අනුග‍්‍රහයේ ත්‍යාගය: ක‍්‍රිස්තුස්වහන්සේ ශ්‍රේෂ්ඨ දේ කළ සේක

මක්නිසාද බලවත්වූ තැනන්වහන්සේ මට මහත් දේ කළසේක; උන්වහන්සේගේ නාමය ශුද්ධය. – ලූක් 1 : 49

තම ව්‍යාපාරයෙන් පාඩු ලැබූ යුවලක් ගැන මම කියවා ඇත්තෙමි. නත්තලට වියදම් කිරීමට ඔවුන්ට තිබුනේ ඉතා සුළු මුදලකි. අලුත් අවුරුද්දේ ඔවුන් වෙන නිවසකට යාමට සිතා සිටියෝය. නුමුත් ඒ නිසා තම නිවාඩු කාලය නැති කර ගැනීමට ඔව්හු කැමති නොවූහ. එහෙයින් සාදයක් දැමීමට තීරණය කරගත්තේය. අමුත්තන් පැමිණි විට කේදාරි ගසක් එක බල්බ් වැලකින් සරසා කඩදාසි කැබලි කිහිපයක් ගස වටා ඔතා තිබෙනවා ඔව්හු දුටුවෝය.

“අපගේ ආශීර්වාද ගසට අපි ඔබට ආරාධනා කරමු. අසීරු කාල මධ්‍යයෙහි දෙවියන්වහන්සේ අපට බොහෝ දේවල් කර තිබෙනවා. එහෙයින් මේ ගස උන්වහන්සේට කැප කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එක එක කොළ කැබළි වල ඇත්තේ මේ වර්ෂයේ උන්වහන්සේ දුන් ආශීර්වාදයි”.

මේ යුවල ඊට වඩා සෝදිසි වලට එදිනට පසු මහුණදී තිබේ. නමුත් ඔව්හු දෙවියන්වහන්සේ දෙසට ඇස් යොමු කරගෙන සිටීමට තීරණය කර ඇත. ඔව්හු බොහෝ විට පවසන්නේ “ආශීර්වාද ගස” සහිත එම නත්තල ඔවුන්ගේ මනහරම නත්තල බවය. ඊට හේතුව මරියා කළාක් මෙන් ”මාගේ ආත්මයද මාගේ ගැළවුම්කාර දෙවියන්වහන්සේ කෙරෙහි ප‍්‍රීතිමත් විය… මක්නිසාද බලවත්වූ දෙවියන්වහන්සේ මට මහත් දේ කළ සේක (ලූක් 1:47-49).

ඔබට මොන අසීරුතා තිබුනත් ඒවා නත්තල අවුල් කළ නොයුතුය. ක‍්‍රිස්තුස්වහන්සේව වියවුල් කිරීමට කිසිදෙයකට බැරිය. යේසුස්වහන්සේ වෙත අවධානය යොමුකරගෙනම සිටින්න. අන් අය සමග උන්වහන්සේගේ ආශීර්වාද බෙදා ගැනීමට ක‍්‍රම සොයා ගන්න. සමහර විට ඔබගේ “ආශීර්වාද ගස” තුළින් විය හැකිය. ජොනි යෝඩර්

නත්තලට අරුතක් දීමට ක‍්‍රිස්තුස්වඑන්සේට මුල් තැන දෙන්න


අද දින බයිබල් කියවීම: ලූක් 1:46-55

46එවිට මරියා කියන්නී: මාගේ සිත ස්වාමීන්වහන්සේ වර්ණනා කෙරෙයි, 47 මාගේ ආත්මයද මාගේ ගැළවුම්කාර දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්විය. 48 මක්නිසාද උන්වහන්සේ ස්වකීය දාසියගේ පහත්කම බැලූසේක. බලව, මෙතැන් පටන් සියලු පරම්පරාවෝ මට ආශීර්වාදලද්දීයයි කියන්නෝය. 49 මක්නිසාද බලවත්වූ තැනන්වහන්සේ මට මහත් දේ කළසේක; උන්වහන්සේගේ නාමය ශුද්ධය. 50 උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේට භයවන්නන් කෙරෙහි පරම්පරාවෙන් පරම්පරාවට පවතියි. 51 උන්වහන්සේ ස්වකීය බාහුවෙන් බලය පෑසේක; තමුන්ගේ සිත්වල කල්පනාවෙන් අහංකාරීවූ අය විසිරෙවුසේක. 52 උන්වහන්සේ අධිපතීන් සිංහාසන වලින් හෙළා, පහත් අය උසස්කළසේක. 53 බඩගිනිවූවන් යහපත් දෙයින් තෘප්තියට පමුණුවා, වස්තුකාරයන් හිස් අතින් හැරිය සේක. 54 උන්වහන්සේ අපේ පියවරුන්ට කී ලෙස, ආබ්‍රහම්ටද ඔහුගේ වංශයටද 55 සදාකල්ම ස්වකීය කරුණාව සිහිකරන අදහසින්, තමන් මෙහෙකරුවූ ඉශ්‍රායෙල්ට පිහිටවූසේකැයි කීවාය.

වැඩි විස්තර සඳහා අනුග‍්‍රහයේ ත්‍යාගය මුල් පිටුවට පිවිසෙන්න.