දිරිය දෙන මිනිසුන්
“පූර්ණ දිරිය”. එය ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස් නිර්මාණ තුන ලියූ ජේ.ආර්.ආර්. ටොල්කීන් තම මිතුරා වූ සී.එස්. ලුවිස් දුන් පුද්ගලික සහයෝගය විස්තර කිරීමට භාවිත කළ වැකි කඩකි. ටොල්කිස් මෙම පොත් පෙළ නිම කිරීමට විශාල වෙහෙසක් ගත්තේය. එසේම ඔහු පුද්ගලිකවම දීර්ඝ අත් පිටපත දෙවරකට වඩා තනිවම යතුරු ලියනය කළේය. ඔහු ඒවා ලුවිස්ට යැවූ විට ලුවිස්ගේ ප්‍රතිචාරය වූයේ “ඔබ වැය කළ දිගු වසර…
නොමණින ලද කරුණාවන්තකම
මිතුරන් දෙදෙනෙක් ලැප්ටොප් යන්ත්‍රයක් මිළදී ගැනීම සඳහා සොයමින් සිටින අතරතුර ශ්‍රේෂ්ඨ පැසි පන්දු ක්‍රීඩක ෂකීල් ඕනීල්ව ඔවුන්ට මුණ ගැසුණි. මෑතකදී ඕනීල්ගේ සහෝදරියක් සහ කණ්ඩායම් සාමාජිකයෙක් මිය ගොස් තිබූ බව දැන සිටි මිතුරන් දෙදෙනා ඔහුට තම ශෝකය ප්‍රකාශ කළහ. ඔවුන් නැවත ලැප්ටොප් සොයමින් ගියහ. එවෙලේ ෂක් එතැනට පැමිණ ඔවුන් කැමතිම ලැප්ටොප් එක තෝරා ගන්න කියා කීවේය. එවිට ඔහු එයට මුදල් ගෙච්චේ…
මායිම්වලට එහා ගිය ප්‍රේමයක්
“දෙවියන්වහන්සේ අපට ඉතා යහපත් වූ සේක. අපගේ විවාහ සංවත්සරය නිසා මම උන්වහන්සේට ස්තුති කරමි”. ටෙරිගේ කටහඬ ස්ථිර වූ අතර ඇගේ ඇස් වල තිබූ කඳුළු ඇගේ විශ්වාසවන්තකම පෙන්වීය. අපගේ කුඩා කණ්ඩායමේ සිටි අය අතිීශයින් සංවේදි වූහ. ටෙරි සහ ඇගේ ස්වාමිපුරුෂයා අතර තිබූ පසුගිය අතීතය ගැන අපි දැන සිටියෙමු. ඇදහිලිවන්තයෙක් වූවත් රොබට් ක්‍ෂණික තදබල මානසික රෝගයකින් පීඩා වින්දේය. ඔහුගේ අතින් ඔවුන්ගේ සිව්…
විශ්වාස කිරීම දැකීම වන විට
“මම දකින දෙය මට විශ්වාස කරන්නත් නොහැකිය” කියා මගේ භාර්යාව වන කේරි ජනේලය අසලට මා කැඳවා අපගේ වැටට පිටතින් කැලයේ වැඩුණු මුව දෙනක් එහා මෙහා දුව පනිමින් සිටින ආකාරය පෙන්නුවාය. අපගේ විශාල බල්ලන් දෙදෙනාද වැටට ඇතුළතින් මුවදෙන යන පැත්තට එහාට මෙහාට දුවමින් සිටියහ. නමුත් ඔවුන් බිරුවේ නැත. පැයක් පමණ ඔවුන් එහාටත් මෙහාටත් ගමන් කළහ. මුව දෙන නැවතී ඔවුන් දෙස බැලූ…
වරදකරුවෙක් වී නිදිහස් වීමි
“මම ඒක කළේ නැහැ”. එය බොරුවකි. දෙවියන්වහන්සේ මාව නතර කරන තුරු මම එසේ කියා නිදහස් වීමි. මම විද්‍යාලයේ සිටිද්දී සංගීත ප්‍රසංගයක් අතර තුර සංගීත කණ්ඩායමට පිටුපසින් සිට ඔවුන්ට කෙළ බෝල වලින් පහර දුන් කණ්ඩායමට මමද එකතු වීමි. අපගේ අධ්‍යක්‍ෂක විශේෂ කාර්ය බලකා භටයෙක් වූ අතර විනය ගැන ප්‍රසිද්ධව සිටියේය. මම ඔහුට අතීශයින් බිය වීමි. ඒ හෙයින් මාගේ පාපයට හවුල් වූ…
යාච්ඤාවට කැපවී සිටීම
“මම ඔබ වෙනුවෙන් වසර පනහක් යාච්ඤා කළෙමි” කියා වැඩිහිටි කාන්තාව කීවාය. මගේ මිතුරා වන ලූ මහත් කෘතඥතාවයෙන් යුතුව ඇය දෙස බැලුවේය. ඔහු තම පියා හැදී වැඩී යෞවනයෙකු කාලයේ ඉවත්ව ගිය බල්ගේරියානු ගම බැලීමට ගොස් තිබුණි. යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තියක් වන කාන්තාව ජීවත් වූයේ ඔහුගේ සීයාගේ ගෙවල් අසළය. මහද්වීපයකට එහා ලූ ඉපදුන බව දැනගත් මොහොතේ සිට ඇය ඔහු වෙනුවෙන් යාච්ඤා කිරීම ආරම්භ…
ත්‍යාගශීලිව දීම සහ බෙදා ගැනීම
මගේ භාර්යාව සහ මම උසස් අධ්‍යාපනය අවසන් කළ පසු ඩොලර් දහස් ගණනක ණයක් අපට තිබූ අතර අපට එය අඩු පොලී සහිතව ගෙවා දැමීමට අවශ්‍ය විය. ණයක් සඳහා අපි නගරයේ බැංකුවකට අයදුම් කළ නමුත් අප එම නගරයේ වැඩි කාලයක් පදිංචි වී හෝ රැකියාවක් හෝ කර නොමැති නිසා අයදුම්පත ප්‍රතික්ෂේප වුනි. දින කිහිපයකට පසු අප සභාවේ වැඩිමහල්ලෙක් වන මිං සමග සිදුවූ සියල්ල…
යේසුස්වහන්සේගේ අධිකාරීත්වය
යේසුස්වහන්සේ මගේ පුතා ජෙෆ්ව මත් ද්‍රව්‍යවලින් මුදවා ගෙන වසර ගණනාවක් ගතව තිබුණත් මට තවමත් කණස්සලු තිබුණි. අපි බොහෝ දේවල් තුළින් ගියෙමු. එසේ හෙයින් මගේ අවධානය බොහෝ විට ඔහුගේ අසීරු අතීතය ගැන මිස ඔහු ගැන වූ දෙවියන්වහන්සේගේ අනාගතය ගැන නොසිතුවෙමි. මත්ද්‍රව්‍ය ලෝලීන්ගේ දෙමාපියන් බොහෝ විට නැවත වැටීම් ගැන කණස්සලු වෙති. එක් දිනක් පවුලේ එකතුවීමකදී මම ජෙෆ්ව පසෙකට කැඳවා “මතක තබා ගන්න.…
ප්‍රශංසාවේ මිටියාවත
කවියෙක් වූ විලියම් කව්පර් ඔහුගේ ජීවිතයේ බොහෝ කාලයක් මානසික විශාදිය සමග පොර බැදුවේය. සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමකින් පසුව ඔහුව මානසික රෝහලකට ඇතුළත් කෙරුණි. එහිදී කිතුනු වෛද්‍ය වරයෙක්ගේ සැළකිල්ල තුළින් කව්පර් යේසුස්වහන්සේ තුළ උණුසුම් අගනා ඇදහිල්ලකට පැමිණියේය. ඉන්පසුව ඔහු සභාපාලක සහ ගීතිකා රචක ජෝන් නිව්ටන් හඳුනා ගත් අතර ඔවුන්ගේ සභාවට ගීතිකා පොතක් රචනා කරන්න ජෝන් නිව්ටන් ඔහුව දිරි ගැන්වූයේය. ඔහු…
අයිතිකරුද නැත්නම් භාරකරුද?
“මම අයිතිකරුද නැත්නම් භාරකරුද?” තම පවුලට වඩාත් හොඳම දෙය කුමක්දැයි යන්න ගැන සිතන ලොව දැවැන්ත සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා තමාගෙන්ම මෙම ප්‍රශ්නය ඇසුවේය. අධික වස්තුව සමග පැමිණිය හැකි පරීක්‍ෂාවන්ගේ අභියෝගයන් තම උරුමක්කාරයින් මත පැටවීමට ඔහුට අවශ්‍ය නොවීය. එම නිසා ඔහු තම සමාගමේ අයිතිය අත හැර භාරකාර මණ්ඩලයකට පැවරීය. තමාට අයිති සියල්ල දෙවියන්වහන්සේට අයිති බව තේරුම් ගෙන රැකියාව ජීවනෝපායකට හුවමාරු කිරීමට…