ගසක් උඩට වී
කුස්සියේ මේසය උඩ මාගේ පූස් පැටියා බනිස් සොරෙන් කනවා මාගේ මව දුටුවාය. කේන්ති ගොස් ඇය පූස් පැටියාව එළවා දැමුවාය. පැය ගණනකට පසු අපි වත්ත පුරා පූස් පැටියාව සෙවීමු. ඌ පෙනෙන්ට නොසිටියේය. ඤාව් ශබ්දයක් යාම්තමින් ඇසුණී. පුළුන් ගසක උඩ අත්තක කුඩා කළු ගුලියක් මම දිටීමි.
තම හැසිරීම නිසා කෝපවූ මගේ මවගෙන් බේරීමට "වෙල්වට්" ඊට වඩා අසීරු ඉලක්කයක් සොයා ගත්තාය. අපිත් සමහර…