පුද්ගලික භාවය පිලිබඳ ප්‍රතිපත්තිය

බල පැවැත්වෙන දින 2015 ජනවාරි 15

 

අපගේ දිනපතා භෝජනය සේවාවන් (“අ.දි.භෝ.”,”අපි” හෝ “අප“) අපගේ වෙබ් අඩවියට පිවිසෙන අයගේ පුද්ගලික භාවය අගය කරන්නෙමු. අප මෙම පෞද්ගලික භාවයේ ප්‍රකාශනය නිර්මාණය කළේ අපගේ වෙබ් අඩවි තුළින් ගොනුකර ගන්නාවූ තොරතුරු රැස්කරන්නේ, භාවිතා කරන්නේ හා මෙම තොරතුරු ව්‍යාප්ත කරන්නේ කෙසේද යන්න එළිදරව් කිරීම පිණිසය. මෙම පුද්ගලික භාවයේ ප්‍රතිපත්තිය අ.දි.භෝ. සමඟ සම්බන්ධව සිටින සියලු දෙනා හට අදාළ වන්නේය.

 

පුද්ගලික භාවයේ ප්‍රකාශනය

 

මෙම අඩවිය හරහා ගොනු කරනු ලබන තොරතුරු පහත සඳහන් වැටීසන යටතේ භාවිතයට ගනු ලැබේ:

 

  1. පුද්ගලික තොරතුරු ප්‍රතිපත්තිය – පුද්ගලික තොරතුරු විකිණීමට, කුලියට දීමට හෝ වෙනත් හේතුවක් නිසා වෙනත් පුද්ගලයෙකුට හෝ ආයතනයකට ලබා හෝ දීමට වාණීජමය වශයෙන් හෝ ලාභයක් නොලබන පිණිස හෝ කිසිදින ලබා නොදෙන දැඩි ප්‍රතිපත්තියක් අ.දි.භෝ. සේවාව අනුගමනය කරන්නේය. නීතියකට යටත් නොවන එකම කරුණ වන්නේ ව්‍යවස්ථාවට එකඟවීම හෝ අයිතීන් දේපළ හෝ අ.දි.භෝ. යේ ආරක්ෂාව, අපගේ පරිශීලකයින් හෝ වෙනත් අය ආරක්ෂා කිරීමය. ඔබ අපට ඉදිරිපත් කරන්නවූ ඕනෑම පුද්ගලික වශයෙන් ප්‍රතිබද්ධ (නම, ලිපිනය,  දු.අංකය / අංක හා/හෝ විද්‍යුත් ලිපිනය ) තොරතුරු ඔබ ලබාදී ඇති අරමුණ සඳහා පමණක් භාවිතා කරනු ඇත.

 

  1. පුද්ගලික තොරතුරු එක් රැස් කිරීම සහ භාවිතා කිරීම – ඔබ මෙම වෙබ් අඩවිය භාවිතා කරන්නාවූ ආකාරය අනුව ඔබගේ පුද්ගලික අනන්‍යතා තොරතුරු (“පුද්ගලික තොරතුරු”) අප සමඟ බෙදා ගැනීමට ඔබගෙන් අප ඉල්ලීමට ඉඩ තිබේ. ඔබගේ පුද්ගලික තොරතුරු බෙදාගැනීම හෝ නොගැනීම ඔබ සතුය. කෙසේ වෙතත්, පුද්ගලික තොරතුරු බෙදා නොගැනීම නිසා වෙබ් අඩවියේ ඇතම් කොටස් ලබා ගැනීමට නොහැකිවනු ඇත. පුද්ගලික තොරතුරු වලට අනන්‍යතාව දැක්වෙන තොරතුරු හෝ හඳුනා ගැනීමට භාවිතා කළහැකි, සම්බන්ධ විය හැකි හෝ ඔබ සිටිනා ස්ථානය දැන ගැනීමට හැකි තොරතුරු ඇතුළත් වේ. අප ඔබගේ පුද්ගලික තොරතුරු විමසන හා එක් රැස් කරන අවස්ථාවේ මෙවැනි දේ ඇතුළත් විය හැකිය. උදාහරණයක් ලෙස :-

 

    1. අ.දි.භෝ. ගිණුමක් නිර්මාණය කිරීමේදී – ඔබ ගිණුමක් නිර්මාණය කරනවිට ඔබගේ විද්‍යුත් ලිපිනය හා තැපැල් ලිපිනය සපයන්නේය. එසේම වරණීය හා ඔබ කැමති තොරතුරුද සපයන්නේය. මේ අනුව අපගේ නවතම තොරතුරු, දැන්වීම්, පද්ධතියේ අලුත් තොරතුරු, අපගේ සේවාවේ නිෂ්පාදන හා දීමනා සහ වෙනත් තොරතුරු ඔබවෙතට එවීමට අපට ඉඩ සලසන්නේය.

 

    1. අප හා සම්බන්ධ වන්න – ඔබට ඇති ඕනෑම ප්‍රෂ්නයක්, මත විමසුමක් හෝ ඉල්ලීමක් සමඟ ඍජුවම අප හා සම්බන්ධ වන පෝරම අඩවියේ විවිධ ස්ථානවල ඇත. ඔබගේ ප්‍රෂ්න වලට පිළිතුරු සැපයීමට, මත විමසුම් හා ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීමට මෙම තොරතුරු උපයෝගී කරගනු ඇත. වෙබ් අඩවියේ සහ වඩසටහන් වර්ධනය කිරීම සඳහා ඔබගේ තොරතුරු ලිපිගොනුවකට අතුලත් කිරීමට හෝ සමාලෝචනය කොට ඉවත් කිරීමට ඉඩ ඇත.

 

    1. විද්‍යුත් තැපෑලට ලියා පදිංචිය – අ.දි.භෝ. නිතර විද්‍යුත් තැපෑලෙන් ලිපි ලැබීමට අවස්ථාව ඔබට සලසන්නේය. විද්‍යුත් තැපෑලට එක්වීමෙදී ඔබගෙන් පුද්ගලික තොරතුරු ( විද්‍යුත් ලිපිනය, නම, රට හා මනාපය ඇතුළුව ) විමසනු ඇත. ලබාදෙන තොරතුරු ඔබට විද්‍යුත් ලිපි එවීමට, ඔබගේ අත්දැකීම් පුද්ගලාරෝපණය කිරීමට හා අප ඔබට දෙන්නාවූ දේ වර්ධනය කිරීමට හා වැඩිදියුණු  කිරීමට භාවිතා කරනු ඇත. අප විද්‍යුත් ලිපි එවන්නේ අපගෙන් ලිපි ලැබීම තෝරාගත් පරිශීලකයන් හට පමණී. වරක් විද්‍යුත් තැපෑලට ඇතුල්වූ නමුත් පසුව ඉන් ඉවත්වීමට අපේක්ෂා කරන්නේ නම්, දායක නොවන කොටස ඔබා ඉන් ඉවත්වීමට පුළුවන.

 

    1. ඇප්ස් – ජංගම දුරකතන හා ටැබ් පරිඝණක සඳහා අපි විවිධ ඇප්ස් ලබා දෙන්නෙමු. අදහස් ඉදිරිපත් කිරීම, දෛනික සටහන් තැබීම හා පොත් සලකුණු ඇතුළු ඇප්ස් තුළ සියලුම විශේෂාංග ලිපිවලට සම්පූර්ණයෙන් ප්‍රවිශ්ට වීම සඳහා ගිණුමක් නිර්මාණය කිරීමට අවශ්‍ය වන්නේය.

 

  1. Logged Files සහ Cookies ඔබ අන්තර් ජාලයට පිවිසෙන විට, ඔබගේ අන්තර්ජාල සේවා සැපයුම් කරු ඔබගේ පරිගණකයට IP ලිපිනයක් ස්ව‍යංක්‍රීයව එවනු ඇත. වෙබ් අඩවි සේවා සැපයුම්කරුවන් එම IP ලිපිනය මගින් ඔබගේ පරිගණකය හඳුනාගනු ඇති අතර අපගේ සේවා සැපයුම්කරුවන්ගේ ගැටළු හඳුනාගැනීමට, වෙබ් අඩවිය පරිපාලනය කිරීමට හා වෙබ් අඩවියේ අගය නිරන්තරයෙන් වර්ධනය කිරීමට අපි ඔබගේ IP ලිපිනය භාවිතා කරන්නෙමු.

 

  1. එක් රැස් කරගන්නා ලද තොරතුරු – අපි වෙබ් අඩවියේ ඇති බොහෝ, විවිධ ක්‍රමයන්ගෙන් ඔබගෙන් තොරතුරු එක් රැස් කරගන්නෙමු. පුද්ගලික තොරතුරු එක් රැස් කරගන්නෙමු. පුද්ගලික තොරතුරු එක් රැස් කරගනීමේ එක් ඉලක්කයක් වන්නේ, දක්ෂ, අර්ථවත් හා ගනුදෙනුකරණයේ අත්දැකීම සැපයීමය. අ.දි.භෝ. සේවාව්න්ට හෝ ඒවායේ ප්‍රකාශන අංශවලට සම්බන්ධ නිශ්පාදන මිලදී ගන්නා සියලුම දෙනාගෙන් අ.දි.භෝ. පුද්ගලික තොරතුරු ඒකරාශි කරගන්නේය. ඔබ අ.දි.භෝ. සමග බෙදාගන්නා ඕනෑම තොරතුරක් (අ ) නිශ්පාදන බෙදාහැරීමට සහ සේවයට; (ආ ) ආගන්තුක හා පාරිභෝගික ක්‍රියාව විශ්ලේශණය හා අධීක්ෂණය කිරීමට; (ඇ ) ඉදිරිපත් කරන්නාවූ නිශ්පාදනය සහ සේවාවන් ප්‍රවර්ධනයට සහ ආධාරකිරීමට; (ඈ ) වෙබ් අඩවියේ සහ සපයනු ලබන නිශ්පාදනයේ හා සේවාවේ අනාගත ප්‍රවර්ධනය සැලසුම් කිරීමට උපකාරවන පිණිස සහ (ඉ ) වෙබ් අඩවිය භාවිතා කරන්නන් සහ පාරිභෝගිකයින් සම්බන්ධයෙන් පදනම්වූ දැනගැන්ම ප්‍රවර්ධනය සඳහා යොදාගනු ලැබේ. ඔබ ඉල්ලා සිටින නිශ්පාදනයක් / නිශ්පාදනය හෝ සේවාවන් / සේවාව ඔබ වෙත එවීමට පුද්ගලික තොරතුරු දැනගෑනීම අපට අවශ්‍ය වනු ඇත.

 

  1. අ.දි.භෝ. හා එයට සම්බන්ධ සේවාවන්ට ඔවුන්ගේ නිශ්පාදන සහ සේවාවන් සැපයීම සඳහා ආවශ්‍ය සේවාවන් හා උපකරණ සැපයීමට උපකාර කරන්නාවූ විශ්වාසවන්ත නියෝජිතයින් සහ ව්‍යාපාර සාමාජිකයින් සමඟ අපි එකඟතාවයන්ට පැමිණ ඇත. අපි මෙම දත්ත මෙම විශ්වාසනීය නියෝජිතයින් හා ව්‍යාපාර හවුල්කරුවන් සමඟ බෙදාගනු ඇත. උදාහරණයක් ලෙස ඔබ අපගෙන් යමක් මිලදී ගතහොත් අපට අලෙවි කිරීම අවසන් කිරීමට හැකිවන පරිදී ඔබ සපයන තොරතුරු අපගේ ඇනවුම් නියෝජිතයින් මගින් හා ඔබගේ ණයවරපතේ තොරතුරු අපගේ ණයවරපත ක්‍රියාකරුට සපයනු ඇත. ඔබ බෙදාගැනීමට අකමැති තොරතුරු කරුණාකර ඉදිරිපත් නොකරන්න.

 

  1. 2. අප නිර්ණාමික තුන්වන පාර්ශවයේ ප්‍රේක්ෂක දත්ත ( වයස, ස්ත්‍රී/පුරුෂ භාවය හා මනාපයන් වැනි ) ගූග්ල් විශ්ලේෂණ මගින් එක්තු කරන්නෙමු. වෙබ් අඩවිය පුද්ගලාරෝපණය කිරීමට හා වර්ධනය කිරීමට මෙම තොරතුරු භාවිතා කරන්නෙමු. එසේම ප්‍රේක්ෂකයෙකු / ප්‍රේක්ෂකයින් සෑහීමකට පත්කිරීම සඳහා ගැලපීමටද මෙම තොරතුරු භාවිතා කරන්නෙමු.

 

  1. පරිශීලකට ඉඳහිට සමාලෝචනයක් හරහා පසු විපරම් කිරීමට අප ඉල්ලා සිටීමට පුළුවන. මෙම තොරතුරු අප විසින් සම්පූර්ණයෙන්ම භාවිතා කරනු ලබන්නේ අපගේ නිශ්පදන හා සේවාවන් වර්ධනය කිරීම උදෙසාය.

 

  1. අමතර නිශ්පාදන හෝ සේවාවන් පිළිබඳව ඔබට දැනුවත් වියහැකි පරිදි ඔබගේ පුද්ගලික විස්තර අලුතින් සැපයීම පිළිබඳව අපි ඔබව සම්බන්ධ කරගන්නෙමු.

 

  1. 5. අ.දි.භෝ. යනු අවංක මිතුරන් සාමාජිකයින්ගේ ත්‍යාග මගින් දරා සිටින්නාවූ ලාභ නොලබන සේවාවක්ය. අප සමඟ සම්බන්ධකම් ඇති අයට හෝ අප වෙත ඇති තැපැල් ලැයිස්තුවේ කිසිවෙකු හට අප කිසිදු ඝෘජු ආධාර ඉල්ලීමක් නොකරන්නෙමු. කෙසේ වෙතත්  අ.දි.භෝ. පාලක මණ්ඩලයේ මඟපෙන්වීම යටතේ අනාගතයේදී මෙම ආධාර එකතු කිරීමේ ප්‍රතිපත්තිය වෙනස් කිරීමේ අයිතිය පවත්වාගෙන යන්නෙමු.

 

  1. ආරක්ෂාව – ඔබගේ පුද්ගලිකත්වය සහ ඔබගේ තොරතුරු ආරක්ෂා කිරීම අපගේ ඉහළම ප්‍රමුඛස්ථානය වන්නේය. වෙබ් අඩවියේ අවංකත්වය සහ රැස්කරගත් දත්තවල රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට අපි වාණීජමය සාධාරණ ක්‍රම භාවිතා කරන්නෙමු. අපගේ සේවකයින් හා බලය ලත් ස්වේච්ඡා සේවකයින් අපගේ රහස්‍ය භාවය සහ ආරක්ෂිත ප්‍රතිපත්තීන් දන්නා අතර ඔබගේ තොරතුරු ලබාගත හැක්කේ එම සේවකයින් හට සහ තම කාර්යය කිරීමට අවශ්‍ය බලය ලත් සුවේච්ඡා සේවකයින් හට පමණය. කෙසේවෙතත් කිසියම් පද්ධතියේ අක්‍රීය වීමක් හෝ තුන්වන පාර්ශවයන්ගේ අනවසර ප්‍රවිශ්ටවීම හේතුකොටගෙන රහස්‍ය භාවය කිසියම් ලෙස උල්ලංඝනය වීම පිළිබඳව සම්පූර්ණ සහතික වීමක් කළ නොහැකි අතර වගකීමද භාර නොගන්නෙමු.

 

  1. සීමාවන් – මෙම අඩවිය වයස අවුරුදු 18 හෝ ඉන් ඉහළ අයට පමණය. ඔබ වයස අවුරුදු 18 ට අඩු නම් කිසි තොරතුරක් අප වෙත ඉදිරිපත් නොකරන්න.

 

  1. පරිශීලක තොරතුරු අලුත් කරන්න – ඉල්ලීම මත, පුද්ගලික තොරතුරුවලට සාධාරණ ප්‍රවිශ්ටවීමක් දින 60 ක් ඇතුළත පරිශීලකගෙන් අය කිරීමක් නොමැතිව සපයනු ලැබේ. එම කාල සීමාව තුළ ප්‍රවිශ්ටවීම සැපයීමට නොහැකි නම්, තොරතුරු සැපයීමට හැකි දිනයක් පරිශීලකට දන්වනු ඇත. යම් හේතුවක් නිසා සමීපවීම ප්‍රතික්ෂේප කළහොත්, එය ප්‍රතික්ෂේප වීමට හේතුව අප විසින් දන්වනු ඇත.

 

  1. යා කිරීම – වෙබ් අඩවිය අ.දි.භෝ. හිමිකාරත්වය නොමැති හෝ එමගින් පාලනය නොවන වෙනත් වෙබ් අඩවි වලට යා කිරීම් අන්තර්ගත කිරීමට පුළුවන. අප එම වෙබ් අඩවි වල ප්‍රතිපත්ති ආගන්තුක රහස්‍ය භාවය කෙරෙහි අනුමත කරන බව අදහස් නොවේ. අපගේ ප්‍රතිපත්ති වලට වඩා එම වෙබ් අඩවි වල පුද්ගලිකත්ව ප්‍රතිපත්ති වල ඇති වෙනස දැනගත හැකි බැවින් එම වෙබ් අඩවිවලට පිවිසෙන්නට අපි ඔබ ධෛර්යමත් කරමු. ඔබ පිවිසෙන ඕනෑම වෙබ් අඩවියක පුද්ගලිකත්ව ප්‍රකාශනය කියවීමට අපි ඔබ ධෛර්යමත් කරමු.
  2. පණිවුඩ පුවරුව හා අදහස් – ඔබ පණිවුඩ පුවරුවට, කතා බහට වෙන්කළ ස්ථානයට, මත වලට හෝ එවැනි දේට වෙබ් අඩවිය මතට ඔබ ඇතුලත් කරනු ලබන ඕනෑම තොරතුරක් පොදු තොරතුරු බවට පත්වන්නේය. මෙම මත තුළ ප්‍රකාශ කරනනාවූ ආකල්ප හුදු තනි පුද්ගලයෙකුගේ මත වේ. ඒවා අප විසින් අනුමත කරන ලද හෝ අ.දි.භෝ. හි උපදෙස් හෝ විශ්වාසයන් නියෝජනය නොකරන්නේය. කිසිදු පිළිගත නොහැකි භාෂාවක් හෝ සාකච්ඡා කර ඇති මතෘකාවක් පිළිබඳව අ.දි.භෝ. වග නොකියන්නෙමු. එහෙත් මෙම අංශ අධීක්ෂණය කිරීමට හා යෝග්‍ය මාතෘකා සාකච්ඡා කිරීමට හැකි සෑම දෙයක්ම කිරීමට අපි සහතික වන්නෙමු.

 

  1. මෙම ප්‍රතිපත්තිය අලුත් කිරීම – මෙම පුද්ගලිකත්ව ප්‍රතිපත්තිය ඕනෑම වෙලාවක අලුත් කිරීමට ඇති අයිතිය අපි සුරකිමු. අලුත් කිරීම බලපැවැත්වෙන දිනය සමග මෙම වෙබ් අඩවිය මත කරනලද වෙනස්කිරීම් පලකරනු ලැබේ. වර්ථමාන ප්‍රතිපත්ති දැන ගැනීමට අපගේ වෙබ් අඩවියට වරින්වර පිවිසෙන්න.

 

  1. පිළිගැණීම – වෙබ් අඩවිය භාවිතා කිරීම පරිශීලක මෙම පුද්ගලිකත්ව ප්‍රතිපත්තිය හා ඊට අමතරව ඕනෑම අලුත් කිරීමක් පිළිගැණීමට ඇතුලත් වන්නේය. දත්ත භාවිතා කිරීම හෝ පොදුවේ මෙම ප්‍රකාශනය පිළිබඳව ඔබට යම් ගටළුවක් හෝ චෝදනාවක් ඇත්නම්, අපව සම්බන්ධ කිරීමේ පෝරමය භවිතා කරමින් හෝ පහත සඳහන් ලිපිනයට ලියා අප හා සම්බන්ධ විය හැක.

 

Our Daily Bread Ministries

3000 Kraft Ave. SE

Grand Rapids, MI 49512

U.S.A.

 

  1. අ.දි.භෝ. භාවිතා කිරීමේදී අනුගමනය කළයුතු කොන්දේසි.

 

  1. අ. දි. භෝ. පුද්ගලිකත්ව ප්‍රතිපත්ති පිළිබඳව මතුවන තර්ක පුද්ගලිකත්ව ප්‍රතිපත්ති මඟින් මෙන්ම අපගේ දිනපතා භෝජනය සේවාවන්ගේ වෙබ් අඩවිය භාවිතා කිරීමේ කොන්දේසි තුළින් පාලනය කරනු ඇත.

 

  1. අධිකරණ බලය. ව්‍යවස්ථාවේ මූලධර්මවල ගැටුම් නොසලකා මිචිගන් හි ව්‍යවස්ථාවට අනුව මෙම කොන්දේසි පාලනය හා අර්ථකතනය කෙරෙනු ඇත. මෙම කොන්දේසිවලට හා එහි ඉදිරිපත් කිරීම හෝ වෙබ් අඩවිය හා තොරතුරු භාවිතා කිරීම යටත් කරනු ලැබ ඒ සෑම අනුකූල දැක්වීමක්ම මිචිගන් හී රාජ්‍යයට හා ෆෙඩරල් අධිකරණයට අධිකරණ බලය ලබා දීමට අ.දි.භෝ. සහ දායකයා එකඟ වන්නේය. මෙම කොටස සීමා නොකිරීම ඇතුලු මෙම කොන්දේසි සියල්ල සැපයීම ක්‍රියාත්මක නොකිරීම ඕනෑම අධිකරණ බලයක් තුළ වෙබ් අඩවිය භාවිතා කිරීමට අවසර නොමැත.

 

නව අලුත් කිරීම 15 ජනවාරි 2015