තායි ගුහාවේ ගැලවීමේ ව්‍යාපෘතියට මා ආකර්ශණය වූයේ ඇයි?

තායි ගුහාවේ ගැලවීමේ ව්‍යාපෘතියට මා ආකර්ශණය වූයේ ඇයි?

 

ජොආනා හෝර් විසිනි

ලෝකය වටා බොහෝ අය මෙන් තායි යෞවනයන් 12දෙනා සහ ඔවුන්ගේ විසිපස් හැවිරිදි පුහුණුකරු ගළවාගත් බව දැනගත් විට මාද ඉතා සතුටු වීමි. ඔවුන්ව ගළවා ගැනුණේ උතුරු තායිලන්තයේ ගුහාවක සති දෙකක් සිරවී සිටි පසුවය.

ජූනි 23 වන දින ඔවුන් ගැන ආරංචියක් නැතිවූ වේලාවේ සිට “තායි ගුහා මිදීම” ගැන මම මාගේ දුරකථනයෙන් කුමන හෝ පණිවුඩයක් එනතුරු බලා සිටියෙමි.
දින භාගයක ගමන් දුරක තිබූ තාම්ලුවාං ගුහාවේ සතියක් ඔවුන් සොයාගැනීමට නොහැකිව සිටිය විට මාගේ හදවත ඔවුන්ගේ පවුල් සහ මිතුරන් ගැන දුක් විය, එසේම ඔවුන් සෙවීමේ විශාල මෙහෙයුමට 1000ක් පමණ (ලෝකය මුල්ලෙන්ම, ඔස්ටේ‍්‍රලියාව, එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය, ජර්මනිය, ජපානය සහ චීනය ඇතුලුව) එක්වූ බව කියවා මාගේ සිත තෙත් විය.

තවත් දින නවයකට පසු ජූලි 3වනදා බි‍්‍රතාන්‍ය කිමිදුම්කරුවන් දෙදෙනෙකු ගුහාවේ සිට කි.මී. 4කට එහායින් ඔවුන්ව සොයාගත් පසු මට විශාල ප‍්‍රීතියක් දැනිණ. නමුත් එම ප‍්‍රීතිය දුකට හැරුණේ තායි නාවික හමුදාවේ සිටි 38 හැවිරිදි සමන් ගුනන් සිහිනැතිවී මිය ගිය බව ඇසූවිටය.

එම නාට්‍යානුසාර, භයානක මිදීමේ ව්‍යාපෘතිය ඉරිදා උදෑසන ආරම්භ විය. මම දැඩි උනන්දුවෙන් බලා සිටියෙමි. තවත් දරුවෙකු ජලය පිරි ගුහාවෙන් නිදහස්වූ බව ඇසූ විට මට විශාල නිදහසක්ද ප‍්‍රීතියක්ද දැනිණ.

මම එම දරුවන් හෝ ගැලවීමට සහභාගිවූ අය කිසිවෙකු පුද්ගලිකව දැන නොසිටියෙමි, නමුත් පළමු පියවරේ සිටම මම හැඟිම් වලින් ආයෝජනයක සිටියෙමි. පළමුවෙන් ඒ ඔවුන් සමඟ සංවේදනයට මා සහභාගිවූ නිසා විය හැකිය. මම ඊට මාස කිහිපයකට පෙර දකුණු කොරියාවේ ගුහාවකට ගියෙමි. ඔවුන් සිටි ශීතල, තෙත, අඳුරු, ගල් සහිත, භයානක පරිසරය මවා ගැනීමට එම ගමන මට උපකාරි විය.

නමුත් තව බොහෝ දෙනෙකු මෙන් මෙම මුදවා ගැනීමේ ව්‍යාපෘතියට සහභාගි වූවන්ගේ පරාර්ථකාමී කැපවීම පිළිබඳ කථාවන් මාවද ග‍්‍රහණය කර ගත්තේය. සොල්දාදුවන්, ඉංජිනේරුවන්, වෛද්‍ය සේවකයන්, කිමිදුම්කරුවන්, කෝකියන් සහ මුදවාගැනීමේ සේවකයන්ගේ ඇඳුම් සේදූ ස්වෙච්ඡා සේවකයන් දක්වා සියලුදෙනා පෙන්නුම් කළේ යෞවනයන්ගේ තත්ත්වය ලෝකය ග‍්‍රහණය කළා පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාව ඒ ගැන ක‍්‍රියාකිරීමට එක්සත් වූ බවය.

ගුහාවේ පවා පරාර්ථකාමී ක‍්‍රියා අඛන්ඩව තිබිණ. දින දහයක වේදනාවේදී උප පුහුණුකරු ඔහුගේ ආහාරවේල යෞවනයන්ට දුන් බව වාර්තා විය. එහෙයින් බි‍්‍රතාන්‍ය කිමිදුම් කරුවන් ඔවුන්ව සොයා ගන්නා විට ඔහු ඉතාම දුර්වලව සිටි කෙනෙකු විය. එසේම දොස්තර කෙනෙකු සහ නාවික භටයන් තිදෙනෙකු ඔවුන්ව හමුවී සතියක්ම දරුවන් සමඟ සිට ඇත.

නමුත් දැඩිම බලපෑමක් වූයේ ශ්‍රේෂ්ඨතම කැපවීම කළ නාවික හමුදාවේ පෙර සිටි භටයෙකුවූ සමන් ගුනන්ගේ කථාවය. දරුවන් 12 සහ ඔවුන්ගේ පුහුණුකරු සෙවීමට යාමේදී ඔහු මිය ගියේය.

එම කාර්යය කෙතරම් භයානකද අවදානම් සහිතද කියා දැනගෙනම දරුවන්ගේ ජීවිත වෙනුවෙන් තම ජීවිතය අවදානමට දැමීමට ඔහු පසුබට නොවීය. ඔහුගේ මරණයට දින කිහිපයකට පෙර ඔහු පටිගත කරන ලද හද සසල කරන වීඩියෝ දර්ශනයක දරුවන් නැවත ගෙන ඒමට ඔහු පොරොන්දු වේ. ඒ ගුවන්යානයක පාමුල සිටය. ඔහුගේ මනස පරාවර්තනය කරන්නේ පෙර කාලයකදී බෙල්ජියානු නාවික භටයෙකු කී දෙයකි. “ඔබ නාවික භටයෙකු නම් ඔබ ඔබවම කැප කරනු ඇත” බී. බී. සී. වාර්තාවක ගුනන් ගැන තියුණු ලෙස කියා තිබුණේ “ඔහු මිය ගියේ ඔවුන් ජීවත්වන පිණිසය” කියාය.

අවසානයේදී සිද්ධිය එය බව ඔප්පු විය. ඔවුන් 13 දෙනාම දැඩි පරිශ‍්‍රමයකින් පසු සාර්ථකව ගැළවිණ. එයට දින 3ක්ද ජාත්‍යන්තර කිමිදුම්කරුවන් 13ක්ද තායි නාවික භටයන් 5 දෙනෙකුද වැයවිණ.

ව්‍යාපෘතියේ භයංකාරත්වය ගුනන්ගේ මරණය උද්දීපනය කර පෙන්වූවා පමණක් නොව තවත් ජීවිත නැති නොවන පිණිස ආරක්ෂිත පියවර ගැනීමටද එය විශාල ලෙස පංගුකාර විය.

අපව කඳුලින් තෙත් කරන්නේ මෙවැනි කැපවීම්ය. ඉන් අපට කාරණා දෙකක් පෙනේ. ජීවිතයේ වටිනාකම සහ මනුෂ්‍යයාගේ උපරිමයයි- එය පේ‍්‍රමයෙන් සහ කැපවීමෙන් පෙන්නුම් වේ. ඒ බයිබලයේ යොහන් 15:13 කියන ලෙසය. “මීට වඩා විශාල පේ‍්‍රමයක් නැත: කෙනෙකු තම මිතුරන් වෙනුවෙන් ජීවිතය දීමය”

අපව කඳුලින් තෙත් කරන්නේ මෙවැනි කැපවීම්ය.

ඉන් අපට කාරණා දෙකක් පෙනේ.

ජීවිතයේ වටිනාකම සහ මනුෂ්‍යයාගේ උපරිමයයි-

එය පේ‍්‍රමයෙන් සහ කැපවීමෙන් පෙන්නුම් වේ.

තායි ගුහා මිදීම සහ මනුෂ්‍ය වර්ගයා ගැළවීමට දෙවියන්වහන්සේ කළ සැලසුම අතර සම්බන්ධකම් මට නොබලා සිටිය නොහැකිය. බේරීමට නොහැකිව ගුහාවේ සිරවී සිටි එම යෞවනයන් 12 සහ ඔවුන්ගේ උප පුහුණුකරු ලෙස අපද අපගේ පාපයෙහි සිරවී සිටියෙමු. ඉතා අසරණව අපව ගළවා ගැනීමට නොහැකිව සිටියෙමු. දෙගොල්ලන්ටම තිබුණු එකම ප‍්‍රතිඵලය මරණයයි. පිටතින් උපකාර පැමිණිය යුතු විය. 13 දෙනා ගැළවීම පිණිස උපකාරය පැමිණියේ නිපුණ කිමිදුම්කරුවන් මාර්ගයෙනි. ඔව්හු ජලය පිරි, කිසිවක් නොපෙනෙන ගුහාවට තම ජීවිතය පරදුවට තබා කිමිදුණෝය. එලෙසම අපගේ වැටුණාවූ ලෝකයට අවතීර්ණ වීමට යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේට සිදුවිය. උන්වහන්සේ අප අතර ජීවත්වී අවසානයේදී කුරුසියේ මිය ගියසේක. සියල්ලම අහිමි වන බව උන්වහන්සේ දැන සිටියද එය කිරීමෙන් උන්වහන්සේ වැළකුනේ නැත. ඊට හේතුව අපට ජීවනය ලැබිය හැකි එකම ක‍්‍රමය එය වීමය.

එහෙයින් ඔවුන්ගේ කාලය, උත්සාහය, මූලාශ‍්‍ර සහ තම ජීවිත පවා දුන් එම වීරයන් අප අගයන අතර නැවත වාරයක් අපි මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් කළාවූ ශ්‍රේෂ්ඨතම කැපවීම මතක් කරගනිමු. යේසුස්වහන්සේ අපට ජීවිතය දුන්නේ අප අමුත්තන්ව සිටියදී පමණක් නොව අප සතුරන්ව සිටියදීය.

විශ්මයෙන් ස්තුතිදීම අප නොනවත්වමු. සී. එන්. එන්. ලේඛක, ජේ. පැරිනි කියන ලෙස “සමන් ගුණන් වෙත සෑමකෙනාම බලා සිටිති. තාම් ලුවාන්හි ගුහා සංකීර්ණයෙන් සති කිහිපයකට පෙර ඔහු පිටතට එන විට ඔහුගේ ජීවිතය නැතිවිය” ගුණන් අමතක නොකරන එම යෞවනයන්ගේ ජීවිත මෙම සිද්ධියෙන් සම්පූර්ණයෙන් වෙනස්වනු ඇත. ක‍්‍රිස්තුස්වහන්සේ කළ දෙය නිසා අපගේ ජීවිතද සම්පූර්ණයෙන් වෙනස් විය යුතුවේ.

“උන්වහන්සේ සියල්ලන් වෙනුවට මැරුණේ, ජීවත්වන්නන් තවත් තමුන් උදෙසා ජීවත් නොවී, ඔවුන් වෙනුවට මැරී නැවත නැගිටුණාවූ තැනන්වහන්සේ උදෙසා ජීවත්වන පිණිසය” (2කොරින්ති 5:15).


ජොආනා හෝර් පිළිබඳව

ජොආනා දැඩිව විශ්වාස කරන්නේ දීර්ඝ සැලසුම් දැමීමට ජීවිතය කෙටි වැඩි බවය. ඇය දිනපතා මෙහි ඇති දේවලට අඩුවෙන් ඇලී ගැලී ස්වාමීන්වහන්සේ හමුවෙන දිනය බලා සිටින්නීය. ඒ අතරතුර දෙවියන්වහන්සේ ඇයට දුන් සම්බන්ධතා සම්පූර්ණ ලෙස භුක්ති විඳිමින් ඇය තම ජීවිතය ගත කිරීමට උත්සාහ දරන්නීය. ඇය අවට සිටින අය කෙදිනක හෝ උන්වහන්සේ දැනගැනීමට එනු ඇතයි ඇය විශ්වාස කරයි. ඇයගේ රුචි, අරුචිකම් වසර ගණනාවක් මුළුල්ලේ වෙනස් වුවද ඇය අර්තාපල් අලවලට (මොන ක‍්‍රමයට සෑදුවද) දක්වන ආශාව වෙනස් නොවේ.