නත්තලේ සත්‍ය අර්ථය නම් සෙනග පාප වලින් මුදන්න යේසුස්වහන්සේ මහිමය අත්හැර ස්වර්ගයෙන් බැස මිනිසෙකු වූ බවය. බිඳුණු ලෝකයක මුහුණ පාන්නට වන සියල්ල උන්වහන්සේ දරා ගත් සේක. ඉන්පසු මිනිස් වර්ගයා කළ සියලු වැරදි වලට මිළය ගෙවූ සේක.

නත්තලේ සත්‍ය අර්ථය නම් සෙනග පාප වලින් මුදන්න යේසුස්වහන්සේ පැමිණි බවත් උන්වහන්සේ වෙත විශ්වාසය තබන අය දෙවියන්වහන්සේ සමග හරි සම්බන්ධතාවකට පැමිණෙන බවත්ය. අපට උන්වහන්සේ සමග ජීවමාන, අර්ථවත්, ප‍්‍රබෝධමත් සම්බන්ධතාවයකට පැමිණිය හැකිය. එය ස්වර්ගයේ උන්වහන්සේ සමග සදාකාලික ජීවිතයක් දක්වා යයි. එය සැමරිය යුතු තෑග්ගකි.

දැන් දෙවියන්වහන්සේ සමග ඔබගේ සම්බන්ධතාව ඔබට ප‍්‍රථම වරට වැටහෙනවා විය හැකිය. එසේම ඔබ වෙනුවෙන් උන්වහන්සේ කර ඇති අනර්ඝ දෙවල් ඔබට තේරුම් යනවා විය හැකිය. ඔබ අවංකව උන්වහන්සේ සමග සම්බන්ධතාවයකට කැමති වනු ඇත.

සියලු බිඳුණාවූ සම්බන්ධතා මෙන් නැවත සම්බන්ධතාවය ඇති වන්නේ අපි කළ වැරදි පිළිගත් විටය. එසේම අවංකව සමාව ඉල්ලූ විටය. දෙවියන්වහන්සේ සමග ඇති සම්බන්ධතාවය නැවත ඇතිකර ගැනීමට අපට අවශ්‍ය නම් අපගේ වැරදි වලට සමාව ඉල්ලා අප කෙතරම් කෘතඥ වේදැයි කිව යුතුය.

අපට ඇති පේ‍්‍රමය පෙන්වීම පිණිස උන්වහන්සේ කළ සියලු දේ ගැන ඔබ යමක් කිරීමට කැමති නම් ඔබගේම හෝ මෙවැනි යාච්ඤාවක් ඔබට භාවිතා කළ හැකිය.

ආදර දෙවියන්වහන්ස,

මාගේ ජීවිතය ඔබවහන්සේ නැතිව ගොඩනගා ගැනීමට උත්සාහ කළ නිසා මම ඉතා දුක් වන්නෙමි. මාගේ මැවුම්කරුවාණෙනි, මා ඉන්නා ආකාරයටම ඔබවහන්සේ මට පේ‍්‍රම කරන හෙයින් ඔබට තුති පුදමි. සියලු මිනිස් පාප වෙනුවෙන්ද ඔබවහන්සේ සමග මා හට පුද්ගලික සහභාගිකමක් දෙන පිණිසද යේසුස්වහන්සේ එවීම ගැන ද ඔබවහන්සේට තුති පුදමි. අද දින සිට ඔබවහන්සේ සමග අලුත් සම්බන්ධතාවයකින් ජීවත්වීමට මට උපකාර කළ මැනව.

නැවත හැරී දෙවියන්වහන්සේගේ සත්‍යය සොයන සෑම කෙනෙකුටම අලුත් ජීවිතයක් ආරම්භ වේ. මේ අඛන්ඩ ගමනක පළමු පියවරක් වේ. ජීවිතයට කරදර ඇතුලත් බව අපි දනිමු. අපට නොකඩවා අරගල තිබේ. නුමුත් දෙවියන්වහන්සේ සමග ගමන් කරනවා යනු අප අමතක වී හෝ තනිවී නැත යන්නය. දෙවියන්වහන්සේ උපකාර දී මඟ පෙන්වා ජීවිතයට අවශ්‍ය අනුග‍්‍රහය දෙන සේක. උන්වහන්සේ සමග සම්බන්ධතාවයක සිටින සෑම කෙනාම අලුත් පුද්ගලයෙකු බවට පත්වේ. අප අසම්පූර්ණය. එහෙත් අපට සමාව ලැබී තිබේ. සෑම දිනකම බලාපොරොත්තුවක් ඇත.

යේසුස් කි‍්‍රස්තුස්වහන්සේ තුළින් අපට දෙවියන්වහන්සේ පේ‍්‍රම කරන ආකාරය දැන ගැනීම පිණිස අපගේ දිනපතා භෝජනය සේවයේ බයිබලය පදනම් කරගත් මූලාශ‍්‍ර බලන්න. උන්වහන්සේ තුළ ඔබගේ අලුත් ජීවිතය ගැන සිතීමට සහ පවත්වාගෙන යාමට ඒවා ඔබට උපකාරී වේ.

වැඩි විස්තර සඳහා අනුග‍්‍රහයේ ත්‍යාගය මුල් පිටුවට පිවිසෙන්න.