මම කුඩා ළමයෙක් ලෙස ගමේ සිටි කාලයේ කුකුල් පැටවුන් වෙත මාගේ සිත ඇදී ගියේය. මම එකෙකු අල්ලා ගතිමි. විනාඩි කිහිපයක් තබා ගෙන සිට සෙමින් නිදහස් කරමි. කුකුල් පැටියා තවමත් මම ඌව අල්ලා ගෙන සිටින්නේයයි සිතමින් එතැනම සිටින්නේය. ඌට පැන යාමට හැකියාව ඇත. නමුත් ඌ සිතන්නේ ඌ තවමත් හිරවී සිටින්නේය කියාය.
අපගේ ඇදහිල්ල අප යේසුස්වහන්සේ වෙත තබන විට උන්වහන්සේ අපව පාපයෙන් නිදහස් කරන සේක. එසේම සාතන්ගේ ග‍්‍රහණයෙන් අපව මුදවන සේක. කෙසේ වෙතත් අපගේ පව්කාර පුරුදු සහ හැසිරීම වෙනස් වීමට කාලය ගතවන බැවින් අප සිරවී සිටී යයි අපට අඟවන්න යක්‍ෂයාට පුළුවන. නමුත් දෙවියන්වහන්සේගේ ආත්මය අප නිදහස් කර තිබේ. උන්වහන්සේ අපව වහල් කර ගන්නේ නැත. පාවුල් රෝම වරුන්ට කීවේ
“එහෙයින් ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමකට පත්කිරීමක් නැත. මක්නිසාද ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස් කළ සේක” (රෝම 8:1-2).

අපගේ බයිබල් කියවීම, යාච්ඤාව, ශුද්ධාත්මයාණන්ගේ බලය තුළින් දෙවියන්වහන්සේ අප පවිත‍්‍ර කිරීමටද උන්වහන්සේ වෙනුවෙන් ජීවත්වීමටද අපට උපකාර කරන සේක. අප නිදහස් නොකල ලෙස ජීවත් නොවී යේසුස්වහන්සේ සමග අපගේ ගමනේදී සහතිකයක් ඇතිව ජීවත්වීමට බයිබලය අපව දිරිමත් කරන්නේය.

යේසුස්වහන්සේ කීවේ “ඒහෙයින් පුත‍්‍රයා නුඹලා නිදහස් කරන්නහු නම් ඇත්තෙන්ම නුමලා නිදහස්ය” (යොහන් 8:36). ක‍්‍රිස්තුස්වහන්සේ තුළ අපට තිබෙන නිදහස උන්වහන්සේට පේ‍්‍රම කිරීමටද සේවය කිරීමටද අපව පොළඹවත්වා!