අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ආතර් ජැක්සන් විසින් රචිත ලිපි

ඇදහිල්ලේ ජය

සාමාන්‍ය සෞඛ්‍ය පරීක්‍ෂණයක් එළිදරව් කළේ සිව් හැවිරිදි කැල්වින්ගේ ශරීරයෙහි බලාපොරොත්තු නොවූ ලප කිහිපයක් ඇති බවයි. පරීක්‍ෂණ අවස්ථාවේදී ඔහුට එන්නත් කිහිපයක් දෙනු ලැබ ඒ ස්ථාන වෙළුම් පටියකින් වසා දැමුණි. නිවසේදී ඇලෙන සුළු වෙළුම් පටි ගැළවීමට වේලාව පැමිණි විට කැල්වින් බියෙන් දැඟලීය. තම දරුවාව සැනසීම පිණිස ඔහුගේ පියා කීවේ “කැල්වින් ඔබට වේදනා දෙන කිසිවක් මම කරන්නේ නැති බව ඔබ දන්නවා” යනුවෙනි. ඔහුගේ…

දෙවියන්වහන්සේ මාගේ උපකාර කාරයාණෝය

මගේ මිතුරු රැලේ ඔහුගේ අසූපස් වන උපන් දිනය කරා වේගයෙන් ගමන් කරමින් සිටියි. වසර තිස් පහකට පමණ පෙර ඔහු සමග වූ මගේ ප්‍රථම සංවාදයේ සිට ඔහු ජ්වලිතකමේ මූලාශ්‍රයක් වුනි. විශ්‍රාම ගිය දින සිට ඔහු පොත් පිටපතක් අවසන් කළ බවත් තවත් සේවා ආරම්භක පියවරක් ගත් බවත් කී විට මම කුතුහලයට පත් වූවත් පුදුම නොවීමි.

බයිබලයේ කාලෙබ්ද අසූපස් වෙනි වියේදී නැවැත්වීමට සුදානම්ව…

තෝරා ගැනීම් වැදගත්ය

සභා පාලක ඩේමියන්ගේ කාල සටහනට ජීවිත මාර්ග දෙකක් තෝරා ගත් මරණාසන්නවූ දෙදෙනෙක් බැලීමට ආරෝග්‍ය ශාලාවට යාම ඇතුළත් විය. එක් රෝහලක තම පවුලේ අයගේ ප්‍රේමයට භාජනය වූ ස්ත්‍රියක් සිටියාය. ඇයගේ පරාර්ථකාමී පොදු සේවය බොහෝ අය වෙත ඇයව ඇද ගනු ලැබීය. යේසුස්වහන්සේ තුළ අන් ඇදහිලිවතුන් ඇය වටා රොක් වී සිටියෝය. නමස්කාරය යාච්ඤාව සහ බලාපොරොත්තුවෙන් කාමරය පිරී තිබුණි. තවත් රෝහලක සභා පාලක ඩේමියන්ගේ…

දෙවියන්වහන්සේ වෙනුවෙන් යහපත් දේ කිරීම

සාමාන්‍යයෙන් ඔහු මුදල් රැගෙන නොගියද නිවසින් පිටවීමටට පෙර ඩොලර් පහක් තම සාක්කුවේ දමා ගැනීමට දෙවියන්වහන්සේ ඔහුට මග පෙන්වන බව පැටි්‍රක්ට හැඟුණි. ඔහු සේවය කරන පාසැලේ කෑම වෙලාවේදී අත්‍යවශ්‍ය සේවයක් කිරීමට දෙවියන්වහන්සේ ඔහුව සුදානම් කරන බව ඔහුට වැටහුණි. ආපනශාලාවේ කඩිමුඩිය මධ්‍යයේ ඔහුට මෙම වචන ඇසුණේය. “ඊළඟ සතිය පුරාවටම දිවා ආහාරය ලබා ගැනීම සඳහා ස්කොටීගේ (අවශ්‍යතාවයක් ඇති දරුවෙක්) ගිණුමට ඩොලර් 5 ක්…

දෙවියන්වහන්සේගේ ප්‍රතිෂ්ඨාපනයට සුදානම්

මිතුරෙක්ගේ විද්්‍යුත් පණිවුඩ මාලාවෙන් පැමිණි චිත්‍ර විස්මිතය. එය පෙන්නුම් කළේ ඔහු තම භාර්්‍යයාව පුදුම කරවීමට ප්‍රතිෂ්ඨාපනය කර තිබූ 1965 ෆෝර්ඞ් මුස්ටාන්ග් මෝටර් රථයයි. එහි පිටත දීප්තිමත් නීල වර්ණයකි. රිම් දිලිසෙන රිදී වර්ණයෙන්ද අභ්‍යන්තරය කළු වර්ණයෙන්ද සහ අනෙක් දේවලට ගැලපෙන මෝටරයකින්ද යුක්ත විය. සුදුමැලි කඩතොළු සිත් ඇදනොගන්නා කහ වර්ණයෙන් යුත් එම මෝටර් රථයේ පෙර චිත්‍රද තිබුණි. දර්ශනය මවා ගැනීමට අසීරු වුවද…

කරදර ආත්ම, අවංක යාච්ඤා

1957 දී ඔහුගේ නිවස බෝම්බ ප්‍රහාරයකින් විනාශ වීමට දින තුනකට පෙර ආචාර්්‍යය මාර්ටින් ලූතර් කිංට තම ජීවිතයේ ඉතිරි කාලය සනිටුහන් කළ සිද්ධියක් සිදු විය. තර්ජනාත්මක දූරකථන ඇමතුමක් ලැබුණු පසු කිං සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයෙන් ඉවත් වීමට කල්පනා කරමින් සිටියේය. එවිට ඔහුගේ ආත්මයට යාච්ඤාව ඇතුල් වූයේය. “මම මෙහි සිටින්නේ මට නිවැරදි යයි සිතෙන දේවල් වෙනුවෙනි. නමුත් දැන් මම බියෙන් සිටිමි. මට ඉතිරිවූ…

දෙවියන්වහන්සේගේ යහපත්කම ගැන කියන්න

දෙවියන්වහන්සේ ඔවුන්ගේ ජීවිතවල ක්‍රියා කළ ආකාරය මිනිසුන් බෙදා ගත්තේ අපගේ සභාවේ දේව මෙහෙයේ වෙන්කර තිබු පුද්ගලික සාක්ෂි කාලයේදීය. ලැන්ග්ෆෝර්ඞ් නැන්දා හෝ සහෝදරිය හෝ ලෙස සභා පවුල තුළ අප කවුරුත් ඇයව හඳුන්වා ගත් අතර, සාක්ෂිවලට බොහෝ ප්‍රශංසා කිරීම් එකතු කරන කෙනෙකු ලෙස ඇය ප්‍රසිද්ධ විය. ඇය, ඇයගේ පුද්ගලික ගැළවීමේ සාක්ෂිය බෙදාගත් අවස්ථාවලදී, ඇය දේව මෙහෙයේ වැඩි කාලයක් ගනු ඇතැයි කෙනෙකුට අපේක්ෂා…

සැමට එකම දොරක්

මගේ ළමා වියේ අසල්වැසි අවන්හලේ ක්‍රියා පිළිවෙළ 1950 ගණන්වල අගභාගයේ සහ 1960 ගණන්වල මුල් භාගයේ සමාජ සහ වාර්ගික ගතිකත්වයන්ට අනුකූල විය. මුළුතැන්ගෙයි සහායකයින් එනම් කෝකියා වන මේරි සහ මා වැනි පිඟන් සෝදන්නන් කළු ජාතිකයන් වූහ; කෙසේ වෙතත්, ආපනශාලාවේ අනුග්‍රාහකයන් වූයේ සුදු ජාතිකයන් ය. කළු ජාතියට අයත් වූ පාරිභෝගිකයින්ට ආහාර ඇණවුම් කළ හැකි නමුත් ඔවුන්ට එය ලබා ගත හැකි වූයේ පිටුපස…

අසීමිත කරුණාව

ක්ෂණික ආහාර ආපනශාලා සේවකයෙකු වන කෙවින් ෆෝර්ඞ් වසර විසි හතක් තුළ කිසිම වැඩ මුරයක් අතපසු කර නැත. ඔහුගේ දශක ගණනාවක සේවය සිහිපත් කිරීම සඳහා ඔහුට ලැබුණු නිහතමානි තෑග්ගක් වෙනුවෙන් ඔහුගේ නිහතමානි කෘතඥතාව පෙන්නුම් කරන වීඩියෝවක් මතු වූ පසු, දහස් ගණන් ජනයා ඔහුට කරුණාව දැක්වීමට එක් රොක් වූහ. අරමුදල් රැස් කිරීමේ උත්සාහයක් සතියක පමණ කාලයක් තුළ ඩොලර් 250,000ක් ගෙන එන විට…

යටහත්ය නමුත් බලාපොරොත්තු සහිතය

සභාව අවසානයේ සභාපාලකගේ ආරාධනය නිසා ලැටි්‍රස් ඉදිරියට ගියාය. ඇයට සෙනගට කතාකරන්න යයි ඇරයුම් කළ විට ඇයගේ බැරෑරුම් සහ මනහර වචනවලට කිසිවෙකුත් සුදානම්ව නොසිටියහ. 2021 දෙසැම්බර් මාසයේදී විනාශකාරී සුළි කුණාටුවක් ඇගේ පවුලේ හත් දෙනෙකුගේ ජීවිත බිලි ගෙන තිබුණි. “මට තවමත් සිනහසිය හැක්කේ දෙවියන්වහන්සේ මා සමග නිසාය” කියා ඇය කීවාය. පරීක්‍ෂාවන්ගෙන් පීඩා විඳ සිටියද තමන්ගේම අභියෝග සමග පොර බදන අයට ඇයගේ සාක්‍ෂිය…