අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Bill Crowder

බිල් ක්‍රවුඩර්

බිල් ක්‍රවුඩර් අපගේ දිනපතා භෝජනය සේවය සමග හවුල් වන්නේ වසර 20ට වැඩි කලක් දේවගැති සේවයේ නිරතවීමෙන් අනතුරුවය. බිල් ක්‍රවුඩර්, මාර්ට් ඩි හාන් සමග සමීපව වැඩ කරනු ලබන්නේ ඉගැන්වීම් අංශයේ උප සභාපතිවරයා ලෙසය. ඊට අමතරව බිල් ඔහුගේ බොහෝ කාලයක් වැය කරන්නේ ලොව වටා සිටින කිතුනු නායකයින් හට බයිබලය ඉගැන්වීමේ සේවයේ යෙදීමටය. ඔහු ඩිස්කවරි දැණුම පොත් පෙළට බොහෝ පොත් රචනා කර ඇති අතර ඩිස්කවරි හවුස් මගින් පොත් කීපයක් ප්‍රකාශයට පත් කර ද ඇත. බිල් සහ ඔහුගේ භාර්යාව මැර්ලීන් හට දරුවන් පස් දෙනෙකු සිටින අතර දරු මුනුපුරන් කීපදෙනෙකුද සිටින බව ඔබට පැවසීමට ඉතා උද්යෝගී වෙයි.

බිල් ක්‍රවුඩර් විසින් රචිත ලිපි

ලෝක අවසානය ගැන බියක් නැත

1859 දී ඉතිහාසයේ විශාලම සූර්ය කුණාටුව සිදු විය. එය කැරිංටන් සිදුවීම ලෙස නම් කෙරුණි. එය විශාල භෞමික කාන්දම් ව්‍යාකූල තත්වයක් ඇති කර ටෙලිග්‍රාෆ් ජාලය අකර්මණ්‍ය කළේය. ස්පේස්.කොම් වෙබ් අඩවිය කියා සිටියේ “කැරිංටන් සිදුවීම වැනි දෙයක් අද සිදුවුවහොත් එය අන්තර්ජාල විනාශයක් ඇති කරාවිය” කියාය.

“ඇපොකැලිප්ස්” යන වචනය අපව කුතුහලයට පත් කරයි. එය එළිදරව් පොතහි ග්‍රීක මාතෘකාව වන්නේය. නමුත් එහි අර්ථය බේදවාචකයක්…

පොළොවේ සීමාන්තය දක්වා

පැසිෆික් සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයක් වන කිරිබති, ලෝකයේ අර්ධගෝල හතරේම පවතින එකම දේශයයි. කිරිබති දූපත් තිස් තුන සමකය සහ 180 වැනි දේශාංශකය දක්වා විහිදේ. එසේම එය ලෝකයේ ඇති ඉතා හුදකලාම දේශය වන්නේය.

මෙවැනි හුදකලා ස්ථාන ගැන සළකන දෙවියන් වහන්සේ කෙනෙකුට අපි සේවය කරන්නෙමු. ජේසුස් වහන්සේ ස්වර්ගයට යාමට පෙර උන් වහන්සේගේ ගෝලයන් සුදානම් කරමින් පැවසුවේ “ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල,…

ක්‍රිස්තුස් වහන්සේ තුළ එක් අයෙක්ව

1967 ජනවාරි මාසයේදී, විනෙකොන් නගරය නිල විස්කොන්සින් ප්‍රාන්ත මාර්ග සිතියමෙන් වැරදීමකින් ඉවත් කර ඇති බව සොයා ගත් අතර, එමඟින් නගරයේ වැදගත් සංචාරක ආදායම අහිමි විය. එබැවින් නගරය විස්කොන්සින් වලින් වෙන් වී එම වසරේ ජූලි 21 වන දින තමන්ගේම ස්වෛරී රාජ්‍යයක් බවට පත්වීමට තීරණය කළේය. වෙන්වීම ප්‍රාන්ත රජය අපහසුතාවයට පත් කිරීමේ පියවරක් බව සමහරු පවසන අතර තවත් සමහරු එය හාස්‍යජනක ක්‍රියාවක්…

අමතක කිරීමට මතක තබා ගැනීම

කර්තෘ රිචඩ් මෝව් දකුණු අප්‍රිකාවේ කලු ජාතික දේව ධර්මාචාර්ය වරයෙක් ගැන පවසයි. ඔහු ජාතිවාදී කාලයේදී ලැබූ අඳුරු මතකයන් සමඟ පොර බැදුවේය. මෝව් මෙසේ ලිවීය: “මතකය” නිර්වචනය කරන්න කියා ගුරුවරියක විසින් අසන ලද අප්‍රිකානු දැරියකගේ කථාවක් ඔහු කීවේය. ඒ ගැන සිතා දරුවා පිළිතුරු දුන්නේ මතකය යනු මට මතක නැති කරන්න උපකාර කරන දෙයයි කියාය. දරුවන්ගේ මුවින්! මතක් කිරීමට අකමැති දේවල් බොහෝමයක්…

ඇටකටු යුද්ධ

1800 ගණන්වල බටහිර ඇමෙරිකාවේ ඩයිනෝසර් ඇටකටු සොයා යෑමේදී ඇටකටු යුද්ධ ඇති විය. වඩාත් ඓතිහාසික සොයා ගැනීම අයිතිකර ගැනීම සඳහා අස්ථි විද්‍යාඥයින් දෙදෙනෙක් එකිනෙකා සමඟ සටන් කළහ. ක්‍ෂේත්‍රයේ අනෙකාව පරාජය කිරීමට අනීතික කාරණාවල නියලුණහ. එක් ලේඛකයෙකුට අනුව අල්ලස, සොරකම, කටු විනාශ කිරීම යනාදියට පවා පෙළඹුණහ. එම ලේඛකයා සඳහන් කළේ එසේ කිරීමේදී ඔවුන් දෙදෙනා තමන්ගේම කීර්ති නාමය නැති කර ගත් බවයි.

අපගේ…

අපගේ තනිකමේදී අප සමඟය

හෙන්රි ඩේවිඩ් තෝරේ, නගරයක් යනු බොහෝ අය එක්ව තනිව සිටින ස්ථානයක් කියා විස්තර කරයි. එම වචන වල සත්‍යයක් දෝංකාර දෙන්නේය. මාගේ තරුණ කාල්යේදී “තනිවූ මහතා”, “තනි වූවන්ට පමණයි” සහ “එලියේනර් රග්බි” වැනි ගීත තනිකම සහ පාළුව අවධාරණය කළේය. මෑත කාලයේදී ලෝකය දැක ඇති තනිකමේ කාලය වසංගත කාලය විය. සමාජ මාධ්‍ය එම තනිකම පෝෂණය කළේ සම්බන්ධතාවයක් නොමැති සන්ධි කිරීමක් ඇති කරමිනි.…

ප්‍රථම වැදගත්කම

18 වන සියවසේ අග භාගයේ ඇතිවුනු ප්‍රංශ විප්ලවයේදී අරගල කණ්ඩායම් විසින් මරා දැමූ අයගෙන් එක් අයෙක් වූයේ තෝමස් ඩි මහී නම් වූ රදළයාය. එක් පුරා වෘතයකට අනුව ඔහු තම මරණ වරෙන්තුව කියවා එයට ප්‍රතිචාර දැක්වූයේ “අක්‍ෂර වින්‍යාශ වැරදි තුනක් ඔබ කර ඇති බව පෙනේ” යනුවෙනි. එය සත්‍යය නම් පෙනෙන පරිදි ඩි මහී වැදගත්ම කාරණය ප්‍රබල ලෙස ගණන් නොගෙන තිබේ. ඒ…

දෙවියන් වහන්සේ තුළ ශක්තිමත් වීම

මම කුඩා කාලයේදී මුහුදු කොල්ලකරුවන් ගැන කථා කියවීමට ආශා කළෙමි. එම වික්‍රමයන් මාගේ සිතුවිලි කෙතරම් චංචල කළේද? දැන් මම ජීවත් වන්නේ ඉතා දුෂ්ට මුහුදු මංකොල්ල කරුවෙක් වන කළු රැවුලාගේ (ඇත්ත නම එඩ්වර්ඩ් ටීච්) මූලස්ථානය තිබූ ප්‍රදේශයේය. ඔහුගේ නැව වන “ඈන් රැජිනගේ පළිගැනීම” වෙරළ අද්දරදී බිඳී ගොස් තිබුණි.

අපට පහසුවෙන් නටඹුන් සහ මහ මුහුදු ඉතිහාසය චමත්කාර ලෙස පෙන්විය හැකිය. කෙසේ වෙතත්…

ඛේදවාචකය තුළින් අලංකාරය

එංගලන්තයේ අලංකාර වැව් ප්‍රදේශයක් වන කොනිස්ටන් වෝටර් එක්සත් රාජ්‍යයේ පවුල් වලට විනෝද වීමට ඉතා ප්‍රසිද්ධ ස්ථානයක් වූයේය. බෝට්ටු පැදීමට, පිහිනීමට සහ අනිකුත් ජලක්‍රීඩා වලට මෙම ජලය අනර්ඝ විය. ඒ අලංකාර පරිශ්‍රය විශාල ඛේදවාචකයකට ඉවහල් විය. 1967 දී ඩොනල්ඩ් කැම්බල් ජලයේ වේග වාර්තාවක් තැබීම සඳහා ඔහුගේ ජල ගුවන් යානය වන බ්ලූබර්ඩ් කේ7 එහි පදවමින් සිටියේය. ඔහු ඉතා අධික වේගයක් වන පැ:…

නිර්භීත තෝරා ගැනීම

ෆ්‍රැන්කෝ සෙෆිරෙලී ජනප්‍රිය ෂෙක්ස්පියර්ගේ රොමියෝ ජුලියට් නාට්‍ය නිෂ්පාදනය කරන්න සුදානම් වෙද්දී ඔහු නිර්භීත තීරණයක් ගත්තේය. ඔහු ප්‍රධාන චරිත දෙකට අලුත්ම නලු නිලි  දෙපලක් තෝරා ගත්තේය. ඔහු කියා සිටියේ ෂේක්ස්පියර් මෙම කථාව ලියන කාලයේ එම චරිත වල වයසට ගැළපෙන දෙදෙනෙක් තෝරා ගත් බවයි. අවසානයේදී සෙෆිරෙලි රොමියෝ ලෙස දාහත් හැවිරිදි ලෙනාර්ඩ් වයිටිංද ජුලියට් ලෙස දහසය හැවිරිදි ඔලිවියා හසීද තෝරා ගත්තේය.

ජේසුස් වහන්සේද…