හිමිකම් හා අවසර

අවසර / කතෘත්වයේ හිමිකම ඇති ද්‍රව්‍යය

අපගේ දිනපතා භෝජනය සේවාවන් හෝ ඩිස්කවරි හවුස් පබ්ලිෂර්ස් වෙත කතෘත්ව හිමිකාරත්වය ඇති ද්‍රව්‍ය හෝ උපුටා ගැනීම් භවිතා කිරීමට ඔබට අවශ්‍ය නම් කරුණාකර හිමිකම් හා අවසරදීමේ දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වන්න. Discovery House Publishers ආයතනයට Oswald Chambers Publication Association, Ltd  හි ලෝක හිමිකම් පාලනය ඇතුළත්වන අතර Day of Discovery සඳහා පහත සඳහන් හිමිකම් ඇතුළත් වන නමුත් සීමා නොවන්නේය.

  • අවසරය
  • නැවත මුද්‍රණය
  • පරිවර්තනය
  • අධ්‍යයන ආයතනයක භාවිතය
  • ලාභ නොලබන මුද්‍රණය හා ඉලෙක්ට්‍රොනික
  • ශ්‍රව්‍ය පටිගත කිරීම

කතෘ හිමිකම ඇති ලිපි ලේඛන යළි මුද්‍රණය කිරීමට අවසර ලබා ගැනීම සඳහා සොයා බැලීමට ඔබ ලිඛිතව (විද්‍යුත් තැපෑලෙන් හෝ ලිපියක් මඟින්) අප හා සම්බන්ධ විය යුතුය. ඔබගේ ලිපියට:

  • ග්‍රන්ථයේ, පොත් පිංචේ, මෙනෙහි කිරීමේ ලිපියේ, පටිගත කරන ලද නිෂ්පාදනයේ හෝ වීඩියෝ නිෂ්පාදනයේ මාතෘකාව
  • ග්‍රන්ථයේ, පොත් පිංචේ, මෙනෙහි කිරීමේ ලිපියේ, පටිගත කරන ලද නිෂ්පාදනයේ හෝ වීඩියෝ නිෂ්පාදනයේ කතෘගේ/කලාකරුවාගේ සම්පූර්ණ නම
  • ඔබ පරිහරණය කිරීමට කැමති කතෘත්වය හිමි ලිපි ලේඛනයන්හි විශේෂ ලිපිය
  • ඔබ ලිපි ලේඛන භාවිතා කිරීමට අපේක්ෂිත ක්‍රමය, කරුණාකර හැකි පමණ විශේෂිත වන්න. එනම් වාණිජ හෝ වාණිජ නොවන, පුද්ගලික පරිහරණයට හෝ බෙදාහැරීමට, පංතිවල ඉගැන්වීම් සඳහා, පුවත් හසුනකට, තොරතුරු ප්‍රකාශනයකටද යන්න
  • ඔබගේ නම, ලිපිනය, දුරකතන අංකය හා විද්යුත් ලිපිනය යනාදිය අන්තර්ගත කළ යුතුය.

අතිරේක පරිවර්තන හිමිකම්

අතිරේක හෝ පරිවර්තන හිමිකම් පිළිබඳ දැන ගැනීමට ඔබ ලිඛිතව (විද්යුත් ලිපියකින් හෝ ලිපියකින්) අප හා සම්බන්ධ විය යුතුය. පහත සඳහන් ප්‍රශ්න සම්බන්ධයෙන් කරුණාකර හිමිකම් හා අවසරදීමේ දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වන්න.

  • විදේශීය හිමිකම් (ඉංග්‍රීසි බසට අමතරව අපගේ ලිපි ලේඛන වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීමේ හිමිකම)
  • කොටස් වශයෙන් ලබා ගැනීමේ හිමිකම්
  • ග්‍රන්ථ සමාජ හිමිකම්
  • ඉලෙක්ට්‍රොනික/ අන්තර් ක්‍රියා අයිතීන්

 

ඔබගේ ලිඛිත විමසීම්:

Permissions Department

Our Daily Bread Ministries/Discovery House Publishers

P.O. Box 3566

Grand Rapids, MI 495016

USA

616-957-5741 fax

permissionsdept@odb.org