පරණ හා අලුත් ගිවිසුමෙහි ශුද්ධ ලියවිල්ල දෙවියන්වහන්සේගේ ආනුභාවය ඇතිව ලියවුනු බවත්, පිටපත්වල කිසිදු වරදක් නොමැති බවත්, ක්‍රිස්තුස්වහන්සේ තුළ සම්පූර්ණ බව හා අපගේ මැවිල්ල, වැටීම, මිදීම හා ප්‍රතිස්ථාපනය පිළිබඳව අපි විශ්වාස කරමු.

පියාණන්, පුත්‍රයාණන් හා ශුද්ධාත්මයාණන් යන ත්‍රී එක දෙවිඳුන් එකම දෙවියන්වහන්සේ බව අපි විශ්වාස කරමු.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සම්පූර්ණයෙන් දෙවියන්වහන්සේ හා සම්පූර්ණයෙන් මනුෂ්‍යයා බවත් දෙවියන්වහන්සේගේ එකම ඒකජාතක පුත්‍රයාණන් හා පියාණන්වහන්සේගේ පරිපූර්ණ එළිදරව්වීම බවත් අපි විශ්වාස කරමු.

යේසුස්වහන්සේගේ කන්‍යා උපත, පාප රහිත ජීවිතය, පරිත්‍යාගී මරණය, ශරීරාකාර නැවත නැගිටීම, පියාණන් වෙත නැඟී යාම හා ජයග්‍රාහී නැවත පැමිණීම ගැන අපි විශ්වාස කරමු.

වැටීමේ ප්‍රතිඵලය හේතුකොටගෙන පාපයෙන් හා සදාකාල මරණයෙන් අපට ගැළවීම අවශ්‍ය බව අපි විශ්වාස කරමු. පව් ගැන පසුතැවිලිවන හා උන්වහන්සේ කෙරෙහි අදහාගන්නාවූ අයව සමගි කරන්නාවූ එකම තැනැන්වහන්සේ වන යේසුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ අනුග්‍රාහි ලෙස මෙම ගැළවීම සපයා දී තිබේ.

අපගේ පව් ඒත්තු ගන්වනු ලැබ ක්‍රිස්තුස්වහන්සේ මෙන් ජීවත් වීමට හා වර්ධනය වීමට, පසුතැවිලිවීම හා නව උත්පාදනය තුළින් දෙවියන්වහන්සේගේ පවුලට අයත් වීමට, දෙවියන්වහන්සේ තුළ විශ්වාස කිරීමට හා අන්‍යයන් හට ප්‍රේම කිරීමට මඟ පෙන්වනු ලබන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් බව අපි විශ්වාස කරමු.

දෙවියන්වහන්සේගේ පවුලේ දේශීය සමූහය තුළින් ප්‍රකාශ කරන්නාවූ ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නාවූ සියලු දෙනාගෙන් සෑදුනු සියලු ජාතීන් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයින් කිරීමට සියලු දෙනාට පවරන ලද එකම සභාවක් කෙරෙහි අපි විශ්වාස කරමු.

ස්වාමීන්වහන්සේගේ රාජ්‍යයේ සම්පූර්ණත්වය ගෙන ඒමට ජීවත් වන්නන් හා මළවුන් විනිශ්චය කිරීමට උන්වහන්සේගේ මැවිල්ලේ සාමය සහ ප්‍රීතිය ප්‍රතිස්ථාපනය කිරීමට උන්වහන්සේගේ නැවත පැමිණීම අපි විශ්වාස කරමු.