මෙම ගෝලීය වසංගතය ව්‍යාප්ත වීම අතරතුර චිත්තවේගී සෞඛ්‍යයට ස්ථිර වශයෙන්ම දරුණු පහරක් වැදුනේය. අපගේ චිත්තවේගී සෞඛ්‍යය බැංකු ගිණුමක් ලෙස හා චිත්ත වේගයන් වලංගු මුදල් ලෙසත් සිතන්නේ නම්, තැන්පතු හා ආපසු ගැනීම්ද එම ගිණුමේ ඇත. ගෝලීය වසංගත, වසා දැමීම්, ආර්ථිකය කොල්ලකෑම්, අස්ථිර අනාගතය හා වසංගත රෝග වටා ඇති තවත් බොහෝ ප්‍රශ්න, අපගේ චිත්තවේගී බැංකු වලින් විශාල වශයෙන් ආපසු ගැනීම් කරන්නේය. බැංකුවට නියමිත තැන්පතු කිරීමට අපොහොසත්ව අපගෙන් ඇතැමෙක්ගේ ගිණුම අවසන් වන්නේය.

එලියා මේ හා සමාන තත්ත්වයකට මුහුණ පෑවේය. ඔහු බාල්ගේ ප්‍රොපේතවරුන් සමග ගැටීමෙන් පසු ඔහුගේ චිත්තවේගී සහ ආත්මික බැංකුව හිස් වූ බව පෙනී යන්නේය. එම නිසා යෙසෙබෙල් ඔහුට මරණීය තර්ජන එල්ල කළ විට, ඔහු සතුව කිසිවක් නොතිබුණු අතර බියපත්ව ඔහු පැන දිව්වේය. වාසනාවට විදේශීය රටක වැන්දඹුවකගේ උපකාරය ඔහුට ලැබුණු අතර එහිදී ඔහුට රැකවරණය, ආරක්ෂාව සහ ඔහුගේ සුනු විසුනු වී තිබූ චෛතසික භාවය නැවත ගොඩනඟා ගැනීමට අවකාශ ලැබුණි.

විෂාදය සමග ගනුදෙනු කරන විට භාවිතා කළ හැකි සැසඳීමක් හා ඍජු අර්ථකථනයක් දීමෙන් ඔබ්බට යන විට අපට භාවිතා කළ හැකි සමහර සත්‍යතා කිහිපයක්ද ඇත. සැබවින්ම ඒවා දීර්ඝ විස්තර සහිත කරුණු නොවන අතර ඇතැම් යෝජනා පහත සඳහන් වේ. නමුත් මේවා එලියාගේ අත්දැකීමෙන් අපට නිඟමනය කළ හැකි වන්නේය. ඔහු වෙනත් රටකට ගියේය. දැන් අපට චාරිකා කිරීමට නොහැකි වුවත්, හැකියාවක් තිබේ නම් අපටම කියා අවකාශයක් සොයාගත හැකි තැනකට යාම හොඳ වන්නේ වෙනස් පරිසරයක් ප්‍රාණයට ශක්තිජනක පානයක් වන හෙයිනි.

ඔහුව පෝෂණය කළ හැකි කෙනෙක් ඔහුට හමුවුනු අතර එහි සාගතයක් තිබුණත් ඔහුට ආහාර හිඟ වූයේද නැත. ආහාර යනු වෛද්‍ය ප්‍රතිකාරයකි. අපගේ මනස හා ශරීරය එමගින් අලුත්වැඩියා වන අතර ප්‍රතිශක්තිය පවා වර්ධනය වන්නේය. ඔහුට විවේක ගැනීමට ස්ථානයක් තිබුණේය. අපට සුවය උදෙසා හොඳ නින්දක් අත්‍යාවශ්‍යය වන්නේය.

ඒ අනුව අපගේ චෛතසික බැංකුවේ ආපසු ගැනීම් වැඩි වී තැන්පතු අඩුවීම අපව හිස්වීමේ අනතුරට පත් කරන අතර අප අත්දකින සැබෑ තත්ත්වය වන්නේ විෂාදයයි. එය “ආරක්ෂිත ස්ථානයකට පලා යාමට” හොඳ අවස්ථාවකි. චෛතසික බැංකු පිරී ඇත්නම් හා ඔබගේ වටා ඇති ලෝකය ඝට්ටනය නොවන්නේ නම්, උපකාර අවශ්‍ය කෙනෙකුට උපකාරයක් වන්න. රැකවරණයේ මූලාශ්‍රයක් වන්න. කෙනෙකුගේ ශාරීරික හා චෛතසික අවශ්‍යතාවයේ මිතුරකු හා සපයන්නකු වන්න.

අපට විෂාදයෙන් ජය ගැනීමට හැකි යෝජනා කිහිපයක් පහත දැක්වේ:

සම්බන්ධකම් පවත්වන්න

සෑම දෙයක්ම තනිව කිරීමට තැත් කිරීම පීඩනය ගෙන ආ හැකිය. ඔබට අවශ්‍ය බව හැඟෙන සෑම විටම උපකාර පැතීම යහපත්ය. උපකාර ඉල්ලීම වරදක් නොවේ. ඔබ දුර්වල බව මනුෂ්‍යයන්ට දැන ගැනීමට ඉඩ හරින්න. ඔබට තනිව කළ නොහැකි දෙයක් සඳහා ඔබ උපකාර සෙවීමට විවෘත වූ විට එය කිරීමට හැකියාව ලැබෙන්නේය. හුදකලාවී නොසිට සමාජයට යන්න.

 

ඔබ අද සතුටු වන එක් දෙයක් කරන්න

ඔබ දැන් කැමති හෝ පෙර කැමති වූ හෝ යමක නියැලෙන්න. එය, උදෑසන ඇවිදින්නට යාම, සුරතල් සතෙකු හා ක්‍රීඩා කිරීම, ගෙවත්තේ වැඩ කිරීම, තමන් පිළිබඳ පෞද්ගලික තොරතුරු සටහන් කිරීම, පොතක් කියවීම, සංගීතය හා සම්බන්ධ ක්‍රියා කිරීම, චිත්‍ර ඇඳීම වන්නට පුළුවන. ඔබ යමක නිරතවීම නිසා ඍණාත්මක සිතුවිලි බොහොමයකින් ඔබට ජය ලබා ගැනීමට හැකි වේ. ආරම්භයේදී එය අභියෝගයක් සේ පෙනී යාමට පුළුවන. නමුත් අවසාන ප්‍රතිඵලය සැමවිටම මිහිරි වනු ඇත.

පිළිවෙලකට වැඩ කරන්න

දිනපතා පිළිවෙලකට ආරම්භ කරන්න. ඔබට කුඩා හා ඉටු කර ගත හැකි දෙයකින් ආරම්භ කිරීමට පුළුවන. ඒ, ඔබ අවදි වූ විගස ඇඳ සකස් කිරීම, වෙලාවට ආහාර ගැනීම, මැදියම් රැයට පෙර නින්දට යාම, ආදරණීය අය සමග ගත කිරීමට කාලයක් වෙන් කර ගැනීම වැනි දේවල් විය හැකිය. බඩු ලැයිස්තුවක් සකස් කිරීමත් එහි ඇති දේවල් කපා හැරීමත් දැඩි සතුටක් ගෙන දෙන්නක් විය හැකිය. දිනපතා 100% මෙයට අනුගත වීමට නොහැකි වීම ගැටළුවක් නොවේ. නමුත් මෙසේ කිරීමට උත්සාහ ගැනීම තුළින් එම ක්‍රමය සම්පූර්ණ කළා සේ හැඟීමක් ඔබට ලැබෙනු ඇත.

ශාරීරික ක්‍රියාකාරිත්වයක නියැලෙන්න

විනාඩි 10 ක ශාරීරික ක්‍රියාකාරිත්වයක නියැලීම ඔබගේ චිත්ත ස්වභාවය ක්ෂණයකින් වර්ධනය කළ හැකි බව පර්යේෂණ මගින් සොයා ගෙන ඇත. එම නිසා නිතර ව්‍යායාම් කිරීම යනු ඔබව ශක්තිමත් හා පෙළඹවීමක් ඇතිව තැබීමය. ඔබ කැමති ශාරීරික ක්‍රියාකාරකමක සතියකට දින 3-5 පමණ අවම වශයෙන් විනාඩි 30 ක කාලයක් පමණවත් නිරත වීමට අපි වගකීමෙන් යුක්තව පවසමු. එය මඳ වේගයෙන් දිවීම, පිහිනීම, ව්‍යායාම ශාලාවක ව්‍යායාම කිරීම හෝ ඔබ කැමති ක්‍රීඩාවක නිරත වීම හෝ විය හැකිය. ප්‍රීතිමත් සංගීතයකට ඔබගේ කාමරය තුළ නර්තනයේ යෙදීමෙන්ද වෙනස්ම ලෝකයක් මැවීමට පුළුවන.

හිංසාකාරි පුරුදු මඟහරින්න

දුම් පානය කිරීම ආතතිය නතර කිරීමට උපකාරි වන බව බොහෝ දෙනාගේ මතයයි. නමුත් සත්‍යය නම් ඉන් සිදුවන්නේ යහපතට වඩා අයහපතය. ඒ හා සමානව, මත්පැන් පානය කිරීමෙන්ද සිදු වන්නේ ඔබගේ චිත්ත ස්වභාවය වෙනස්වී තාවකාලිකව ඔබගේ වර්තමානය අමතක කිරීමට උපකාර වීම පමණය. ඇත්ත වශයෙන්ම මත්පැන් වලට ඇබ්බැහි වීම විෂාදය වැඩි කරන්නේය. විෂාදය මත්පැන් වලට ඇති ඇබ්බැහිකම වැඩි කරන්නේය. ඔබ දැනටමත් මෙයින් කුමකට හෝ ඇබ්බැහි වී සිටින්නේ නම් ඔබගේ විෂාදය සහ සාංකාව වැඩිවීම නතර කර ගැනීම සඳහා පියවරෙන් පියවර ඒවා අත්හැරිය යුතු වන්නේය.

වෘත්තියමය සහය සොයන්න

විෂාදයට ප්‍රතිකාර කිරීමට පුළුවන් වන අතර වෘත්තියමය උපකාර සෙවීම සෑම විටම යහපත් වන්නේය. ස්වයං – උපකාරය මගින් ධනාත්මක ප්‍රතිඵල පෙන්නුම් කරන නමුත්, උපදේශකයකුගේ, මනෝ වෛද්‍යවරයෙකුගේ හෝ රෝග චිකිත්සකයකුගේ වෘත්තියවේදී උපකාරයට විෂාදය සමග සටන් කිරීමේදී ඔබට වඩාත් හොඳින් කටයුතු කිරීමට සහ ඔබව බලගැන්වීමට උපකාර කළ හැකිය.

 

සෑම දිනක්ම අලුත් දවසකි.

අද ඔබ ඉලක්කයක් සපුරා ගැනීමට අසමත් වුවත් නැතිනම් යම්කිසි කාර්්‍යයක් සම්පූර්ණ කර ගැනීමට නොහැකි වුවත් අද ජීවිතය අවසාන වන්නේ නැත. හෙට දවස වඩා යහපත් දවසක් වන බව විශ්වාස කරන්න. වඩා වැදගත් වන්නේ ඔබ ඔබට කරුණාවන්ත වීමයි. සෑම දිනකම නැවුම් ආරම්භයක් සොයන්න. එක් අසමත් කමකට ඔබගේ ඉරණම තීරණය කිරීමට ඉඩ නොදෙන්න!

 

“ස්වාමින් වහන්සේම නුඹට පෙරටුව යනසේක. උන්වහන්සේ නුඹ සමග වන සේක. උන්වහන්සේ නුඹෙන් අහක්ව යන්නේවත්, නුඹ අත්හරින්නේවත් නැත. භය නොවන්න. නොකැළඹෙන්න.”

ද්විතීය කථාව 31:8