු ලෙස මට දැනෙන දේ උන් වහන්සේට දැනුනි.
“සියල්ල නිම වීය” (ජොහන් 19:30) කියා මට ඇසෙන විට අපගේ ගැලවුම්කරු එතුමාගේ මෙහෙය තමාගේ ආකාරයටම සම්පූර්ණයෙන් නිමා කළ බව මම දකින්නෙමි, උන් වහන්සේ එය නිම කළ බැවින් මැරුණුසේක- මරණය දක්වාමත් තවම පාලනය උන් වහන්සේගේය. උන් වහන්සේ ඉටුකරන්නට පැමිණි කාරණය සම්පූර්ණයෙන් නිම කළ විට උන් වහන්සේ එය ප්‍රකාශයට පත් කොට අත්හැරිය සේක.
“පියාණෙනි, ඔබ හස්තයට මාගේ ආත්මය භාර දෙමි” (ලූක් 23:46). කියා මට ඇසෙන විට ක්‍රිස්තුස් වහන්සේ කැමැත්තෙන් උන් වහන්සේගේ ආත්මය දෙවියන් වහන්සේට – උන් වහන්සේගේ පියාණන්ට භාරදෙන බව මම දකිමි. සියල්ල සැබවින්ම පාලනය කරන්නේ කවුද කියා දැනගෙන යටත්වීම, සමාදානය සහ සත්‍යවූ ඇදහිල්ල මම දකිමි. සියලු දේවල් උන් වහන්සේට භාරදෙන විට දෙවියන් වහන්සේ තුල විවේක ගැනීමට මතක් කරවීමකි.
ජේසුස් වහන්සේගේ අවසාන වචන සත ගැන ආවර්ජනය කරන විට මාව අතීතයට ගෙන යයි. මා නොදැන සිටි කුරුසියක්, මැරෙන තුරු උන් වහන්සේ අමුණා තැබූ සිදුවීමක් කරා මාව ගෙන යයි. එය ක්‍රිස්තුස් වහන්සේ කවුද සහ අද අපට තිබෙන උන් වහන්සේගේ ආදර්ශය වෙතට මාව ගෙනයයි. මෙසායා අනුගමනය කිරීමට සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම අනුව ජීවත් වීමට වෑයම් කරන මට මා කළ යුතු දේ ගැන මතක් කරවයි. උන් වහන්සේගේ ආත්මය සහ බලය තුල ජීවත්වීමට අප වෑයම් කළ යුතු වන්නේ කෙසේද කියන තරමටම, ජේසුස් වහන්සේ සැබවින්ම දිදුලන ආදර්ශයක් ලෙස ජීවත් වූ සේක.
ජේසුස් වහන්සේගේ අවසාන වචන මා හට උන් වහන්සේගේ සිත, හැඟීම්, සැලකිලිමත්වීම සහ කැපවීම මතක් කරවයි. වෙනස්වූ ජීවිතයක් ගත කිරීමට මඟපෙන්වන උන් වහන්සේගේ වචන ඔබටත් ආදර්ශයක් වෙන්නට කියාත්, අමාරු දවස්වලදී සහ පහසු දවස්වලදීත් තව වැඩියෙන් උන් වහන්සේ මෙන් වීම සඳහා වෑයම් කිරීමට, උන් වහන්සේගේ ජීවිත වෙනස් කරවන අනුග්රයේ බලයෙන් ඔබව දිරිගන්වන ලෙසත් මම යාච්ඤා කරන්නෙමි. ඔබට රිදවන සහ සමාව අවශ්‍ය කරන අය ගැන පවා සැලකිලිමත් විය හැකි ආකාරයේ පැහැදිලි පින්තූරයක් උන් වහන්සේගේ වචනවලින් ඔබට සපයා දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. ඔබ මුහුණ දෙන දේවල් මොනවා වුනත් ඒවා දෙවියන් වහන්සේගේ උපකාරයෙන් දෙවියන් වහන්සේගේ අත්වලට භාරකරන්නේ කෙසේද කියා, ජේසුස් වහන්සේගේ වචන සහ ක්‍රියාවලින් ඔබට පෙන්වා දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
ක්‍රිස්තුස් වහන්සේගේ මෙවැනි වූ ආදර්ශය අනුව යාම අපගේම ශක්තියෙන් කළ නොහැකියි. එයට මෙසායා තුල ඇදහිල්ල – දෙවියන් වහන්සේගේ බලය සහ අනුග්‍රහය කෙරෙහි නොවෙනස්ව පවතින විශ්වාසය අවශ්‍යයි. අපගේ ජීවිත සෑම දිනකම උන් වහන්සේට යටත් කළ යුතුයි. ජේසුස් වහන්සේ අපට මාර්ගය පෙන්වා දුන්සේක. දැන් ඒ අනුව යාම අප කළ යුතුව තිබේ.
ඔබ උන් වහන්සේ අනුගමනය කරනවාද?
කටාරා පැටන්, අපගේ දිනපතා භෝජනය කතෘ
“අප තේරුම් ගත්තාද සහ සමාව ලබා ගත්තාද කීමට තිබෙන නොවරදින සාක්ෂිය වන්නේ අප ජේසුස් වහන්සේට දක්වන ප්රතිචාරයයි.”
~ගැරී ඉන්රිග්
via daily devotions sent directly to your email.
SIGN UP HERE






