වැලන්ටයින් දිනය අපට මතකයට ගෙනෙන්නේ චොකලට්, රෝස මල් හෝ ප්‍රසිද්ධියේ ප්‍රේමාන්විතව හැසිරෙන තරුණ ජෝඩුය. අද වන විට එය බොහෝ දුරට වාණිජකරණය වී ඇත. සමහරු එය ක්‍රිස්තියානි සම්භවයක් ඇති බවට චෝදනා කරති.
නමුත් ඇත්ත වශයෙන්ම ක්‍රිස්තියානි ධර්මයට වැලන්ටයින් දිනය සමඟ සම්බන්ධයක් තිබේද? මගේ වැටහීම අනුව මෙම දිනය නම් කර ඇත්තේ මීට වසර 1800 කට පමණ පෙර පූජකයෙකු හෝ බිෂොප්වරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුගේ නමින්ය. පුරාවෘත්තයට අනුව, නිවාස අඩස්සියේ සිටියදී ඔහු විනිසුරුවරයාගේ අන්ධ දියණිය සුව කළ අතර, විනිසුරුවරයාගේ මුළු පවුලම ගැළවීමට එය හේතු විය!
කනගාටුවට කරුණක් නම්, පසුව ඔහුව නැවත අත්අඩංගුවට ගෙන මරණීය දණ්ඩනයට නියම විමයි. ක්‍රිස්තු වර්ෂ 269 පෙබරවාරි 14 වැනි දින ඔහුගේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට පෙර, ඔහු විනිසුරුවරයාගේ දියණියට ලිපියක් ලියා “ඔබේ වැලන්ටයින් වෙතින්” යනුවෙන් අත්සන් තැබුවේය. එනම් ශාන්ත වැලන්ටයින් තුමාගේ ප්‍රාණ පරිත්‍යාගය වැලන්ටයින් සැමරුමේ හදවත් හා සිපගැනීම් සමඟ සම්බන්ධ වී ඇත.
පැරණි ගිවිසුම සහ රූත්
එසේනම් “ප්‍රේමාන්විත ආදරය” ගැන බයිබලය පවසන්නේ කුමක්ද? හොඳයි පරණ ගිවිසුමේ ඔවුන් අද අපි කරන ආකාරයටම ආදරය කළේ නැත. සාමාන්‍යයෙන් විවාහයන් සිදුවූයේ “ආබ්‍රහම් තම පුත්‍රයා වන ඊසාක්ට භාර්යාවක් සොයා ගැනීමට තම සේවකයා යැවීම” වැනි ලෙසයි (උත්පත්ති 24:1-67). සමහර විට ඒවා ආර්ථික ගනුදෙනු විය. එනම් යාකොබ් රාඛෙල්ව විවාහ කරගැනීම සඳහා වසර හතක් තම මාමණ්ඩීට නොමිලේ වැඩ කළ යුතු විය (උත්පත්ති 29: 14-30).
සමහර විට වඩාත් ආදරණීය බයිබල් කථා වලින් එකක් වන්නේ රූත්, ඇගේ නැන්දම්මා වන නයෝමි පසුපස බෙත්ලෙහෙමට ගිය කතාවයි (රූත් 1:1-22). පුරුෂයා පවුලේ සම්පූර්ණ ආර්ථිකය වූ ලෝකයක, වැන්දඹුවන් දෙදෙනා තම පැවැත්ම සඳහා පොරබදති. කෙසේ වෙතත් අවසානයේදී, ඇය ඔවුන්ගේ ඥාති-ගළවාගන්නා වන බෝවස් සමඟ විවාහ වූවාය – පුරාණ ඊශ්‍රායෙලයේ සමාජ ක්‍රමය තුළ, තම ඥාතියාගේ වැන්දඹුව විවාහ කර ගැනීමට සහ එමගින් ඔහුගේ දේපළ පවුලේ රඳවා ගැනීමට වගකිම ඔහු සතු විය (රූත් 4:1-12).
නමුත් මෙම ආදරය තුළ පවා ප්‍රේමාන්විත බව හෝ නැටුම් නොතිබුණි. බෝවස් රූත් ධාන්‍ය එකතු කිරීමට ගිය විට ඇය කෙරෙහි කරුණාව දැක්වීමට සහ ආරක්ෂා කිරීමට විය (රූත් 2:2-19). පසුව නයෝමිගේ උපදෙස් මත, රූත් ඔහුගෙන් ඉල්ලා සිටියේ, ඔහුගේ වස්ත්‍රය ඇය පිට අතුරන ලෙසයි. මූලික වශයෙන් විවාහය යෝජනා කළේ එලෙසය (රූත් 3:1-18).
මෙම පසුබිම තුළ ප්‍රේමයේ බලවත් ප්‍රකාශයක් ඇත (රූත් 1:16-17). කෙසේ වෙතත් එය රූත් සහ බෝවස් යුවළ අතර ඇති ප්‍රේමාණ්විත ප්රකාශනයක් නොවේ: නමුත් නැන්දම්මා වන නයෝමිට රූත්ගේ කැපවීම ප්‍රකාශ කිරීමකි.
සාලමොන්ගේ ගීතිකා
කෙසේ වෙතත් සාලමොන්ගේ ගීතිකා සලකා බැලීමෙන් තොරව බයිබලයේ “ප්‍රේමාන්විත බව” අසම්පූර්ණ වනු ඇත. මෙය ප්‍රේම කාව්‍යයක් වන අතර එහි භෞතික ප්‍රේමය පිළිබඳ විස්තරය කෙතරම් පැහැදිලිද යත් ඕතඩොක්ස් යුදෙව්වන් අවුරුදු 30 ට අඩු පිරිමින්ට එය කියවීම තහනම් කළේය.
එය තරුණියක් සහ රජු අතර ඇති සම්බන්ධය නිරූපණය කරයි (සාලමොන්ගේ ගීතිකා 1:4,12). ඔවුන් එකිනෙකා මුණගැසෙනවා, වෙන් වෙනවා, පයින් ගහනවා, එකිනෙකාට ප්‍රශංසා කරනවා, ගීතයේ පදවල තීක්ෂ්ණ බුද්ධිය දැකගත හැක: එම ආදරය ස්වකැමැත්තෙන් වන අතර බලහත්කාරයෙන් තොර විය යුතුය (සා: ගීතිකා 2:7 ; 3:5 ; 8:4); කෝපය ඊර්ෂ්‍යාව සහ අමනාපය වැනි කුඩා කුඩා දේවල් සබඳතා බිඳ වැටීමට පෙර හඳුනාගෙන ඒවා සමඟ කටයුතු කළ යුතු බව (සා: ගීතිකා 2:15); සැබෑ ආදරය නොමැකෙන සහ නොදිරන බව (සා: ගීතිකා 8:6-7) අපට පසක් කර දේ.
අවසාන වශයෙන් වැලන්ටයින් දිනය බොහෝ දෙනා විසින් සමරනු ලබන අතර එය ක්රීස්තියානි ධර්මය සමඟ සෘජු සම්බන්ධයක් නැත. කෙසේ වෙතත් එය සමරනු ලබන ප්‍රේමාන්විත ප්‍රේමය දෙවියන්වහන්සේගෙන් ලද යහපත් තෑග්ගක් වන අතර එය දෙවියන්වහන්සේගේ නීතිය මගින් නියම කර ඇති සීමාවන් තුළ භුක්ති විඳීමට අදහස් කරයි – එනම් එක් පුරුෂයෙකු සහ එක් කාන්තාවක් අතර ජීවිත කාලය පුරාම කැපවීමක් ඇති කරගැනීමයි.
එම සන්දර්භය තුළ පෙම්වතුන් එකට ඇද ගන්නා මෙම ප්‍රබල බලවේගය අපව ඉන් ඔබ්බට යොමු කරන්නේ “මරණය තරම් ප්‍රබල” (සා: ගීතිකා 8:6) පමණක් නොව මරණයට වඩා ශක්තිමත් සහ එය ජයගත් ප්‍රේමයක් වෙතටය. යේසුස්වහන්සේ පැවසූ පරිදි “තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත” (යොහන් 15:13). ඉතින් අපි උන්වහන්සේගේ ආදරයට වඩා යොමු වෙමු එය සමරමු!