සූදානම්ව සිටින්න
බෙටී සුදානම්ය. ඇය යෞවනියක ලෙස ජේසුස් වහන්සේව අනුගමනය කිරීම ආරම්භ කළ අතර උන් වහන්සේට සේවය කිරීමටද උන් වහන්සේව ප්‍රසන්න කිරීමටද ඇය ජීවිතයේ සෑම අවස්ථාවක්ම යොදා ගත්තාය. ඇය බයිබල් අධ්‍යයනයට, නමස්කාර මෙහෙයන්ට, සහ යාච්ඤා රැස්වීම් වලට සහභාගී වූවාය. ඇය ඉගැන්වීමටද, දූත මෙහෙයන් වලට සහභාගී වීමටද, මොන්ටිසෝරි වල වැඩ කිරීමටද, සභාපාලක ස්වාමිපුරුෂයා සමග එක්ව සේවය කිරීමටද සුදානම්ව සිටි අතර ඇයට ලැබෙන සෑම…
ඇදහිල්ලේ පියවර
අපි සිව් දෙනෙකු නිව් යෝර්ක්හී රමණීය වොට්කින්ස් ග්ලෙන් ජෝර්ජ් තැනිතලාව හරහා ඇවිදීමට ගියෙමු. අපි එකට සිට දිය ඇලි සහ අඩි දෙදහක් පමණ ප්‍රපාත බෑවුම් දෙස විශ්මිතව බලා සිටියෙමු. තවත් විටෙක අපි තෙත්වූ පර්වත සහ අවසානයක් නොමැති පඩි නැගීමෙන් ඇතිවන පාද රිදීම්ද සහ අලුතෙන් හුස්ම ගැනීම සඳහාද නැවතී සිටියෙමු. අප මුදුනට ළංවූ විට අපට කලින් ගොස් ආපසු පැමිණෙන කඳු නගින්නෙක් පැවසුවේ…
ජේසුස් වහන්සේගෙන් ඔබ අසන්නේ කුමක්ද?
මේ උදෑසන ජේසුස් වහන්සේ ශාරීරිකව අප සමඟ මේසයට වාඩිවී සිටින්නේ නම් ඔබට උන්වහන්සේගෙන් අසන්නට ඕනෑවෙනු ඇත්තේ කුමක්ද? කියා උදේ ආහාරය ගනිමින් සිටිද්දී ජෝ ඔහුගේ දරුවන්ගෙන් ඇසුවේය. පිරිමි දරුවන් අමාරුම ප්රශ්නය ගැන කල්පනා කළහ. ඉතාමත්ම අමාරු ගණිත ගැටලු සහ විශ්වය කොපමණ විශාලද කියා ඔවුන්ට කියන්නැයි, ජේසුස් වහන්සේගෙන් ඇසීමට අවශ්‍ය බව ඔව්හු තීරණය කළහ. ඉන්පසුව ඔහුගේ දියණිය පිළිතුරු දෙමින් “මාව වැළඳගන්නට කියා…
යහපත පිණිස දෙවියන්වහන්සේට සේවය කිරීම
බ්‍රැඩ් අලුත් නගරයකට සංක්‍රමණය වූ අතර ඉක්මණින්ම නමස්කාරය සඳහා සභාවක් සොයා ගත්තේය. සති කිහිපයක් සභාවට ගිය පසු එක් ඉරු දිනක මෙහෙයෙන් පසුව ඔහු සභාපාලක හා කථා කර අවශ්‍ය ඕනෑම ආකාරයකින් සේවය කිරීමට ඔහුට ඇති ආශාව කියා සිටියේය. “මට අවශ්‍ය කොස්ස අතට ගන්න” ඔහු කීවේය. රැස්වීම සඳහා පුටු සකස් කිරීමට උපකාර කරමින්ද විවේකාගාරය පිරිසිදු කරමින්ද ඔහු ආරම්භ කළේය. බ්‍රැඩ්ට ඉගැන්වීමේ දීමනාව…
අනුග්‍රහය දැන්
මාගේ මිතුරිය වන ජෙරිගේ වැඩපළේ කෙටි විවේකයේදී එක්ව ආහාර ගැනීම සඳහා අපි ආපන ශාලාවකට ගියෙමු. අප දොර අසළට පැමිණෙන විටම තරුණයින් හය දෙනෙක් අපට ඉදිරියෙන් ඇතුල් වූහ. අපට වැඩි වෙලාවක් නොමැති බව දැන සිටි හෙයින් අපි ඇතුළතින් කෙඳිරුවෙමු. ඔවුන් එකිනෙකාට පළමුවෙන් ඇණවුම් කළ හැකි වන පරිදි ඔව්හූ කවුන්ටර් දෙකෙහිම කණ්ඩායමක් වශයෙන් සිටියහ. එවිට “දැන් අනුග්‍රහය පෙන්වන්න” යයි ජෙරි කොඳුරනවා මට…
එය යේසුස්වහන්සේගේ බඳුනෙහි තබන්න
සෞඛ්‍ය සහ හොඳම ඖෂධ සොයා ගැනීම ගැන වූ සෞඛ්‍ය ක්‍රියාවලියට උපකාර කරමින් එක්තරා මවක් වසර ගණනාවක් තම වැඩිහිටි දියණිය වෙනුවෙන් යාච්ඤා කළාය. ඇගේ ඉහළම තත්ත්වයන් සහ පහළම තත්ත්වයන් ඇගේ මවගේ හදවතට දිනෙන් දින මහත් බරක් විය. බොහෝ විට ඇය දුකෙන් වැහැරී ගිය අතර තමා ගැනද ඇය බලා ගත යුතු විය. ඇගේ මිතුරියක් යෝජනා කළේ ඇයට දරා ගත නොහැකි කරදර සහ…
සත්‍යවශයෙන්ම ජීවත් වෙන්න
වසර 2000 දී මාංශ පේශීන් දියවීමේ රෝගය සභා පාලක එඩ් ඩොබ්සන්ට වැළඳී ඇතැයි නිරීක්ෂණය කළ අවස්ථාවේ දහස් ගණන් දෙනා ඔහු වෙනුවෙන් යාච්ඤා කළහ. බොහෝ අය විශ්වාස කළේ සුවය වෙනුවෙන් ඔවුන් ඇදහිල්ලෙන් යාච්ඤා කළ විට දෙවියන්වහන්සේ ක්ෂණිකව පිළිතුරු දෙන්නේය කියාය. එඩ්ගේ මාංශ පේශීන් ටිකෙන් ටික දියවීමට හේතුවූ රෝගය සමග ඔහු වසර දොළහක් පොර බැදීමෙන් පසුව (ඔහු මිය යන්න වසර තුනකට පෙර)…
ඔබ ප්‍රේමවන්තයෙකි
තම දුක ප්‍රකාශ කිරීමට ඇලී නම් වූ තරුණියක් ලී කැබැල්ලක ලියා එය උද්‍යානයෙන් තැබුවාය “අවංකව කියනවා නම් මට කණගාටුයි. කිසිවෙක් මා සමග කාලය ගත කරන්න කැමති නැත. මට සවන් දුන් එකම පුද්ගලයා පවා මට නැති විය. මම සෑම දිනකම හඬන්නෙමි”.
කෙනෙක්ට මෙම සටහන හමු වී ඇය පදික වේදිකාවල ලියන රටහුණු කැබැල්ලක් ගෙනැවිත් ඇලීට තමන්ගේ සිතුවිලි ලියන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටියාය.…
කාලය පැමිණි විට
මගේ මිතුරන් වන ඇල් සහ කැතී ෂිෆර් තමන් සතු 2 වන ලෝක යුද්ධ කාලයේ භාවිතා කරන ලද ගුවන් යානය ගුවන් සංදර්ශන සඳහා ගෙන ගිය විට ඔවුන් වඩාත් සතුටු වූයේ වැඩිමහල් යුධ විරුවන්ගේ ප්‍රතිචාර වලිනි. ඔවුන් පැමිණෙන්නේ ඔවුන් සේවය කළ යුද්ධ සහ ඔවුන් පියාසර කළ ගුවන් යානා ගැන කථා කිරීමටය. බොහෝ යුද්ධ කථා කියැවෙන්නේ කඳුළු පිරි දෑස් වලින් යුතුවය. ඔවුන් තම…
ස්ථානයේ වෙනසක්
2020 දී කොරෝනා වෛරසය පැතිරීම පටන් ගත් කාලයේදීම මගේ මිතුරිය වූ ජොඇනා අංශභාග රෝගය වැළඳී මිය ගියාය. පළමුවෙන් ඇගේ පවුලේ අය දැන්වූයේ ඇගේ සිහිකිරීමේ මෙහෙය සභා ගොඩනැගිල්ලේ පවත්වන බවය. නමුත් සහභාගී වන සෙනග පාලනය කිරීම සඳහා පසුව මල් ශාලාවක පැවැත්වීමට තීරණය කරන ලදී. මාර්ගගත අලුත් දැන්වීමෙන් කියැවුනේ “ජොඈන් වොර්නර්ස් - ස්ථානය වෙනස් විය” කියාය.
එසේය. ඇයගේ ස්ථානය වෙනස් වූයේය. ඇය…