අනුග‍්‍රහයේ ත්‍යාගය: දෙවියන්වහන්සේ මා හට අලුත් ජීවිතයක් දෙන සේක

සොරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධිකලෙස ලැබෙන පිණිසත්ය. – යොහන් 10 : 10

මා කුඩා කාලයේ නත්තල් මතකයන් ගෙන එන්නේ තාල වර්ගයේ ගස්, විශාල මහෝගනී හා කොකෝවා ශාඛයන්ගෙන් පිරි ගම්මාන කිහිපයකි. නත්තලට දෙමාපියන් රැුගෙනදුන් අලුත් ඇඳුම් ඇඳ අපි අවුරුදු 8ත් 10ත් අතර ප‍්‍රීතිමත් ළමුන් කණ්ඩායමක් ලෙස ගමින් ගමට ඇවිද්දේ යේසු බිළිඳා බැලීමට ගිය ණැනවතුන් මෙනි (මතෙව් 2:1-2).

එහි යේසු බබා පුද්ගලිකව සිටියේ නැත. නුමුත් අපට බොහෝ මිත‍්‍රත්වය සහ හොඳ සිත ලැබුණි. දහවල් වන විට අපගේ මව්වරු ගමේ අයට ආහාර අප අත යැවූහ. නත්තල දීමේ කාලයක් විය.

නුමුත් යමක් අඩු බව දැනුණි – ඒ සත්‍ය නත්තල් කථාවයි. එම කිසි ගම්මානයක සභාවක් නොවීය. “තම එකම පුත‍්‍රයාණන් දෙන තරමට දෙවියන්වහන්සේ ලෝකයාට පේ‍්‍රම කළ සේක” (යොහන් 3:16) යන නත්තල් පණිවුඩය කිසිවෙකු අපට දුන්නේ නැත. එය උපන් දරුවා නොමැති උපන්දින උත්සවයක් මෙනි.

නැණවතුන් මෙන් නොවේ; ඔවුන්ගේ එකම අරමුණ වූයේ යේසුස්වහන්සේ සොයා ගැනීමය. අලුත උපන් යුදෙව් රජු කොහේද? ඔව්හු ඇසුවෝය (මතෙව් 2:2). ඔවුන් උන්වහන්සේ සොයාගත් විට ඔව්හු උන්වහන්සේට නැමී නමස්කාර කළෝය. ඉන් පසු ඔව්හු උන්වහන්සේට ත්‍යාග දුන්හ (11ප). ඔවුන් තම තෑගි දීමට පෙර උන්වහන්සේ සොයා නමස්කාර කාළෝය.

අප දරුවන් වුවද වැඩිහිටියන් වුවද සත්‍යය එකමය. නත්තල උත්සවයකට එහා යන්නේය. එහි අවධානය යේසුස්වහන්සේය. “දෙවියන්වහන්සේගේ පුත‍්‍රයාණන් පැමිණියේ අපට ජීවනය දීමටත් එය අධික ලෙස දීමටත්ය” (යොහන් 10:10). ලෝරන්ස් ඩාර්මානි

නත්තලේ හේතුව යේසුස්වහන්සේය.


අද දින බයිබල් කියවීම: මතෙව් 2 : 1-11

1 තවද හෙරොද් රජුගේ දවස්වල යුදයේ බෙත්ලෙහෙම්හි යේසුස්වහන්සේ උපන් කල, පූර්වදිශාවෙන් ශාස්ත්‍රවන්තයෝ යෙරුසලමට ඇවිත්: 2 යුදෙව්වරුන්ට රජව උපන් තැනන්වහන්සේ කොතැන්හිද? මක්නිසාද අපි උන්වහන්සේගේ තාරකාව පූර්වදිශාවෙහිදී දැක, උන්වහන්සේට නමස්කාරකරන පිණිස ආවෙමුයයි කීවෝය. 3 හෙරොද් රජ ඒ ඇසූ කල්හි ඔහුද ඔහු සමඟ මුළු යෙරුසලමද කැලඹුණෝය. 4 එකල ඔහු සියලු නායක පූජකයන්ද සෙනඟගේ ලියන්නන්ද රැස්කරවා, ක්‍රිස්තුන්වහන්සේ කොතැන්හි උපදිනසේක්දැයි ඔවුන්ගෙන් විචාළේය. 5 ඔව්හු කථාකොට: යුදයේ බෙත්ලෙහෙම්හිය, කුමක් හෙයින්ද- 6 එම්බා බෙත්ලෙහෙම, යූදා දේශය, නුඹ යූදාගේ අධිපතීන් අතරෙහි කොයි ලෙසකින්වත් ඉතා කුඩා නොවන්නීය. මක්නිසාද මාගේ ඉශ්‍රායෙල් සෙනඟ පාලනයකරන්නාවූ ආණ්ඩුකාරයෙක් නුඹ කෙරෙන් නික්මෙන්නේයයි අනාගතවක්තෘ විසින් ලියා තිබේයයි ඔහුට කීවෝය.7 එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් රහසින් කැඳවා, තාරකාව කොයි කාලයෙහි පෙනුණේදැයි හරියාකාරයෙන් ඔවුන්ගෙන් දැනගෙන: 8 නුඹලා ගොස් ඒ ළදරුවා ගැන හරියාකාරයෙන් විභාගකරන්න; නුඹලාට සම්බවූ කල, මාත් ගොස් උන්වහන්සේට නමස්කාරකරන පිණිස මට දන්වන්නය කියා, ඔවුන් බෙත්ලෙහෙමට යැවීය. 9 ඔව්හු රජුගේ බස් අසා පිටත්ව ගියෝය; බලව, පූර්වදිශාවෙහිදී ඔවුන් දුටු තාරකාව ළදරුවා උන් තැන මුදුනට පැමිණ නවතින තුරු ඔවුන්ට පෙරටුව ගියේය. 10 ඔව්හු තාරකාව දැක ඉතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවූවෝය. 11 ඔව්හු ගෙට වැද, ළදරුවා ස්වකීය මවුවූ මරියා සමඟ සිටිනවා දැක, බිම වැටී උන්වහන්සේට නමස්කාරකොට, තමුන්ගේ කරඬු හැර, රන්ද කට්ටකුමංචල්ද සුවඳලාටුද යන පඬුරු උන්වහන්සේට පිදුවෝය.

වැඩි විස්තර සඳහා අනුග‍්‍රහයේ ත්‍යාගය මුල් පිටුවට පිවිසෙන්න.