අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Anne Cetas

ඈන් සීටස්

ඈන් සීටස් ඇගේ නව යොවුන් වියේ අග භාගයේදී යේසුස්වහන්සේ අනුගමනය කිරීම අරඹන ලදී. අවුරුදු 19 දී ඇයගේ මිතුරියක විසින් ඇයට "අපගේ දිනපතා භෝජනය˜ පිටපතක් ලබා දෙන්නේ නොකඩවා බයිබලය කියවීමට ඇයට උපකාර කිරීමටය. තවද ඇය ඩිස්කවරි දැණුම පොත් පෙළෙටද දැඩි සේ ඇලුම් කරයි. වසර කීපයකට පසු ඇය අපගේ දිනපතා භෝජනය සංස්කාරක මණ්ඩලයට එකතුවන්නේ සෝදුපත් කියවන්නියක ලෙසය. 2004 සැප්තැම්බර් මස ඈන් අපගේ දිනපතා භෝජනය ලිපි රචනා කිරීම අරඹන ලද අතර ප‍්‍රකාශනයන්හී කළමනාකරණ සංස්කාරක ලෙසද කටයුතු කරයි. ඈන් සහ ඇගේ ස්වාමිපුරුෂයා කාල් ඇවිදීමට හා එකතුව බයිසිකල් පැදීමට ප‍්‍රිය කරන අතර ඔවුන් නගරබද සේවයක උපදේශකයන් ලෙසද ක‍්‍රියා කරයි.

ඈන් සීටස් විසින් රචිත ලිපි

ක්‍රිස්තුස්වහන්සේ තුළ සමූහනය

දකුණු බහමාස් හී රෑග්ඞ් දූපත නමින් කුඩා දිවයිනක් ඇත. දහනව වන ශත වර්ෂයේදී එහි ක්‍රියාකාරී ලුණු කර්මාන්තයක් තිබුණි. නමුත් එම කර්මාන්තයේ යම් කිසි කඩා වැටීමක් නිසා බොහෝ දෙනෙක් අසළ ඇති දූපත්වලට සංක්‍රමණය වූහ. 2016 දී එහි ජීවත් වූයේ අසූවකටත් වඩා අඩු පිරිසකි. එහි ආගමික නිකායන් තුනක් තිබුණද සෑම සතියකම නමස්කාරය සහ සහභාගීකමට සියල්ලෝම එකම ස්ථානයකට රැස්වූහ. එහි වැසියන් ස්වල්ප දෙනෙක්…

වික්‍රමය

“ක්‍රිස්තියානි ධර්මය මට නොවේ. එය නීරසයි. මා අල්ලාගෙන සිටින එක් වටිනාකමක් වන්නේ වික්‍රමයන්ය. එය මට ජීවිතයයි,” කියා තරුණ කාන්තාවක් මට පැවසුවාය. යේසුස්වහන්සේ අනුගමනය කිරීමත් සමඟ ඇති වන ඇදහිය නොහැකි ප්‍රීතිය සහ ප්‍රබෝධය ඇය තවමත් ඉගෙන ගෙන නොතිබීම මට කනගාටුවක් විය - එය අන් කිසිවකට වඩා වික්‍රමාන්විත දෙයකි. මම ඇය සමඟ යේසුස්වහන්සේ ගැනත් උන්වහන්සේ තුළ සැබෑ ජීවිතය සොයා ගන්නා ආකාරය ගැනත්…

වඩා හොඳ විය හැක්කේ කුමක්ද?

යේසුස්වහන්සේ ඔහු කෙරෙහි දක්වන ප්‍රේමය ගැන එරික් දැනුවත් වූයේ ඔහුගේ විසිවන වියේ මුල් භාගයේදීය. ඔහු දේවස්ථානයට යාමට පටන් ගත් අතර එහිදී ඔහුට ක්‍රිස්තුස්වහන්සේව වඩා හොඳින් දැන හඳුනා ගැනීමට උපකාර කළ කෙනෙකුව හමු විය. එරික්ගේ උපදේශකවරයා දේවස්ථානයේ කුඩා පිරිමි ළමයින් පිරිසකට ඉගැන්වීමට ඔහුට පැවරීමට වැඩි කලක් ගත නොවීය. ඒ කාලය පුරා, දෙවියන්වහන්සේ එරික්ගේ සිත යොමු කළේ ඔහුගේ නගරයේ ජීවත්වූ අවදානමට ලක්ව…

මාර්ගයේ නිදහස

බීප් බේස් බෝල් ක්‍රීඩාවේදී අන්ධ ක්‍රීඩකයෝ බීප් පන්දුවට හෝ බස්ස්ස් ශබ්දය දෙන කට්ටියට හෝ සවන් දෙමින් තමන් යා යුත්තේ කොහාටද කළ යුත්තේ කුමක්දැයි දැන ගනිති. ඇස් බැඳ ඇති පීතිකරුවන් (ඒ විවිධ මට්ටම්වල අන්ධබාවය ඇති අය සිටින නිසා) සහ පෙනෙන පන්දු යවන්නා සිටින්නේත් එකම කණ්ඩායමකය. පිතිකරුවා පිත්ත වනා බීප් පන්දුවට ගැසූ විට ඔහු/ඇය බස්ස් ශබ්දය ඇති කට්ටිය වෙත දිව යන්නේය. පීතිකරුවා…

ප්‍රශංසාවට සුදුසු කවුරුන්ද?

දඟර පඩිපෙළේ සිට විශාල නිදන කාමරය දක්වාත් ශක්තිමත් ලී පොළොවේ සිට සුඛෝපභෝගී කාපට් ඇතිරිලි දක්වාත් රෙදි සේදීම සඳහා වූ විශාල කාමරයේ සිට හොඳින් සංවිධානය කළ කාර්යයාලය දක්වාත් වූ ශක්තිමත් නිවස නියෝජිතයා තරුණ යුවළට පෙන්වීය. හැරුණ හැරුණ තැන එහි අලංකාරය ඔවුහු වර්ණනා කළහ. “ඔබ අපට හොඳම ස්ථානය සොයා ගෙන ඇත. මේ නිවස විශිෂ්ඨයි”. එවිට නියෝජිතයා ඔවුන් අසාමාන්‍ය යයි සිතූ එහෙත් සත්‍ය…

අභ්‍යන්තර සුවය සඳහා දඩයම් කරන්න

සෑම විටම කාර්යබහුල පුද්ගලයෙක් වූ, කාර්සන්, දඩයම් කිරීම, මසුන් ඇල්ලීම, කුණු ගෙන යන බයිසිකල් පැදවීම සහ ස්කේට්බෝඞ් පැදවීම යනාදී කාර්යන් කළේය. ඔහු එළිමහනේ සෑම දෙයකටම ආදරය කළේය. නමුත් ඔහු යතුරුපැදි අනතුරකට ලක්ව පපුව සිට මුළු ශරීරයම අකර්මණ්‍යවූ තත්ත්වයකට පත් වුණේය. වැඩි කල් යන්නට මත්තෙන් මානසික අවපීඩනයේ ඔහු ගිලී ගිය අතර, ඔහු අනාගතයක් ගැන එතරම් දුටුවේ නැත. පසුව දිනක් ඔහුගේ මිතුරන්…

සේවය කිරීමට අභියෝගය

වයස අවුරුදු දහතුනක් වුවද, ඩිඇවියොන් අන් අයට සේවය කිරීමේ අභියෝගය භාර ගත්තේය. ග්‍රීෂ්ම නිවාඩුවේදී නොමිලේ වතු පනහක් තණකොළ කපන ලෙස ළමයින්ට ආරාධනා කළ මිනිසෙකු පිළිබඳ කතාවක් ඔහු සහ ඔහුගේ මව අසා තිබුණි. ඔවුන්ගේ අවධානය යොමු වූයේ විශ්‍රාම ලැබූ සැමට, තනිකඩ මව්වරුන්ට, ආබාධ සහිත පුද්ගලයන්ට හෝ උපකාර අවශ්‍ය ඕනෑම කෙනෙකුට උපකාර කිරීමයි. මෙම සේවයේ ආරම්භකයා (ප්‍රාන්ත පනහක තණකොළ වතු පනහක් කපා…

මුළුමණින්ම තනිවමද?

සූගේ පවුල ඇගේ ඇස් ඉදිරිපිට කඩා වැටෙමින් තිබුණි. ඇගේ සැමියා හදිසියේම නිවසින් පිටව ගොස් ඇති අතර, ඇය සහ ඇගේ දරුවන් ව්‍යාකූලත්වයට හා කෝපයට පත්ව සිටියහ. ඇය සමඟ විවාහ උපදේශනය සඳහා පැමිණෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියද, ගැටළු ඇගේ බව පවසමින් ඔහු එසේ නොකළේය. ඔහු කිසි දිනෙක ආපසු නොඑනු ඇතැයි ඇය වටහා ගත් විට භීතිය සහ බලාපොරොත්තු සුන්වීම ඇති විය. ඇය සහ…

අපි ආගන්තුකයෝ

අලුත් භාෂාව, පාසල්, සිරිත් විරිත්, ගමනාගමනය සහ කාලගුණය වැනි ඔවුන්ගේ අලුත් රටේ සෑම දෙයක්ම දැඩි ලෙස වෙනස් විය. ඔවුන් කවදා කෙසේ හැඩගැසෙන්නේ දැයි කල්පනා කළහ. නව දේශයක ඔවුන්ගේ නව ජීවිතයට උපකාර කිරීමට අසළ පිහිටි දේවස්ථානයක සාමාජීක පිරිසක් එකතු වූහ. පැටී නමැති කාන්තාවක් විසින් මෙම යුවළ දේශීය ආහාර වෙළඳපොළක සාප්පු සවාරියකට කැඳවා ගෙන ගියේ වෙළඳපොළේ තිබෙන දේ පෙන්වීමට සහ භාණ්ඩ මිළදී…

පහතට නැමීම

කුඩා පාපැදිය තම කුඩා පාද වලින් හැකි තරම් වේගයෙන් පැදවූ තම දියණිය පිටුපසින් තරුණ මවක් දිව ගියාය. නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වේගයක් ලබා ගත් කුඩා දැරිය එක්වරම පාපැදියෙන් බිමට පෙරළී තම වළලුකර රිදෙන බව පවසමින් හැඬුවාය. ඇගේ අම්මා නිහඬව දණින් වැටී, පහතට නැමී, “වේදනාව නැති කිරීමට” එතැන සිප ගත්තාය. එය වැඩ කළේය! කුඩා දියණිය නැගිට ආපසු පාපැදියට නැග පැද ගියාය.…