අනුග‍්‍රහයේ ත්‍යාගය: දෙවියන්වහන්සේ දැනගැනීමට මට පුළුවන

ස්වාමීන්වහන්සේට ස්තුතිකරව්, උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරව්; ජනයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා දන්වව්. – 1 ලේකම් 16 : 8

උතුරු නව එංගලන්තයේ ශීත සෘතු කඳවුරකදී එක් අයෙකු ඇසුවේ “ඔබට ලැබුනාවූ හොඳම නත්තල් තෑග්ග කුමක්ද?” කියාය.

කඩවසම් පුද්ගලයෙකු පිළිතුරු දීමට උනන්දු විය.

“එය පහසුයි” ඔහු තම මිතුරා දෙස බලා පැවසීය. වසර කිහිපයකට පෙර මම විශ්ව විද්‍යාලයෙන් පිටවී කල්පනා කළේ වෘත්තීමය පාපන්දු ක‍්‍රීඩකයෙකු ලෙස මා පත්වේය කියාය. නුමුත් එය සිදු නොවීය. මම කෝප වුනෙමි. තිත්තකම මාගේ ශරීරය කා දැමීය. මට උපකාර කිරීමට උත්සාහ කරන සියල්ලන්ට එම තිත්තකම මම පිටකලෙමි.

“පාපන්දු නැතිව දෙවන වාරයද පැමිණියේය. මෙයාගේ සභාවට මම ගියා නත්තල් නාට්‍යයක් බලන්න”. ඔහු තම මිතුරා පෙන්වා කීවේය. “මට යේසුස්වහන්සේ අවශ්‍ය නිසා නොවේ, මාගේ ඥාති දියණිය රඟපානවා බලන්න. නුමුත් වුන දේ විස්තර කරන්න අමාරුයි.

ඒක මෝඩ වැඩක් වගේ. නුමුත් එම නාට්‍යය මැදදී මට ඕන වුනා යේසුස්වහන්සේ වටකරගෙන සිටින ඒ දේවදූතයන් සහ එඬේරුන් සමඟ සිටින්න. ඔවුන් ‘නිසල රෑ’ ගායනා කර අවසන් වන විට මම අඬන්න පටන්ගත්තා.

ඒ රාත‍්‍රියේ තමයි මට හොඳම නත්තල් තෑග්ග ලැබුනේ”. නැවත මිතුරා දෙසට අත දිගුකර ඔහු කීවේ “මෙයා එයාගේ පවුලේ අය ගෙදර ඇරලල මට යේසුස්වහන්සේ ගැන කියන්න නැවතුනා”.

මේ නත්තලේ යේසුස්වහන්සේගේ කථාන්දරයේ සරල ප‍්‍රීතිය, උන්වහන්සේව දැනගන්නා පිණිස අප සිත් සසල කරත්වා! රැන්ඩි කිල්ගෝර්

හොඳම නත්තල් ත්‍යාගය නම් යේසුස්වහන්සේ අපට සමාව සහ සාමය ගෙන ඒමය


අද දින බයිබල් කියවීම: 1 ලේකම් 16 : 8-13

8 ස්වාමීන්වහන්සේට ස්තුතිකරව්, උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරව්; ජනයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා දන්වව්. 9 උන්වහන්සේට ගීතිකා කියව්, උන්වහන්සේට ප්‍රශංසා ගී කියව්; උන්වහන්සේගේ සියලු පුදුම ක්‍රියා මෙනෙහිකරව්. 10 උන්වහන්සේගේ ශුද්ධවූ නාමය ගැන පාරට්ටුකරගනිව්. ස්වාමීන්වහන්සේ සොයන්නවුන්ගේ සිත් ප්‍රීතිමත් වේවා. 11 ස්වාමීන්වහන්සේද උන්වහන්සේගේ බලයද ගැන විමසව්; උන්වහන්සේගේ මුහුණ නිතරම සොයව්.
12 උන්වහන්සේගේ මෙහෙකරුවූ ඉශ්‍රායෙල්ගේ වංශයෙනි, උන්වහන්සේ විසින් තෝරාගත් තැනැත්තන් වන යාකොබ්ගේ පුත්‍රයෙනි,13 උන්වහන්සේ කළ පුදුම ක්‍රියාද උන්වහන්සේගේ ආශ්චර්යයන්ද උන්වහන්සේගේ මුඛයේ විනිශ්චයයන්ද සිහිකරව්.

වැඩි විස්තර සඳහා අනුග‍්‍රහයේ ත්‍යාගය මුල් පිටුවට පිවිසෙන්න.