අනුග‍්‍රහයේ ත්‍යාගය: දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ පුත‍්‍රයා දුන් සේක.

(මරියා) ඈ කුලුඳුල් පුත්‍රයා බිහිකර, රෙදිවලින් ඔතා, නවාතැන් ගෙයි ඔවුන්ට ඉඩ නොතිබුණු බැවින් ගවයන් කන ඔරුවක බෑවුවාය. – ලූක් 2 : 7

ප‍්‍රවෘත්ති පත‍්‍රයේ සම්පූර්ණ පිටුවක් පිරෙන්න තිබුණු දැන්වීම මාගේ ඇසට යොමු විය. ලා නිල් වර්ණ පිටුව ඉහළ තරුවක ඡායාවක් විය. පිටුව මැද තිබුනේ,

ඒ පිරිමි දරුවෙක් කියාය.

ලූක් 2:11 පිටුව යටින් මුද්‍රණය කර තිබුණි. “අද දාවිත්ගේ නුවර නුඹලාට ගැළවුම්කරුවෙකු උපන් සේක. උන්වහන්සේ ක‍්‍රිස්තුස් නම් ගැළවුම්කරුවාණෝය”

ඒ පිරිමි දරුවෙකු යන මේ සරළ පණිවුඩය, ළදරුවෙකු මෙන් මෙලොව පැමිණි විස්තර කළ නොහැකි ත්‍යාගය වන ගැළවුම් කරුවාණන් විස්තර කළේය. උන්වහන්සේ එසේ කළේ ඇයි?

යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ විසින් එවීම අපට අවශ්‍ය විය. ඒ අපගේ පාපය නිසාය. අපි ශුද්ධවූ දෙවිකෙනෙකුගෙන් වෙන්ව සිටියෙමු (රෝම 3:23). සම්පූර්ණ ගැළවුම්කරුවෙකු සහ මැදහත්කරුවෙකු අප නැවත එකතු කිරීමට අවශ්‍ය විය. සම්බන්ධතාවය නැවත ඇති කළ හැකි වූයේ දෙවියන්වහන්සේට පමණි.

යේසුස්වහන්සේ එවීම දෙවියන්වහන්සේට අවශ්‍ය විය. උන්වහන්සේ අපට එතරම් පේ‍්‍රම කරන නිසා උන්වහන්සේ තම පුත‍්‍රයා අපට දුන් සේක (යොහන් 3:16).

ඒ අපගේ සම්බන්ධතාවය නැවත ඇති කිරීම පිණිසය. සම්පූර්ණ පූජාවක අවශ්‍යතා ඉටුකිරීමට හැකි වූයේ යේසුස්වහන්සේට පමණි. උන්වහන්සේ පමණක් පාප රහිත වූ සේක (හෙබ්‍රෙව් 9:11-15). උන්වහන්සේ කැමැත්තෙන්ම කුරුසියේ පූජා වූ සේක. දෙවියන්වහන්සේ එම පූජාව පිළිගත් සේක. උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ සේක.

අපගේ අවශ්‍යතා සහ උන්වහන්සේගේ පේ‍්‍රමය නිසා පියවූ දෙවියන්වහන්සේ, යේසුස්වහන්සේ නැමැති තම පුත‍්‍රයාණන් තෑග්ගක් ලෙස අපට දුන් සේක – එය නොමිළේය. ඈන් සීටස්

අප ජීවත්වන පිණිස යේසුස්වහන්සේ මිය ගියේය.


අද දින බයිබල් කියවීම: නාහුම් 1:1-15

22එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන, අදහන්නාවූ සියල්ලන්ට ලැබෙන ධර්මිෂ්ඨකමය; ප්‍රභේදයකුත් නැත; 23 මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති.24 එබැවින් ඔව්හු උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨකරනු ලබන්නෝ වෙති. 25 ඇදහීම කරණකොටගෙන උන්වහන්සේ ස්වකීය ලෙයින් පව් නසන පූජාවක් වෙන්ට දෙවියන්වහන්සේ නියමකළසේක. කුමටද? දෙවියන්වහන්සේ තමන් ඉවසිලිවන්තකම නිසා, පසුගිය පව් ගණන් නොගෙනහැරීම කරණකොටගෙන, තමන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිසය. 26 එනම් තමන්වහන්සේ ධර්මිෂ්ඨවෙන හැටියටද, යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලි ඇත්තා ධර්මිෂ්ඨකරන්නා හැටියටද, තමන්වහන්සේගේ ධර්මිෂ්ඨකම මේ කාලයේදී දක්වන පිණිසය.

වැඩි විස්තර සඳහා අනුග‍්‍රහයේ ත්‍යාගය මුල් පිටුවට පිවිසෙන්න.