යාච්ඤාවන් තුළින් ඔබ අප වෙත දක්වන උපකාරයට අපි ඔබට ස්තූති වන්ත වෙමු! බයිබලීය සම්පත් සැපයීම තුළින් සැමට දෙවිඳුන්ටත් උන්වහන්සේගේ වචනයටත් ළඟාවීමට උපකාර කිරීමේ මෙම සේවයේදී අපි දෙවිඳුන්ගේ අනුග‍්‍රහය මත රැදෙමු. කරුණාකර යාච්ඤාවෙන් අපත් සමග හවුල්වන්න.

 

ශ‍්‍රී ලංකාව

කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ සමස්ත ශ්‍රී ලංකා වාසීන්ද කරදර හා බියෙන් පිරි කාලයක් පසු කරමින් සිටි. මොහොතක් පාසා මොහොතක් ප්‍රවෘත්ති නරඹමින් හා සමාජ මාධ්‍ය තුළ ඉහල පහල යමින් තව තවත් තම බිය වැඩි කරගන්නා සහා කරදර වෙන්නාවූ සැම හට දේව වචනය වෙත තම අවධානය නැවත යොමුකර බයිබලානුකූලව මෙම ගැටළුව දෙස බලමින් තම ජීවිත කෙරෙහි උන්වහන්සේ ඉදිරියෙහි බලාපොරොත්තුව, ශක්තිය සහ සැනසීම ලැබීමට අවශ්‍ය ලිපි සම්පාදනය කර බෙදා හැරීම අපගේ දිනපතා භෝජනය සේවයේ අපගේ අරමුණයි.

යාච්ඤා කරන්න
• අපගේ මෙම ප්‍රයත්නයට දෙවිඳුන්ගේ ආශීර්වාදය හා අනුග්‍රහය ලැබෙන පිණිස
• මෙම ලිපි බොහෝ දෙනෙක් උනන්දුවෙන් කියවා දෙවියන්වහන්සේ තුළ දිරිමත් වන පිණිස
• මෙම ලිපි කියවන සැමදෙනාම ඒවා අන් අය සමඟ බෙදා ගන්නා පිණිස
• අපගේ දිනපතා භෝජනය මීලග ඉංග්‍රීසි කලාපය නියමිත දිනයට පෙර පාඨකයින් අතට ලබා දීමට හැකිවන පිණිස
• අපගේ දිනපතා භෝජනය සිංහල පරිවර්තන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට දෙවිඳුන්ගේ කරුණාව ලැබෙන පිණිස

 

“මට යාච්ඤාකරන්න, එවිට මම ඔබට උත්තරදී, ඔබ නොදන්න මහත්වූ අමාරු දේ ඔබට පෙන්වන්නෙමි” (යෙරෙමියා 33:3)