අනුග‍්‍රහයේ ත්‍යාගය: දෙවියන්වහන්සේ මා වෙනුවෙන් පැමිණි සේක

අප කෙරෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් කරණකොටගෙන අප ජීවත්වන පිණිස උන්වහන්සේ ලෝකයට එවූ කාරණයෙන්ය. – 1 යොහන් 4 : 9

යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ ගැන මා තුළ ඇති වියවුල නිවැරදි කරන සේක. අප සොයා එන දෙවියන්වහන්සේ උන්වහන්සේ අපට එළිදරව් කරන සේක. අපගේ නිදහසට ඉඩ දෙන දෙවිකෙනෙකු පෙන්නුම්කරයි. ඊටත් වඩා අපට පේ‍්‍රම කරන දෙවි කෙනෙකු පෙන්වයි.

කිතුනු පරිසරයක හැදී වැඩෙන අයට නත්තල් පණිවුඩයේ කම්පනය නොලැබී යනු ඇත. මිනිසුන් හා ඔවුන්ගේ දෙවියන් අතර සිදුවූ දේවල් පෙන්වීමේ සාමාන්‍ය ක‍්‍රමය පේ‍්‍රමය නොවේ. ඇරිස්ටෝටල් සෘජුව කීවේ “තමා සියුස්ට ආදරේ යයි කියා යමෙකු කියයි නම් එය වියරුවකි” යනුවෙනි. නැතිනම් සියුස් මිනිසෙකුට පේ‍්‍රම කරනවා කියයි නම් එයද වියරුවකි කියාය. එයට පටහැනිව කිතුනු බයිබලය පෙන්වා දෙන්නේ යේසුස්වහන්සේ ලොවට පැමිණි මූලික හේතුව පේ‍්‍රමය බවය. “අපට කොතරම් පේ‍්‍රමකරනවාදැයි දෙවියන්වහන්සේ පෙන්වූයේ උන්වහන්සේගේ එකම පුත‍්‍රයා ලොවට එවීමෙන්ය. ඒ උන්වහන්සේ කරණකොටගෙන අප සදාකාල ජීවනය ලබන පිණිසය” (1 යොහන් 4:9)

ගුවන්යානයක් එනතුරු ගුවන් තොටුපොළක ඉන්නවා මට මතකය. එකල මම “දෙවියන්වහන්සේ සමග කලකිරීම” යන පොත ලියමින් සිටියෙමි. අන් අයගේ දුක, සැක හා පිළිතුරු නොලැබුණු යාච්ඤා ගැන මට බරක් ඇති විය.

මාගේ මිතුරියක් වන කැරන් එම සම්මේලනයට ගමන් කරමින් සිටියාය. ඇය බොහෝ වේලාවක් මට ඇහුම්කන් දීගෙන උන්නාය. ඉන්පසු ඇය හදිසියෙන්ම ප‍්‍රශ්නයක් ඇසුවාය. “පිලිප් ඔබ දෙවියන්වහන්සේට ඔබට පේ‍්‍රම කිරීමට ඉඩ හැර තිබේද? මා හිතන්නේ එය ඉතා වැදගත් බවයි”.

කිතුනු ඇදහිල්ලේ වැදගත්ම පණිවුඩය මට තේරුම්ගොස් නොතිබුණු බව මට වැටහිණි. යේසුස්වහන්සේගේ කථාව පේ‍්‍රම කථාවකි. එයට වේදනා සහ බලාපොරොත්තු කඩවීම් ඇතුලත් නමුත් දෙවියන්වහන්සේ ප‍්‍රදර්ශනය කරන්නේ තම පවුල නැවත ලබා ගැනීමට ඕනෑම දුරක් යන දෙවියන්වහන්සේගේ පොරොන්දුවයි. පිලිප් යැන්සි

පේ‍්‍රමය පැමිණියේ දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙකු වූ විටය – වොල්වුඩ්


අද දින බයිබල් කියවීම: 1 යොහන් 4 : 1-9

1 ප්‍රේමවන්තයෙනි, බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන්වහන්සේගෙන්දැයි පරීක්ෂාකරන්න. 2 මෙයින් නුඹලා දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ දැනගන්නහුය. එනම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් යුක්තව ආ බව ඒත්තුගන්නාවූ සෑම ආත්මයෝ දෙවියන්වහන්සේගෙන්ය. 3 යේසුස්වහන්සේ ඒත්තු නොගන්නාවූ සියලු ආත්මයෝ දෙවියන්වහන්සේගෙන් නොවෙති. එන්නේයයි නුඹලා ඇසුවාවූ, දැනටම ලෝකයෙහි සිටින්නාවූ විරුද්ධ-ක්‍රිස්තුස්ගේ ආත්මය මේය. 4 මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා දෙවියන්වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනන්වහන්සේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති. 5 එබැවින් ලෝකයෙන් වූවාක්මෙන් කථාකරති, ලෝකයාද ඔවුන්ගේ වචන අසති. 6 අපි දෙවියන්වහන්සේගෙන් වෙමුව. දෙවියන්වහන්සේව අඳුනන තැනැත්තේ අපේ වචන අසන්නේය; දෙවියන්වහන්සේගෙන් නොවන තැනැත්තේ අපේ වචන අසන්නේ නැත. මෙයින් සැබෑකමේ ආත්මයත් මුළාවේ ආත්මයත් අපි දැනගනිමුව.7 ප්‍රේමවන්තයෙනි, අපි එකිනෙකාට ප්‍රේමකරමු. මක්නිසාද ප්‍රේමය දෙවියන්වහන්සේගෙන්ය; ප්‍රේමකරන සෑමදෙනම දෙවියන්වහන්සේගෙන් ඉපද සිටිති, දෙවියන්වහන්සේව අඳුනති. 8 ප්‍රේම නොකරන්නා දෙවියන්වහන්සේව නාඳුනයි; මක්නිසාද දෙවියන්වහන්සේ ප්‍රේමයය. 9 අප කෙරෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් කරණකොටගෙන අප ජීවත්වන පිණිස උන්වහන්සේ ලෝකයට එවූ කාරණයෙන්ය.

වැඩි විස්තර සඳහා අනුග‍්‍රහයේ ත්‍යාගය මුල් පිටුවට පිවිසෙන්න.