අනුග‍්‍රහයේ ත්‍යාගය: දෙවියන්වහන්සේ මා ආලෝකයට යොමුකරන සේක.

අන්ධකාරයෙහි ඇවිද්දාවූ සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝය. මරණ සෙවණ ඇති දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් බැබළුණේය. – යෙසායා 9 : 2

පිලිපීනයේ ලූසෝන් හී, පැම්පන්නා පළාතෙහි සැන් ෆර්නෑන්ඩෝ නගරය පිහිටා ඇත. එම ඓතිහාසික නගරයේ විශාල නත්තල් කූඩු මංගල්‍යය පවත්වනු ලැබේ. එය ඉතා වැදගත් පිලිපීන නත්තල් චාරීත‍්‍රයකි. එය “පැරොල්ස්” යයි නම් කෙරේ. කූඩු, උණ බම්බු, පාට කඩදාසි, ඉටිපන්දම් වලින් සරසා ඇත. ක‍්‍රිස්තුස්වහන්සේගේ උපත සැමරීමට තලෙන්ත වලින් පිරි කලාකරුවන් විශ්මජනක තරු හැඩයන්ගෙන් සාදන්නෝය.

ලොව වටා සිටින පිලිපීන ජාතිකයන් මෙම චාරීත‍්‍රය ඔවුන් අවට නගර වලට ගෙන ගොස් තිබේ. ප‍්‍රධාන මාර්ගවල ව්‍යාපාරික ස්ථාන සහ තට්ටු සහිත උස සුඛෝපබෝගී නිවාස වලද මෙම කූඩු දක්නට ලැබේ. පිලිපීනයේ දුශ්කර ගම්මාන වල දුගී කටු මැටි ගෙවල පවා මෙම “පැරොල්ස්” දැල්වේ. පසුබිම් විශාල වෙනස්කම් පෙන්නුම් කරයි. නුමුත් නත්තල් ප‍්‍රීතිය එලෙසම පවතී.

කලකට පෙර ග‍්‍රාමීය කඳුකරයක බැටළුවන්ට තණ කවමින් සිටි එඬේරු පුදුම ජනක දර්ශනයක් දුටුවෝය. නිමේශයකින් දේවදුතයා වටකර විශාල සේනාවක් පෙනිණි – ස්වර්ගීය හමුදාවය – ඔවුහූ දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කරමින් “උසස් තැන්හී දෙවියන්වහන්සේට මහිමයද උන්වහන්සේට ප‍්‍රිය මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවා” (ලූක් 2:13-14) යයි කීවෝය.

“පැරොල්ස්” පෙන්නුම් කරන්නේ ණැනවතුන් ආලෝකය දෙසට යොමු කළ බෙත්ලහෙම් තාරකාවය. – එම ත්‍යාගයය. ධනවත් ණැනවතුන් සහ දුගී එඬේරුන්ට එක සමාන ඇරයුමක් ලැබුණි. අනාගතවක්තෘ කියූ ලෙස “අන්ධකාරයෙහි ඇවිද්දාවූ සෙනග මහත් ආලෝකයක් දුටුවාහ” (යෙසායා 9:2). ආලෝකය සියලු දෙනාටමය. ටිම් ගුස්ටාෆ්සන්

ක‍්‍රිස්තුස්වහන්සේ ගෙන එන ආලෝකය අපගේ අඳුරුම දිනය පවා ආලෝකමත් කරන්නේය.


අද දින බයිබල් කියවීම: ලූක් 2 : 13-20

13 එකෙණෙහිම ඒ දේවදූතයා සමඟ මහත් ස්වර්ගීය සේනා සමූහයක් දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්: 14 ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවයි කීවෝය. 15 තවද දේවදූතයන් ඔවුන් කෙරෙන් ස්වර්ගයට ගිය කල එඬේරු ඔවුනොවුන් කථාකොට: දැන්ම බෙත්ලෙහෙමට ගොස් ස්වාමීන්වහන්සේ විසින් අපට දන්වනලද සිද්ධවූ මේ දෙය බලමුව කියා, 16 වහාම ගොස්, මරියාද යෝසෙප්ද ගවයන් කන ඔරුවේ බාවා උන් ළදරුවාද දුටුවෝය. 17 ඔව්හු ඒ දැක, මේ ළදරුවා ගැන තමුන්ට කී දේ දැන්වුවෝය. 18 ඒ ඇසූ සියල්ලෝ තමුන්ට එඬේරුන් විසින් කියනලද දේවලට පුදුමවූවෝය. 19 නුමුත් මරියා ඒ සියලු කීම් සිතේ තබාගෙන මෙනෙහිකළාය. 20 එඬේරු වනාහි තමුන්ට කී ලෙසම ඇසූ දුටු සියල්ල ගැන දෙවියන්වහන්සේට ගෞරවකරමින්ද ප්‍රශංසාකරමින්ද හැරී ගියෝය.

වැඩි විස්තර සඳහා අනුග‍්‍රහයේ ත්‍යාගය මුල් පිටුවට පිවිසෙන්න.