ශ්‍රී ලංකාව වේදනාවෙන් සිටින විට කිතුනුවන්ට කළ හැකි දේවල් 3ක්

 

කියවීම: යෙරමියා 29:7 “මා විසින් නුඹලා දාසකමට ගෙනගියාවූ නුවරේ සමාදානය සොයා එය උදෙසා ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්න. මක්නිසාද එහි සමාදානයෙන් නුඹලාට සමාදානය ලැබෙයි.”

 

පාරේ යන ඕනෑම අයෙකුගෙන් අපේ රටට ඇති වැරැද්ද කුමක්දැයි විමසන්න, එවිට ඔබට දුක්ඛිත වචන මාලාවක් නිසැකවම ලැබෙනු ඇත – එනම්, ආර්ථිකය, අපගේ දරුවන්ගේ අධ්‍යාපනය, වාර්ගික සබඳතා සහ ජාත්‍යන්තර තලයේ අපගේ ස්ථාවරය යන කරුණු මෙම ලැයිස්තුවට අනිවාර්යයෙන්ම ඇතුලත් වනු ඇත.

රටට විය හැකි ඕනෑම වැරැද්දක්, එසේම සිදුවී ඇත.

රටට විය හැකි ඕනෑම වැරැද්දක්, එසේම සිදුවී ඇති බව පෙනෙන්ට තිබේ. එනම්, නිමක් නැති ඉන්ධන සහ ගෑස් පෝලිම්, පැය ගණන් විදුලිය කප්පාදුව, ඩොලර් සහ ආහාර හිඟය, කුඩා ව්‍යාපාර වසා දැමීම් සහ මිනිසුන්ගේ වැඩෙන කෝපය යන දේවල් සැබෑ වී ඇත. සමාජ මාධ්‍යවල අප කියවන දේශපාලන කූටෝපායන් වර්ධනය වෙමින් පවතින අතර වත්මන් අර්බුදය සමඟ මිනිසුන් යාවත්කාලීන කරන මාධ්‍යයන් එය වේ. මේ සියල්ල අපගේ එදිනෙදා ජීවිතයට සැබෑ බලපෑමක් ඇති කරයි.

ඉටු කිරීමට වැදගත් කාර්ය භාරයක්

එතෙර වඩා හොඳ ජීවිතයක් සඳහා වූ ඔවුන්ගේ ගවේෂණය හේතුවෙන් බොහෝ තරුණ-තරුණයින් සහ එතරම් තරුණ නොවන බොහෝ දෙනෙක්ද දැන් විදේශ ගමන් බලපත්‍ර අලුත් කිරීමට හෝ ලියාපදිංචි වීමට ආගමන කාර්යාලයට ගලා එති. මොවුන් සහ සංක්‍රමණය වූ අය යන්නෙන් අදහස් කරන්නේ රටට වැඩෙන බුද්ධි ගලනයකි (උගත් පිරිස රටෙන් පලා යාමයි).

විදේශ ගත වීමට ගත් තීරණ ශ්‍රී ලංකා සභාවටද විශාල බලපෑමක් ඇති කරයි. දේවගැති දෘෂ්ටිකෝණයකින් බලන්නේ නම්, අපගේ සභාවල වැඩිහිටි රැකවරණය සඳහා වැඩි උත්සාහයක් දැරිය යුතු වන්නේය. නායකත්ව දෘෂ්ටි කෝණයකින් බලන විට, නායකත්වයේ වගකීම භාර දීමට සිටින්නේ අඩු හැකියාවක් ඇති පුරුෂයින් සහ කාන්තාවන් නොහොත් නොමේරුණු නායකත්වයකටයි.

වත්මන් ජාතික අර්බුදය තුළ කිතුනුවන් වන අපට සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කිරීමට තිබේ.

ශ්‍රී ලංකාව ප්‍රශ්නයක පැටලී සිටින අතර කටුක ස්වභාවයේ අදහස් දැක්වීම්, විවේචනය සහ සම්පූර්ණයෙන් හෙළා දැකීම සඳහා, වඩාත්ම පැහැදිලි ඉලක්කය වන්නේ රජයයි. එසේ වුවද, වර්තමාන ජාතික අර්බුදය තුළ කිතුනුවන් වන අපට සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කිරීමට ඇති බව පැවසීමට මම ශුභවාදී සහ අව්‍යාජ අදහසක් ඉදිරිපත් කරමි.

මේ නිසා අපට කළ හැකි දේ:

  1. බලයේ සිටින අය වෙනුවෙන් නිරාහාරව යාච්ඤා කරන්න. 1 තිමෝති 2:1-3 හි, පාවුල් තුමා තිමෝතියස්ට උපදෙස් ලබා දෙන්නේ: රජවරුන් සහ බලය ඇති සියල්ලන් වෙනුවෙන් යාච්ඤා කරන ලෙසයි. එනම්, සියලු ආකාර භක්තියෙන් සහ සන්සුන්කමින් සමාදානවූ නිශ්චල ජීවිතයක් ගත කිරීමට හැකි වන පිණිසය. ඒ සමගම 5-6 පද වලදී – දෙවියන්වහන්සේ සහ මනුෂ්‍ය වර්ගයා අතර සිටින්නේ එක් මැදිහත්කරුවෙක් වන ක්‍රිස්තුස්වහන්සේ බවද පාවුල් ඉතා ඉක්මනින් ප්‍රකාශ කරයි. ජාතියේ සුභසාධනය සඳහා යාච්ඤා කිරීම සහ ශුභාරංචිය ප්‍රකාශ කිරීම, ඇදහිලිවන්තයන් විසින් පුහුණු විය යුතු එකට වැළඳගෙන කළ යුතු කාර්යයන් දෙකකි.
  2. ජාතිය ගොඩනැගීමේ අපේ කොටස ඉටු කරමු. ප්‍රජාව අතරේ, දේශපාලනය සමඟ සම්බන්ධ වී ක්‍රියා කිරීමට තරුණ පිරිස අවශ්‍යයි. මෙය ජාතිය ගොඩනැගීමට උපකාරී වනු ඇත.
  3. දයාවේ ක්‍රියා සිදු කරන්න. දුප්පතුන්ට ආහාර දීමේ සිට අනාථයින්ට නිවාස ලබාදීම, පරිසරය රැක බලා ගැනීම, සංක්‍රමණික ප්‍රජාවන්, ආන්තික සහ අවාසි සහගත අය වෙනුවෙන් යුක්තිය පතා සිවිල් සමාජයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල නිහඬව සේවය කරන කිතුනුවන් බොහෝය. මෙම පුද්ගලයින්ට අපගේ ආචාරය සහ ප්‍රශංසාව හිමි විය යුතු අතර ඔවුහු අගය කිරීමටද සුදුස්සෝ වෙති

 

අපි සියල්ලෝම ශ්‍රී ලාංකිකයෝ වන්නෙමු

දිනය අවසානයේදී අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ වන්නෙමු. අපි වෙනත් රාජධානියක පුරවැසියන් වී සිටියදී පවා (පිලිප්පි 3:20), අපි තවමත් ශ්‍රී ලංකාවට ආදරය කරන අතර මෙය අපට නිවහන වන්නේය. අපගෙන් සමහරෙකු අපව අගය කරන ආකාරය සමඟ අරගල කළ හැකි වුවද, ශුද්ධ ලියවිල්ලට කීකරු වෙමින්, අපි දිගටම යාච්ඤා කර මෙම ජාතියේ ජීවනයට සහභාගී වෙමු.

 

මෙම ලිපිය ඔබේ මිතුරන් සමඟ බෙදා ගන්න!