ජේසුස්වහන්ස - අපගේ විශ්‍රාම ස්ථානය
1943 දී මේරි ලෑන්ඩ් හී ෂැන්ග්‍රිලා නමැති කඳවුරක් මිලයට ගනු ලැබුවේ එක්සත් ජනපදයේ ජනාධිපති ෆ්රෑන්ක්ලීන් ඩි. රූස්වෙල්ට් හට විවේක ස්ථානයක් ලෙසින්ය. එය ග්‍රාමීය, නිසල සහ පිටිසරබද ප්‍රදේශයක් වූයේය. ධවල මන්දීරයේ වෙබ් අඩවියට අනුව එය තනිව සිටීමට සහ නිසලව සිටීමට අවස්ථාවක් ගෙන දුන්නේය. එසේම එය වැඩ කිරීමට යෝග්‍ය වූ අතර විදේශ නායකයින් හට සත්කාර කිරීමටද සුදුසු ස්ථානයක් වුනි. ඩ්වයිට් අයිසන්හවර් ජනාධිපති…
සම්පූර්ණයෙන්ම සම්පූර්ණ වූ ගැළවුම් කරුවාණෝ
නිවාස ඉදිකිරීම් ප්‍රදර්ශනයේදී නිවස ඇතුළත සැළසුම් කරන්නා නාන කාමරයට තෝරා ගත් අතින් සාදන ලද සෙරමික් ටයිල් ගැන වර්ණනා කළේය. වාණිජමය ලෙස නිපදවූ එක හා සමාන ටයිල් වලට වඩා මෙම අතින් සාදන ලද ටයිල් “අසමසම සම්පූර්ණත්වයක්” පෙන්නුම් කළේය. එම වෙනස්කම් ටයිල් වලට අසමසම අලංකාරයක් මෙන්ම සාමාන්‍යයෙන් ප්‍රායෝගික අවකාශයකට ලස්සනක් සහ මෝස්තරයක්ද ලබා දුන්නේය.
මෝස්තර සහ අලංකාරය ගැන මගේ දැනුම අල්පය. එයට…
මුණගැසීම
1963 නොවැම්බර් මස 23 වන දින, ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිද දාර්ශනික සහ ලේඛක ඇල්ඩොස් හක්ස්ලිද කිතුනු සමාව ඉල්ලන්නා වන සී.එස්. ලුවිස්ද යන සියල්ලන්ම මිය ගියහ. තිදෙනාම විවිධ ලෝක ද්රෘෂ්ඨීන් සහිත ප්‍රසිද්ධ අය වූහ. හක්ස්ලි අඥෙවවාදියෙක් (දෙවියන්වහන්සේ ඉන්නවාද නැද්ද කියා ප්‍රශ්න කළ) වූ අතර පෙරදිග ගුප්තවාදය සමග සබඳකම් පැවැත්වීය. රෝමානු කතෝලිකයෙක් වූ කෙනඩි මනුෂ්‍යය දර්ශනවාදය විශ්වාස කළේය. කලින් අදේවවාදියෙක් වූ…
ක්‍රිස්තුස්වහන්සේ මෙන් ප්‍රතිචාර දැක්වීම
කැරොලිනාවේ ග්‍රීෂ්ම හිරු එළියේ ගොඩනැගිලි වැඩ බිමක ජෝර්ජ් සේවය කරමින් සිටි අතරතුරදී ඒ අසළ ජීවත් වන කෙනෙක් ඔහු වැඩ කරන ස්ථානයට පැමිණියේය. ව්‍යාපෘතියේ සෑම දෙයක් ගැනමත් එය කර ගෙන යන ආකාරය ගැනත් විවේචනය කරමින් මෙම අසල්වැසියා ශාප කරන්න පටන් ගත්තේය. අසල්වැසියා කෑ ගැසීම අවසන් කරන තුරු ජෝර්ජ් මෙම වාග් ප්‍රහාරයට කිසිම ප්‍රතිචාරයක් නොදක්වා අසා ගෙන සිටියේය. ඉන්පසුව ඔහු මෘදු ලෙස…
ක්‍රිස්තුස්වහන්සේ මත ගොඩ නැගී
සතුන් කණ්ඩායම් සඳහා අපට විවිධ නම් තිබේ. බැටළු රැළ, ගව පට්ටිය සහ පාත්ත රංචුව යනාදී වශයෙන් ඔබ අසා ඇතුවාට සැකයක් නැත. නමුත් සමහර නම් ඔබව පුදුම කරවනු ඇත. කිඹුලන් සමූහයකට සහ කපුටන් රංචුවකට යුරෝඒෂියන් භාෂාවෙන් කියන්නේ ගොඩනැගිල්ලක් කියාය.
යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවතුන්ට බයිබලයේ දී ඇති එක් නමක් වන්නේ ගොඩනැගිල්ල යනුයි. “නුඹලා ... දෙවියන්වහන්සේගේ ගොඩනැගිල්ලය” (1 කොරින්ති 3:9). ඇදහිලිවතුන් වෙනුවෙන් වෙනත් නම්ද…
අභ්‍යාවකාශ තරඟය
1955 ජූනි 25 වන දින ඇමරිකා එක්සත් ජනපදය අභ්‍යාවකාශයේ චන්ද්‍රිකා තැබීමේ ඔවුන්ගේ අරමුණ ප්‍රකාශ කළේය. වැඩිකල් නොගොස් සෝවියට් දේශයද එසේ කිරීමේ තම සැළසුම ප්‍රකාශයට පත් කළේය. අභ්‍යාවකාශ තරඟය ආරම්භ වුනි. සෝවියට්වරු පළමු චන්ද්‍රිකාව වන ස්පූට්නික් අභ්‍යාවකාශයට යැවූ අතර යූරි ගගාරින් අභ්‍යාවකාශය තරණය කළ පළමු මනුෂ්‍යයා විය. තරඟය කෙරී ගෙන ගියේය. ඒ 1969 ජූලි 20 වන දින නීල් ආම්ස්ට්‍රෝං මනුෂ්‍ය වර්ගයා…
යහපත සඳහා භාජන
අපරාධකරුව අල්ලා ගෙන තිබුණු අතර පරීක්ෂකවරයා ඇසුවේ එතරම් සාක්ෂිකරුවන් ඉදිරියෙහි බිය සැක නැති ලෙස පහර දුන්නේ ඇයිද කියාය. ප්‍රතිචාරය මවිත කරන සුළුය. “ඔවුන් කිසිවක් නොකරන බව මම දැන සිටියෙමි. ඔවුන් කවදාවත් කිසිවක් කරන්නේ නැත”. මෙම ප්‍රකාශයෙන් “දෝෂ සහිත දැනුම” පෙන්නුම් කරයි. එනම් අපරාධයක් වන බව දැන දැනම එය නොසළකා හැරීමට තීරණය කිරීමයි.
අපෝස්තලු යාකොබ් ඊට සමාන දෝෂ සහිත දැනුමක් ගැන…
සේවයේ හදවතක්
මගේ මාමා වන එමොරි මිය ගිය විට ගුණකථන බොහෝ විය. විවිධ විය. එමෙන්ම ඒ සියලු උපහාර වල තේමාව එකක් විය. දෙවියන්වහන්සේ කෙරෙහි වූ ඔහුගේ ප්‍රේමය එමොරි පෙන්වූයේ අන් අයට සේවය කිරීමෙනි. දෙවන ලෝක යුද්ධයේදී මෙන් එය ඉස්මතු වූ වෙනත් ස්ථානයක් නොමැති විය. ඔහු එහි වෛද්‍යවරයෙක් මෙන් සේවය කරමින් ආයුධයක් නොමැතිව යුද්ධයට ගියේය. ඔහුගේ නිර්භීතකමට උසස් ගෞරවයක් හිමි වුනි. නමුත් ඔහුව…
යේසුස්වහන්සේ සමඟ නිවසේ
“නිවස වගේ තැනක් නොමැත” යනුවෙන් ඩොරති කීවේ ඇගේ රූබි පාවහන්වල අඩි තදකරමිනි. විසඩ් ඔෆ් ඔස් චිත්‍රපටියේ ඩොරතිව සහ ටොටෝව අපූර්ව ලෙස ඔස් හී සිට ඔවුන්ගේ නිවස පිහිටි කැන්සාස් වෙතට ගෙන යාමට අවශ්‍ය වූයේ එය පමණි. අවාසනාවකට මෙන් සැමටම ප්‍රමාණවත් රූබි පාවහන් නොතිබුණි. බොහෝ දෙනෙක් නිවස ගැන වූ ඩොරතිගේ ආශාව බෙදා ගත් නමුත් නිවස අපටම අයිති දෙයක් ලෙස සිතීම සමහර විට…
ඔබගේ ඇදහිල්ල බෙදා ගන්න
1701 දී එංගලන්ත සභාව ලෝකය පුරා මිෂනාරිවරුන් යවන පිණිස ශුභාරංචිය පැතිරවීමේ සංගමය පිහිටුවීය. එහි ආදර්ශ පාඨය ලතින් බසින් “ට්රාන්සියෙන්ස් අඩිවුවා නොස්” එනම් “මෙහි ඇවිත් අපට උපකාර කරන්න” යන්නයි. පළමු සියවසේ පටන් ශුභාරංචියේ තානාපතිවරුන් වශයෙන් යේසුස්වහන්සේගේ අනුගාමිකයන් විසින් ලෝකයට අත්‍යවශ්‍යව ඇති උන්වහන්සේගේ ප්‍රේමයේ සහ සමාවේ පණිවුඩය ගෙන යද්දී තෝරා ගනු ලැබුවේ මෙම ආදර්ශ පාඨයය.
“මෙහි අවුත් අපට උපකාර කරන්න” යන වැකිකඩ…